12. 1. 4.
4. සංඛාර අඤ්ඤාණ සූත්‍රය
610. සැවැත් නුවරදී ය:
එකත්පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්‍යය කියා හෝ... (පෙ)... ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“වච්ඡය, සංස්කාරයන්හි නොදැනීම නිසා, සංස්කාර හටගැනීමේ හේතුව නොදැනීම නිසා, සංස්කාර නිරුද්ධවීම නොදැනීම නිසා, සංස්කාර නිරුද්ධවීමේ මාර්ගය නොදැනීම නිසා මේ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්: ‘ලෝකය නිත්‍යය කියා හෝ... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය. වච්ඡය, මේ ඊට හේතුවයි, මේ ඊට ප්‍රත්‍යයයි.”
12. 1. 5.
5. විඤ්ඤාණ අඤ්ඤාණ සූත්‍රය
611. සැවැත් නුවරදී ය:
එකත්පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්‍යය කියා හෝ... (පෙ)... ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“වච්ඡය, විඤ්ඤාණයේ නොදැනීම නිසා, විඤ්ඤාණය හටගැනීමේ හේතුව නොදැනීම නිසා, විඤ්ඤාණයේ නිරුද්ධවීම නොදැනීම නිසා, විඤ්ඤාණ නිරෝධගාමිණී ප්‍රතිපදාව නොදැනීම නිසා මේ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්: ‘ලෝකය නිත්‍යය කියා හෝ... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය. වච්ඡය, මේ ඊට හේතුවයි, මේ ඊට ප්‍රත්‍යයයි.”
12. 1. 6.
6. රූප අදස්සන සූත්‍රය
612. සැවැත් නුවරදී ය:
එකත්පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්‍යය කියා හෝ... (පෙ)... ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“වච්ඡය, රූපය නොදැකීම නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”
12. 1. 7.
7. වෙදනා අදස්සන සූත්‍රය
613. සැවැත් නුවරදී ය:
“වච්ඡය, වේදනාවෙහි නොදැකීම නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”