13. 1. 10.
සප්පායකාරී සූත්‍රය
671. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම සමාධියෙහි අංග දැනීමෙහි සමත්වෙයි, සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි අදක්ෂ වෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධි උපකාර ධර්මයන් පිරීමෙහි දක්ෂවෙයි, සමාධියෙහි අංග දැනීමෙහි අදක්ෂවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් අදක්ෂ වෙයි. සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහිත් අදක්ෂ වෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් දක්ෂ වෙයි, සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහිත් දක්ෂවෙයි.
මහණෙනි, එහි යම් ඒ ධ්‍යානලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් සමත්වේද සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහිත් දක්ෂවේද, මේ තෙමේ මේ ධ්‍යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රධානද, උතුම්ද, උසස්ද වෙයි.
මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද... එපරිද්දෙන්ම මහණෙනි, යම් ඒ ධ්‍යානලාභි පුද්ගලයෙක් සමාධියෙහි අංග දැනීමෙහිත් දක්ෂ වෙයි, සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහිත් දක්ෂවෙයි, මේ තෙමේ මේ ධ්‍යානලාභී පුද්ගලයන් සතර දෙනාගෙන් අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රමුඛද, උතුම්ද, උසස්ද වේයයි’ වදාළේය.
13. 1. 11.
සමාපත්තිඨිතිකුසල සූත්‍රය
672. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි, සමාපත්තියෙහි සිටීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාපත්තියෙහි සිටීමෙහි සමත් වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත් නොවෙයි, සමාපත්තියෙහි සිටීමෙහිද සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත්වෙයි, සමාපත්තියෙහි සිටීමෙහිද සමත්වෙයි.
මහණෙනි, එහි යම් ඒ ධ්‍යානලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත්වෙයි, සමාපත්තියෙහි සිටීමෙහිද සමත්වෙයි, මේ තෙමේ මේ ධ්‍යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රධානද, උතුම්ද, උසස්ද වෙයි. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද, කිරට වඩා දී... උසස්ද වේයයි’ වදාළේය.
13. 1. 12.
සමාපත්තිවුට්ඨානකුසල සූත්‍රය
673. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි. සමාධියෙහි සමවතින් නැගිටීමෙහි සමත් නොවෙයි.