7. 2. 9.
සික්ඛමානාසුත්තං
220. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේද, ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්රසිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. ‘ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ඔබවහන්සේ සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්රත්යය කවරේද?” “ඇවැත් ලක්ඛණය, මේ ප්රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද, රජගහනුවර පිඩු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුණාහු, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක වැඩහුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ, එක්තරා ප්රදේශයකදී සිනා පහළ කෙළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්රත්යය කවරේද?” “ඇවැත, ගිජඣකූට පර්වතයෙන් බසින්නාවූ මම, අහසින් ගමන් කරන්නාවූ සික්ඛමානා (ප්රේතියක්) දැක්කෙමි. ඒ සික්ඛමානාවගේ දෙපොට සිවුරද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය, පාත්රයද ඇවිළුණේය, දිළිසුණේය දැල්වුණේය. පටියද ඇවිළුණේය, දිළිසුණේය දැල්වුණේය. කයද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය. ඒ සික්ඛමානාව බැගෑපත් හඬ නැගුවාය. ඇවත ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ, අමනුෂ්යයෙකුත් වන්නේද, මෙබඳු ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය.’ ඉක්බිති, භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකළ සේක. මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඕ තොමෝ මුලදීම මා විසින් දක්නාලද්දේවිය. එහෙත් මම ප්රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්රකාශ කෙළෙම් නම් අන්යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම්, එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය. “මහණෙනි, ඕතොමෝ කස්සප සම්මා සම්බුදුන්ගේ ශාසනයෙහි පාප සික්ඛමානාවක් වූවාය. ඕතොමෝ ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලබන්නීයයි” වදාළසේක.
7. 2. 10.
සාමණෙරසුත්තං
221. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේද, ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්රත්යය කවරේද?” “ඇවැත් ලක්ඛණය, මේ ප්රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද, රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පහු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුණාහු, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක වැඩහුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ, එක්තරා ප්රදේශයකදී සිනා පහළ කෙළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්රත්යය කවරේද?” “ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම, අහසින් ගමන් කරන්නාවූ සාමණේර (ප්රේතයෙකු) දැක්කෙමි. ඔහුගේ දෙපොට සිවුරද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය. පාත්රයද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය. පටියද ඇවිළුණේය, දැල්වුණේය. කයද ඇවිළුණේය, දැල්වුණේය. හෙතෙම බැගෑපත් හඬ නඟයි. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්ය්යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි.” ඉක්බිති භාග්යවතුන්වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක. “මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සාමණේරතෙම මුලදීම මාවිසින් දක්නාලද්දේ විය. එහෙත් මම එය ප්රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්රකාශ කෙළෙම් නම් අන්යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය. “මහණෙනි, මේ සාමණේරතෙම කස්සප සම්මා සම්බුදුන්ගේ ශාසනයෙහි පාප සාමණේරයෙක් විය. ඒ සාමණේරතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
7. 2. 11.
සාමණෙරීසුත්තං
222. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේද, ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු රජගහනුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්රත්යය කවරේද?” “ඇවැත් ලක්ඛණය, මේ ප්රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්තෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද, රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්රත්යය කවරේද?” “ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන් කරන්නාවූ, සාමණේරී ප්රේතියක් දැක්කෙමි. ඇයගේ දෙපොට සිවුරද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය, පාත්රයද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය, පටියද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය, කයද ඇවිළුණේය, දිළිසුණේය. දැල්වුණේය. ඕතොමෝ බැගෑපත් හඬ නැඟුවාය. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්ය්යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්ම භාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි.”
ඉක්බිති භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකළ සේක. “මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්රාවකයෙක්තෙම මෙසේ දනියිද, දකියිද, මෙසේ සාක්ෂ්ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සාමණේරිය මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්රකාශ නොකෙළෙමි ඉදින් මම එය ප්රකාශ කෙළෙම් නම් අන්යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේය.”
“මහණෙනි, ඕතොමෝ කස්සප සම්මා සම්බුදුන්ගේ ශාසනයෙහි පාප සාමණේරියක් වූවාය. ඕතොමෝ ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්ම භාවයක් ලැබීම විඳිනු ලබන්නීයයි” වදාළසේක.
දෙවෙනි වර්ගය නිමි.
එහි උද්දානය:
අසූචි වලෙහි ගිලුනාවූ ඒ ප්රේතතෙම වනාහි අන් අඹුවන් කරා යන්නෙක් විය. එසේම ගූථඛාදී ප්රේතතෙම දුෂ්ඨ බ්රාහ්මණයෙක් විය. සිවිය නැති ස්ත්රිය (ප්රේතිය) අතිචාරිණියක් (සිය සැමියා ඉක්මවා හැසිරෙන්නියක්) වූවාය. පිළිකුල් කටයුතුවූ ස්ත්රිය පේන කියන්නියක් වූවාය. ඩහදිය වැගිරෙන්නාවූ ස්ත්රිය අන් ස්ත්රියකට අඟුරු කබලෙන් ගැසුවාය. කවන්ධ ප්රේතතෙම චෝරඝාතකයෙක් විය. භික්ඛු, භික්ඛුණී, සික්ඛමානා, සාමණේර, සාමණේරී, ප්රේත, ප්රේතියෝ කාශ්යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි මහණව ඒ කාලයෙහි පව්කම් කළාහුය.
ලක්ඛණ සංයුත්තය නිමි.