12. 1. 5.
5. විඤ්ඤාණ අඤ්ඤාණ සූත්‍රය
611. සැවැත් නුවරදී ය:
එකත්පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්‍යය කියා හෝ... (පෙ)... ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“වච්ඡය, විඤ්ඤාණයේ නොදැනීම නිසා, විඤ්ඤාණය හටගැනීමේ හේතුව නොදැනීම නිසා, විඤ්ඤාණයේ නිරුද්ධවීම නොදැනීම නිසා, විඤ්ඤාණ නිරෝධගාමිණී ප්‍රතිපදාව නොදැනීම නිසා මේ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්: ‘ලෝකය නිත්‍යය කියා හෝ... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය. වච්ඡය, මේ ඊට හේතුවයි, මේ ඊට ප්‍රත්‍යයයි.”
12. 1. 6.
6. රූප අදස්සන සූත්‍රය
612. සැවැත් නුවරදී ය:
එකත්පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්‍යය කියා හෝ... (පෙ)... ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“වච්ඡය, රූපය නොදැකීම නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”
12. 1. 7.
7. වෙදනා අදස්සන සූත්‍රය
613. සැවැත් නුවරදී ය:
“වච්ඡය, වේදනාවෙහි නොදැකීම නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”
12. 1. 8.
8. සඤ්ඤා අදස්සන සූත්‍රය
614. සැවැත් නුවරදී ය:
“වච්ඡය, සඤ්ඤාවේ නොදැකීම නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”
12. 1. 9.
9. සංඛාර අදස්සන සූත්‍රය
615. සැවැත් නුවරදී ය:
“වච්ඡය, සංස්කාරයන්හි නොදැකීම නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”
12. 1. 10.
10. විඤ්ඤාණ අදස්සන සූත්‍රය
616. සැවැත් නුවරදී ය:
“වච්ඡය, විඤ්ඤාණයෙහි නොදැකීම නිසා, විඤ්ඤාණ සමුදය නොදැකීම නිසා, විඤ්ඤාණ නිරෝධය නොදැකීම නිසා, විඤ්ඤාණ නිරෝධගාමිණී ප්‍රතිපදාව නොදැකීම නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.” (මෙසේ මුල කී පරිදි පඤ්ච ස්කන්ධය පස් ආකාරයකින් විස්තර කටයුතුයි.)
12. 1. 11.
11. රූප අනභිසමය සූත්‍රය
617. සැවැත් නුවරදී ය:
එකත්පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්‍යය කියා හෝ... (පෙ)... ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“වච්ඡය, රූපයෙහි අවබෝධය නැති නිසා... (පෙ)...”
12. 1. 12.
12. වෙදනා අනභිසමය සූත්‍රය
618. සැවැත් නුවරදී ය:
“වච්ඡය, වේදනාවෙහි අවබෝධය නැති නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”