1. 3. 1. 1.
අන්ත සූත්රය
103. සැවැත් නුවරදී:
“මහණෙනි, අන්ත (කොටස්) සතරකි. කවර සතරක්ද යත්?
තමා යන කොටසය. තමා ඇතිවීමේ හේතුව යන කොටසය. තමා නැති කිරීම යන කොටසය. තමා නැතිකිරීමේ මාර්ගය යන කොටසය යන මොහුයි.
“මහණෙනි, තමා යන කොටස කවරේද?
ඊට උපාදානස්කන්ධ පසයයි කිය යුතුය.
කවර පසක්ද?
එනම් රූපඋපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි. මහණෙනි, මේ තමා යන කොටසයි.
“මහණෙනි, තමා ඇතිවීමේ හේතුව යන කොටස කවරේද?
නැවත නැවත ඉපදීම ගෙන දෙන්නාවූ ඇලීමෙන් යුක්තවූ, අරමුණෙහි ඇලෙන්නාවූ යම්සේ තෘෂ්ණාවක් වේද, එනම් කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය යනුයි. මහණෙනි, මේ තමා ඇති කිරීමේ හේතුවය යන කොටසයි.
“මහණෙනි, තමා නැති කිරීම යන කොටස කවරේද?
ඒ තෘෂ්ණාවගේ යම් මුළුමනින් දුරු කිරීමක්, නැති කිරීමක්, අත්හැරීමක්, දුරලීමක්, මිදීමක්, නො ඇල්මක් වේද, මහණෙනි, මේ තමා නැති කිරීම යන කොටසයි.
“මහණෙනි, මේ තමා නැතිකිරීමේ මාර්ගය යන කොටස කවරේද?
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමැයි. ඒ කෙසේද යත්, සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාවය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ තමා නැති කිරීමේ මාර්ගය යන කොටසයි. මහණෙනි, මේ කොටස් සතරය.”
1. 3. 1. 2.
දුක්ඛ සූත්රය
104. සැවැත් නුවරදී:
“මහණෙනි, තොපට දුකද, දුකට හේතුවද, දුකනැති කිරීමද, දුක නැති කිරීමේ මාර්ගයද දේශනා කරන්නෙමි. එය අසව්!
“මහණෙනි, දුක කවරේද?
ඊට උපාදානස්කන්ධ පසයයි කිය යුතුය.
කවර පසක්ද?
එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි. මහණෙනි, මේ දුකයයි කියනු ලැබේ.
“මහණෙනි, දුකට හේතුව කවරේද?
‘නැවත නැවත ඉපදීම ගෙනදෙන ඇලීමෙන් යුක්තවූ, ඒ ඒ අරමුණෙහි ඇලෙන්නාවූ යම් තෘෂ්ණාවක් වේද, එනම් කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය, යනුයි. මහණෙනි, මේ දුකට හේතුවයයි කියනු ලැබේ.
“මහණෙනි, දුක නැති කිරීම කවරේද?”
“ඒ තෘෂ්ණාවගේ යම් මුළුමනින් දුරලීමක්, නැති කිරීමක්, අත් හැරීමක් මිදීමක්; නො ඇල්මක් වේද? මහණෙනි, මේ දුක නැති කිරීම යයි කියනු ලැබේ.”
“මහණෙනි, දුක නැති කිරීමේ ප්රතිපදාව කවරේද?”
“මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මැයි. එනම් සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාවය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මොව්හුයි.” මහණෙනි, මේ දුක නැති කිරීමේ මාර්ගයයි කියනු ලැබේ.”
1. 3. 1. 3.
සක්කාය සූත්රය
105. සැවැත් නුවරදී:
“මහණෙනි, තමාද තමා ඇතිවීමේ හේතුවද, තමා නැති කිරීමද, තමා නැති කිරීමේ මාර්ගයද, දේශනා කරන්නෙමි. එය අසව්.
“මහණෙනි, තමා කවරේද?”
“පංච උපාදානස්කන්ධයයි කියයුතුය.”
“කවර පසක්ද?”
“එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය, යනුයි මහණෙනි, මේ තමායයි කියනු ලැබේ.”