1. 3. 2. 5.
5. බන්ධන සූත්රය
117. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි ආර්යයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි දක්ෂනොවූ ආර්ය ධර්මයෙහි නොහික්මුනාවූ සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ අශ්රැතවත් පෘථග්ජනතෙමේ රූපය ආත්මය වශයෙන් දකියිද ආත්මය රූපවත්යයි හෝ දකියිද රූපය ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියිද ආත්මය රූපය කෙරෙහි පිහිටියේයයි දකියිද, මහණෙනි, මේ අශ්රැතවත් පෘථග්ජනතෙමේ රූපබන්ධනයෙන් බැඳුණාවූ ඇතුළත පිටත බන්ධනයෙන් බැඳුණාවූ එතෙර නොදක්නාවූ පරතෙර නොදක්නාවූ පුද්ගලයායයි කියනු ලැබේ. ක්ලෙශයන්ගෙන් බැඳුණෙක්ව උපදියි. බැඳුණෙක්ව මැරෙයි. බැඳුණෙක්ව මෙලොවින් පරලොව යයි.
“වේදනාව ආත්මය වශයෙන් දකියිද ආත්මය වේදනාවත්යයි හෝ දකියිද, වේදනාව ආත්මය කෙරෙහි ඇතැයි දකියිද, ආත්මය වේදනාව කෙරෙහි පිහිටියේයයි දකියිද, මහණෙනි, මේ අශ්රැතවත් පෘථග්ජනතෙමේ වේදනා බන්ධනයෙන් බැඳුණාවූ ඇතුළත පිටත බැඳීමෙන් බැඳුණාවූ එතෙර නොදක්නාවූ පරතෙර නොදක්නාවූ පුද්ගලයායයි කියනු ලැබේ. කෙලෙසුන්ගෙන් බැඳුනෙක්ව උපදියි. බැඳුනෙක්ව මියයයි. බැඳුනෙක්ව මෙලොවින් පරලොවට යයි.
“සඤ්ඤාව ආත්මය වශයෙන් දකියිද ආත්මය සංඥාවත්යයි හෝ දකියිද, සංඥාව ආත්මය කෙරෙහි ඇතැයි දකියිද ආත්මය සංඥාව කෙරෙහි පිහිටියේයයි දකියිද, මහණෙනි, මේ අශ්රැතවත් පෘථග්ජනතෙමේ සංඥා බන්ධනයෙන් බැඳුණාවූ ඇතුළත පිටත බැඳීමෙන් බැඳුනාවූ එතෙර නොදක්නාවූ පරතෙර නොදක්නාවූ පුද්ගලයායයි කියනු ලැබේ. කෙලෙසුන්ගෙන් බැඳුනෙක්ව උපදියි. බැඳුනෙක්ව මියයයි. බැඳුනෙක්ව මෙලොවින් පරලොවට යයි. “සංස්කාරයන් ආත්මය වශයෙන් දකියිද, ආත්මය සංස්කාරවත්යයි හෝ දකියිද, සංස්කාර ආත්මය කෙරෙහි ඇතැයි දකියිද, ආත්මය සංස්කාර කෙරෙහි පිහිටියේයයි දකියිද, මහණෙනි, මේ අශ්රැතවත් පෘථග්ජනතෙමේ සංස්කාර බන්ධනයෙන් බැඳුනාවූ ඇතුළත පිටත බැඳීමෙන් බැඳුනාවූ එතෙර නොදක්නාවූ පරතෙර නොදක්නාවූ පුද්ගලයායයි කියනු ලැබේ. කෙලෙසුන්ගෙන් බැඳුනෙක්ව උපදියි. බැඳුනෙක්ව මියයයි. බැඳුනෙක්ව මෙලොවින් පරලොවට යයි.
