1. 3. 5. 7.
අත්තානු දිට්ඨි සූත්රය
156. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් නිසා කුමකට පිවිස ආත්මානු දෘෂ්ටිය උපදීද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.”
“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස ආත්මානු දෘෂ්ටිය උපදී. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පිවිස ආත්මානු දෘෂ්ටිය උපදී. සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට පිවිස ආත්මානු දෘෂ්ටිය උපදී. සංස්කාරයන් ඇති කල්හි සංස්කාරයන් නිසා සංස්කාරයන්ට පිවිස ආත්මානු දෘෂ්ටිය උපදී. විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණයට පිවිස ආත්මානු දෘෂ්ටිය උපදී.”
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? රූපය නිත්යද? අනිත්යද?” - “ස්වාමීනි, අනිත්යය.”
“යමක් අනිත්යනම්, එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් ආත්මානු දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, මෙය නොවේමය.”
“වේදනාව නිත්යද, අනිත්යද?” - “ස්වාමීනි, අනිත්යය.” “සංඥාව නිත්යද? අනිත්යද?” - “ස්වාමීනි, අනිත්යය.” “සංස්කාරයන් නිත්යද, අනිත්යද?” - “ස්වාමීනි, අනිත්යය.” “විඥාණය නිත්යද, අනිත්යද?” - “ස්වාමීනි, අනිත්යය.”
“යමක් අනිත්ය නම් එය දුකද; සැපද?” - “ස්වාමීනි, දුකය.’ “යමක් අනිත්යනම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් අනිත්ය නම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් අනිත්යනම්, එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවද එය තදින් අල්ලා නොගැනීමෙන් ආත්මානු දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, මෙය නොවේමය.” “යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් ආත්මානු දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි මෙය නොවේමය.” “යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් ආත්මානු දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, මෙය නොවේමය.” “යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් ආත්මානු දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි මෙය නොවේමය.
මෙසේ දක්නාවූ, අශ්රැතවත් ආර්යශ්රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නො ඇලෙයි (ඵලයට පැමිණීමෙන්) නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි නුවණ (පහළ) වෙයි. ජාතිය කෙළවර විය. බ්රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේ යයි දනියි.” යනුයි. (හත්වෙනි අත්තානු දිට්ඨි සූත්රය නිමි.)
1. 3. 5. 8.
විනිවේස සූත්රය
157. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කුමක් ඇතිකල්හි, කුමක් නිසා, කුමකට පිවිස, සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම ඇතිවෙත්ද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි මේ කීමේ අදහස භාග්යවතුන් වහන්සේ විසින්ම කියාදෙතොත් ඉතා හොඳය.”
“මහණෙනි, රූපය ඇතිකල්හි, රූපය නිසා, රූපයට පිවිස, සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම උපදිත්. වේදනාව ඇති කල්හි, වේදනාව නිසා, වේදනාවට පිවිස, සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම උපදිත්. සංඥාව ඇති කල්හි, සංඥාව නිසා, සංඥාවට පිවිස, සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම ඇතිවෙත්. සංස්කාරයන් ඇති කල්හි, සංස්කාරයන් නිසා, සංස්කාරයන්ට පිවිස, සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම උපදිත්. විඤ්ඤාණය ඇති කල්හි, විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පිවිස, සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම උපදිත්.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? රූපය නිත්යද? අනිත්යද?” - “ස්වාමීනි, අනිත්යයි.”
“යමක් අනිත්යනම් එය දුකද සැපද?” - ස්වාමීනි, දුකයි.”
“යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“වේදනාව නිත්යද, අනිත්යද?” - “ස්වාමීනි අනිත්යයි.” “සඤ්ඤාව නිත්යද, අනිත්යද?” - “ස්වාමීනි, අනිත්යයි.” “සංස්කාරය නිත්යද, අනිත්යද?” - “ස්වාමීනි, අනිත්යයි” “විඤ්ඤාණය නිත්යද? අනිත්යද?” - “ස්වාමීනි, අනිත්යයි.”
“යමක් අනිත්ය නම් එය දුකද සැපද” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්ය නම් එය දුකද සැපද යනුයි.”- “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්ය නම් එය දුකද සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙළීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි එය නොවේමය.” “යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙළීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි, එය නොවේමය.” “යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙළීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි, එය නොවේමය.” “යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙළීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“මෙසේ දක්නේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයෙහිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ පහළවෙයි. ජාතිය ක්ෂයවිය. බ්රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගනියි.” යනුයි. (අටවෙනි විනිවේස සූත්රය නිමි.)
1. 3. 5. 9.
විනිවේස සූත්රය
158. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් නිසා, කුමකට පිවිස, සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදිත්ද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.
“මහණෙනි, රූපය ඇතිකල්හි, රූපය නිසා, රූපයට පිවිස. සංයෝජනයන්හි වෙලී බැඳී, ඇලී උපදිත් වේදනාව ඇතිකල්හි වේදනාව නිසා, වේදනාවට පිවිස, සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී, උපදිත්. සංඥාව ඇතිකල්හි, සංඥාව නිසා සංඥාවට පිවිස, සංයෝජනයන්හි වෙලී බැඳී ඇලී උපදිත්. සංස්කාරයන් ඇතිකල්හි, සංස්කාරයන් නිසා, සංස්කාරයන්ට පිවිස සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදිත් විඤ්ඤාණය ඇතිකල්හි, විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පිවිස, සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදිත්.