1. වච්ඡගොත්ත වර්ගය
12. 1. 1.
1. අඤ්ඤාණ සූත්රය
607. සැවැත් නුවරදී ය:
ඉක්බිති වච්ඡගොත්ත නම් පරිබ්රාජකයා භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු සිහිකටයුතු කථාවන් කොට නිමවා එකත් පසෙක උන්නේය. එකත් පසක හුන් ඒ වච්ඡගොත්ත පරිබ්බාජකයා භාග්යවතුන් වහන්සේට මෙය කීයේය.
“භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්යය කියා හෝ ලෝකය නිත්ය නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ එයම ජීවයයි එයම ශරීරයයි කියා හෝ ජීවය අනිකකි ශරීරය අනිකකි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ වේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි. නොවන්නේද නොවෙයිද’ කියා හෝයි ඊට හේතුව කවරේද? ප්රත්යය කවරේද?”
“වච්ඡය රූපයෙහි නොදැනීම නිසා රූපයන් හට ගැනීමේ හේතුව නොදැනීම නිසා රූප නිරුද්ධවීමෙහි නොදැනීම නිසා රූප නිරුද්ධ වීමේ ප්රතිපදාව නොදැනීම නිසා මේ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්: ‘ලෝකය නිත්යය කියා හෝ ලෝකය නිත්ය නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ එයම ජීවයයි එයම ශරීරයයි කියා හෝ ජීවය අනිකකි ශරීරය අනිකකි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ වේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ නොවේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ නොවන්නේදවෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය. වච්ඡය, මේ ඊට හේතුවයි, මේ ඊට ප්රත්යයයි.”
12. 1. 2.
2. වෙදනා අඤ්ඤාණ සූත්රය
608. සැවැත් නුවරදී ය:
එකත්පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්රාජකයා භාග්යවතුන් වහන්සේට මෙය කීයේය: “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්යය කියා හෝ ලෝකය නිත්ය නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ එයම ජීවයයි එයම ශරීරයයි කියා හෝ ජීවය අනිකකි ශරීරය අනිකකි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ වේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි. නොවන්නේද නොවෙයිද’ කියා හෝයි ඊට හේතුව කවරේද? ප්රත්යය කවරේද?”
“වච්ඡය, වේදනාවෙහි නොදැනීම නිසා, වේදනාව හටගැනීමේ හේතුවෙහි නොදැනීම නිසා, වේදනාව නිරුද්ධ වීමෙහි නොදැනීම නිසා, වේදනාව නිරුද්ධවීමේ ප්රතිපදාවෙහි නොදැනීම නිසා මේ නොයෙක් දෘෂ්ටීහු උපදිත්: ‘ලෝකය නිත්යය කියා හෝ... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය. වච්ඡය, මේ ඊට හේතුවයි, මේ ඊට ප්රත්යයයි.”
12. 1. 3.
3. සඤ්ඤා අඤ්ඤාණ සූත්රය
609. සැවැත් නුවරදී ය:
එකත්පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්රාජකයා භාග්යවතුන් වහන්සේට මෙය කීයේය: “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්යය කියා හෝ... (පෙ)... ඊට හේතුව කවරේද? ප්රත්යය කවරේද?”
“වච්ඡය, සඤ්ඤාවෙහි නොදැනීම නිසා, සඤ්ඤාව හටගැනීමේ හේතුව නොදැනීම නිසා, සඤ්ඤාව නිරුද්ධවීම නොදැනීම නිසා, සඤ්ඤාව නිරුද්ධවීමේ ප්රතිපදාව නොදැනීම නිසා මෙසේ නොයෙක් දෘෂ්ටීහු උපදිත්: ‘ලෝකය නිත්යය කියා හෝ... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය. වච්ඡය, මේ ඊට හේතුවයි, මේ ඊට ප්රත්යයයි.”
12. 1. 4.
4. සංඛාර අඤ්ඤාණ සූත්රය
610. සැවැත් නුවරදී ය:
එකත්පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්රාජකයා භාග්යවතුන් වහන්සේට මෙය කීයේය: “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්යය කියා හෝ... (පෙ)... ඊට හේතුව කවරේද? ප්රත්යය කවරේද?”
“වච්ඡය, සංස්කාරයන්හි නොදැනීම නිසා, සංස්කාර හටගැනීමේ හේතුව නොදැනීම නිසා, සංස්කාර නිරුද්ධවීම නොදැනීම නිසා, සංස්කාර නිරුද්ධවීමේ මාර්ගය නොදැනීම නිසා මේ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්: ‘ලෝකය නිත්යය කියා හෝ... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය. වච්ඡය, මේ ඊට හේතුවයි, මේ ඊට ප්රත්යයයි.”