“විඤ්ඤාණය ආත්ම වශයෙන් දකියිද, ආත්මය විඤ්ඤාණවත්යයි හෝ දකියිද, විඤ්ඤාණය ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියිද, ආත්මය විඤ්ඤාණය කෙරෙහි හෝ පිහිටියේයයි දකියිද, මහණෙනි, මේ අශ්රැතවත් පෘථග්ජන තෙමේ විඤ්ඤාණ බන්ධනයෙන් බැඳුනාවූ ඇතුළත පිටත බැඳීමෙන් බැඳුනාවූ එතෙර නොදක්නාවූ පරතෙර නොදක්නාවූ පුද්ගලයායයි කියනු ලැබේ. කෙලෙසුන්ගෙන් බැඳුනක්ව උපදියි. බැඳුනක්ව මියයයි. බැඳුනක්ව මේ ලොවින් පරලොවට යයි.
“මහණෙනි, ආර්යයන් දක්නාවූ ආර්ය ධර්මයෙහි දක්ෂවූ ආර්ය ධර්මයෙහි හික්මුනාවූ සත්පුරුෂයන් දක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ ශ්රැතවත් ආර්ය ශ්රාවක තෙමේ රූපය ආත්මය වශයෙන් නොදකියිද, ආත්මය රූපවත්යයි හෝ නොදකියිද, රූපය ආත්මය කෙරෙහි හෝ ඇතැයි නොදකියිද, ආත්මය රූපය කෙරෙහි හෝ පිහිටියේයයි නොදකියිද, මහණෙනි, මේ ශ්රැතවත් ආර්ය ශ්රාවකතෙමේ රූප බන්ධනයෙන් නොබැඳුනාවූ ඇතුළත පිටත බන්ධනයෙන් නොබැඳුනාවූ පුද්ගලයායයි කියනු ලැබේ. එතෙර දක්නේ පරතෙර දක්නේ දුකින් මනාකොට මිදුනේයයි කියමි.
“වේදනාව ආත්ම වශයෙන් නොදකියිද, ආත්මය වේදනාවත්යයි හෝ නොදකියිද, වේදනාව ආත්මය කෙරෙහි හෝ ඇතැයි නොදකියිද, ආත්මය වේදනාව කෙරෙහි හෝ පිහිටියේයයි නොදකියිද, මහණෙනි, බොහෝ ඇසූ පිරූ තැන් ඇති මේ ආර්යශ්රාවකතෙමේ වේදනා බන්ධනයෙන් නොබැඳුනාවූ ඇතුළත පිටත බන්ධනයෙන් නොබැඳුනාවූ පුද්ගලයායයි කියනු ලැබේ. එතෙර දක්නාවූ පරතෙර දක්නාවූ දුකින් මනාකොට මිදුනාවූ පුද්ගලයායයි කියයි.
“සඤ්ඤාව ආත්ම වශයෙන් නොදකියිද, ආත්මය සංඥාවත්යයි හෝ නොදකියිද, සංඥාව ආත්මය කෙරෙහි හෝ ඇතැයි නොදකියිද, ආත්මය සංඥාව කෙරෙහි හෝ පිහිටියේ යයි නොදකියිද, මහණෙනි, බොහෝ ඇසූපිරූතැන් ඇති මේ ආර්ය ශ්රාවකතෙමේ සංඥා බන්ධනයෙන් නොබැඳුනාවූ ඇතුළත පිටත බන්ධනයෙන් නොබැඳුනාවූ පුද්ගලයායයි කියනු ලැබේ. එතෙර දක්නාවූ පරතෙර දක්නාවූ දුකින් මනාකොට මිදුනාවූ පුද්ගලයායි කියයි. “සංස්කාරය ආත්ම වශයෙන් නොදකියිද, ආත්මය සංස්කාරවත්යයි හෝ නොදකියිද සංස්කාර ආත්මය කෙරෙහි හෝ ඇතැයි නොදකියිද, ආත්මය සංස්කාර කෙරෙහි හෝ පිහිටියේයයි නොදකියිද, මහණෙනි, බොහෝ ඇසූ පිරූ තැන් ඇති මේ ආර්ය ශ්රාවකතෙමේ සංස්කාර බන්ධනයෙන් නොබැඳුනාවූ ඇතුළත පිටත බන්ධනයෙන් නොබැඳුනාවූ පුද්ගලයායයි කියනු ලැබේ. එතෙර දක්නාවූ පරතෙර දක්නාවූ දුකින් මනාකොට මිදුනාවූ පුද්ගලයායයි කියයි.
