1. 3. 5. 8.
විනිවේස සූත්‍රය
157. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කුමක් ඇතිකල්හි, කුමක් නිසා, කුමකට පිවිස, සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම ඇතිවෙත්ද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියාදෙතොත් ඉතා හොඳය.”
“මහණෙනි, රූපය ඇතිකල්හි, රූපය නිසා, රූපයට පිවිස, සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම උපදිත්. වේදනාව ඇති කල්හි, වේදනාව නිසා, වේදනාවට පිවිස, සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම උපදිත්. සංඥාව ඇති කල්හි, සංඥාව නිසා, සංඥාවට පිවිස, සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම ඇතිවෙත්. සංස්කාරයන් ඇති කල්හි, සංස්කාරයන් නිසා, සංස්කාරයන්ට පිවිස, සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම උපදිත්. විඤ්ඤාණය ඇති කල්හි, විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පිවිස, සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම උපදිත්.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් අනිත්‍යනම් එය දුකද සැපද?” - ස්වාමීනි, දුකයි.”
“යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“වේදනාව නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යයි.” “සඤ්ඤාව නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.” “සංස්කාරය නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි” “විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් අනිත්‍ය නම් එය දුකද සැපද” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍ය නම් එය දුකද සැපද යනුයි.”- “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍ය නම් එය දුකද සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙළීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි එය නොවේමය.” “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙළීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි, එය නොවේමය.” “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙළීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි, එය නොවේමය.” “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙළීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“මෙසේ දක්නේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයෙහිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ පහළවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගනියි.” යනුයි. (අටවෙනි විනිවේස සූත්‍රය නිමි.)
1. 3. 5. 9.
විනිවේස සූත්‍රය
158. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් නිසා, කුමකට පිවිස, සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදිත්ද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.
“මහණෙනි, රූපය ඇතිකල්හි, රූපය නිසා, රූපයට පිවිස. සංයෝජනයන්හි වෙලී බැඳී, ඇලී උපදිත් වේදනාව ඇතිකල්හි වේදනාව නිසා, වේදනාවට පිවිස, සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී, උපදිත්. සංඥාව ඇතිකල්හි, සංඥාව නිසා සංඥාවට පිවිස, සංයෝජනයන්හි වෙලී බැඳී ඇලී උපදිත්. සංස්කාරයන් ඇතිකල්හි, සංස්කාරයන් නිසා, සංස්කාරයන්ට පිවිස සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදිත් විඤ්ඤාණය ඇතිකල්හි, විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පිවිස, සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදිත්.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදින්නාහුද?” - “ස්වාමීනි, මෙය නොවේමය.”
“වේදනාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “සඤ්ඤාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යය.” “සංස්කාරයෝ නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “විඥානය නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි! දුකය.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් අනිත්‍යනම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යනම්, එය දුකද, සැපද?” - ස්වාමීනි දුකයි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින්අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙලී, බැඳී ඇලී උපදින්නාහුද?” - “ස්වාමීනි, මෙයනොවේමය.” “යමක් වනාහි අනිත්‍යද දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදින්නාහුද?” - “ස්වාමීනි, මෙය නොවේමය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදින්නාහුද?” - “ස්වාමීනි, එසේ නොවේමය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදින්නාහුද?” - “ස්වාමීනි, එයනොවේමය.”
“මෙසේ දක්නාවූ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි. විඥානයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි නුවණින් (පහළ) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. මතු ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගනියි.” (නවවෙනි විනිවේස සූත්‍රය නිමි)
1. 3. 5. 10.
ආනන්ද සූත්‍රය
159. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින්කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක සිටියාවූ ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම්ධර්මයක් අසා හුදකලාව, විවේකීව, අප්‍රමාදව, කෙළෙස් තවන වීර්ය ඇතිව වාසය කෙරෙම්ද, (එබඳුවූ) ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දේශනා කරන්නාහු නම් මැනවි” යනුයි.
“ආනන්දය, ඒ කුමකැයි හඟනාහුද? “රූපය නිත්‍යද අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“වේදනාව නිත්‍යයද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “සංඥාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “සංස්කාරය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යය.” “විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” - “ස්වාමීනි, එය නොවේමය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් ‘මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” - “ස්වාමීනි, එය එසේ නොවේමය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් ‘මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” - “ස්වාමීනි, එය එසේ නොවේමය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” - “ස්වාමීනි, එය එසේ නොවේමය.”