13. 1. 11.
සමාපත්තිඨිතිකුසල සූත්‍රය
672. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි, සමාපත්තියෙහි සිටීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාපත්තියෙහි සිටීමෙහි සමත් වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත් නොවෙයි, සමාපත්තියෙහි සිටීමෙහිද සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත්වෙයි, සමාපත්තියෙහි සිටීමෙහිද සමත්වෙයි.
මහණෙනි, එහි යම් ඒ ධ්‍යානලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත්වෙයි, සමාපත්තියෙහි සිටීමෙහිද සමත්වෙයි, මේ තෙමේ මේ ධ්‍යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රධානද, උතුම්ද, උසස්ද වෙයි. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද, කිරට වඩා දී... උසස්ද වේයයි’ වදාළේය.
13. 1. 12.
සමාපත්තිවුට්ඨානකුසල සූත්‍රය
673. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි. සමාධියෙහි සමවතින් නැගිටීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතින් නැගිටීමෙහි සමත් වෙයි. සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත් නොවෙයි. සමාධියෙහි සමවතින් නැගිටීමෙහිද සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත් වෙයි, සමාධියෙහි සමවතින් නැගිටීමෙහිද සමත් වෙයි.
මහණෙනි, එහි යම් ඒ ධ්‍යානලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත්වෙයි, සමාධියෙහි සමවතින් නැගිටීමෙහිද සමත්වෙයි, මේ තෙමේ මේ ධ්‍යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රධානද, උතුම්ද, උසස්ද වෙයි. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද... උසස්ද වේයයි’ වදාළේය.
13. 1. 13.
සමාපත්තිකල්ලිතකුසල සූත්‍රය
674. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි. සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත් නොවෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිද සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත් වෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිද සමත්වෙයි.
මහණෙනි, එහි යම් ඒ ධ්‍යානලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත්වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිද සමත්වෙයි, මේ තෙමේ මේ ධ්‍යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රධානද, උතුම්ද, උසස්ද වෙයි. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද... උසස්ද වේයයි’ වදාළේය.
13. 1. 14.
සමාපත්ති ආරම්මණ කුසල සූත්‍රය
675. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වෙයි, සමාධියෙහි ආරම්මණයන්හි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි ආරම්මණයන්හි සමත් වෙයි. සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි ආරම්මණයන්හිත් සමත් නොවෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහිත් සමත් නොවෙයි.