“විඤ්ඤාණය ආත්ම වශයෙන් නොදකියිද, ආත්මය විඤ්ඤාණවත්යයි හෝ නොදකියිද, විඤ්ඤාණය ආත්මය කෙරෙහි හෝ ඇතැයි නොදකියිද, ආත්මය විඤ්ඤාණය කෙරෙහි හෝ පිහිටියේයයි නොදකියිද, මහණෙනි, බොහෝ ඇසූ පිරූ තැන් ඇති මේ ආර්යශ්රාවක තෙමේ විඤ්ඤාණ බන්ධනයෙන් නොබැඳුනාවූ ඇතුළත පිටත බන්ධනයෙන් නොබැඳුනාවූ පුද්ගලයායයි කියනු ලැබේ. එතෙර දක්නාවූ පරතෙර දක්නාවූ දුකින් මනාකොට මිදුනේයයි කියයි.”
1. 3. 2. 6.
6. පරිමුච්චිත සූත්රය
118. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, කුමක් සිතන්නහුද? රූපය මෙය මාගේය ඒ මම වෙමි. ඒ මාගේ ආත්මය වේයයි දක්නාහුද?” “ස්වාමීනි, එසේ නොවේය,” මහණෙනි, යහපති, මහණෙනි, රූපය මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. “මහණෙනි, කුමක් සිතන්නහුද? වේදනාව මෙය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මය වේයයි දක්නහුද?” “ස්වාමීනි, එසේ නොවේය.” “මහණෙනි, යහපති මහණෙනි, වේදනාව මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. “මහණෙනි, කුමක් සිතන්නහුද? සඤ්ඤාව මෙය මාගේය ඒ මම වෙමි. ඒ මාගේ ආත්මය වේයයි දක්නහුද?” “ස්වාමීනි, එසේ නොවේය.” “මහණෙනි, යහපති මහණෙනි, සඤ්ඤාව මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. “මහණෙනි, කුමක් සිතන්නහුද? සංස්කාරයන් මෙය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මය වේයයි දක්නහුද?” “ස්වාමීනි, එසේ නොවේය.” “මහණෙනි, යහපති, මහණෙනි, සංස්කාරයන් මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. “මහණෙනි, කුමක් සිතන්නහුද? විඤ්ඤාණය මෙය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මය වේයයි දක්නහුද?” “ස්වාමීනි, එය එසේ නොවේය.” “මහණෙනි, යහපති. විඤ්ඤාණය මෙය මාගේ නොවෙයි ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි, මෙය මෙසේ තත්ත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.
“මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්යශ්රාවක තෙමේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි, සඤ්ඤාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරුනේ නොඇලෙයි. නොඇලුණේ මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන ඥානය උපදියි. ජාතිය ක්ෂයවිය. බ්රහ්මචර්යාව වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු මාර්ගඵල පිණිස කළයුත්තක් නැතැයි දැනගනී.
1. 3. 2. 7.
7. පරිමුච්චිත සූත්රය
119. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක.
එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමිනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, රූපය මෙය මාගේ නොවේය මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?” “ස්වාමීනි, එසේය.”
“මහණෙනි, යහපති, මහණෙනි, රූපය මෙය මාගේ නොවේය. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය තත්ත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුය. “මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, වේදනාව මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?” “ස්වාමීනි, එසේය.” “මහණෙනි යහපති, මහණෙනි, වේදනාව මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය තත්ත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුය. “මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, සඤ්ඤාව මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?” “ස්වාමීනි, එසේය.” “මහණෙනි, යහපති මහණෙනි, සඤ්ඤාව මෙය මාගේ නොවේය ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය තත්ත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. “මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, සංස්කාරයන් මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?” “ස්වාමීනි එසේය.” “මහණෙනි, යහපති මහණෙනි, සංස්කාරයෝ මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය තත්ත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. “මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, විඤ්ඤාණය මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?”