7. 1. 2.
මාංසපෙසි සූත්‍රය
363. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන මස් පෙත්තක් (වූ ප්‍රේතයකු) දුටුවෙමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මස් පෙත්ත ලුහුබැඳ ලුහුබැඳ කඩා කති, ඉරා කති. එය ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම ගවයන් මරන්නෙක් (ගෝඝාතකයෙක්) විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
7. 1. 3.
මාංසපිණ්ඩ සූත්‍රය
364. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන මස් පිඬක් (වූ ප්‍රේතයකු) දුටුවෙමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මස් පිඬ ලුහුබැඳ ලුහුබැඳ කඩා කති, ඉරා කති. එය ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම කුරුලු වැද්දෙක් (කුරුල්ලන් අල්ලා විකුණා ජීවත් වූවෙක්) විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
7. 1. 4.
නිච්ඡවි සූත්‍රය
365. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන ඇඟේ සම (සිවිය) නැති පුරුෂයකු (ප්‍රේතයකු) දුටුවෙමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඔහු ලුහුබැඳ ලුහුබැඳ කඩා කති, ඉරා කති. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම බැටළු වැද්දෙක් (බැටළුවන් මරා ජීවත් වූවෙක්) විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
7. 1. 5.
අසිලෝම සූත්‍රය
366. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන කඩු වැනි ලොම් ඇති (අසිලෝම) පුරුෂයකු (ප්‍රේතයකු) දුටුවෙමි. ඔහුගේ ඒ කඩු උඩට නැඟ නැඟ ඔහුගේම සිරුරෙහි වැටෙයි. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම ඌරු වැද්දෙක් (ඌරන් මරා ජීවත් වූවෙක්) විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
7. 1. 6.
සත්තිලෝම සූත්‍රය
367. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන සැත් (හෙලි) වැනි ලොම් ඇති (සත්තිලෝම) පුරුෂයකු දුටුවෙමි. ඔහුගේ ඒ සැත් උඩට නැඟ නැඟ ඔහුගේම සිරුරෙහි වැටෙයි. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම මුව වැද්දෙක් විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
7. 1. 7.
උසුලෝම සූත්‍රය
368. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන ඊතල (හී) වැනි ලොම් ඇති (උසුලෝම) පුරුෂයකු දුටුවෙමි. ඔහුගේ ඒ ඊතල උඩට නැඟ නැඟ ඔහුගේම සිරුරෙහි වැටෙයි. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම වධකයෙක් (රජුට වැරදි කළවුන්ට වද දී අවසානයේ ඊතලයෙන් විද මරන්නෙක්) විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
7. 1. 8.
සූචිලෝම සූත්‍රය
369. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන ඉඳිකටු වැනි ලොම් ඇති (සූචිලෝම) පුරුෂයකු දුටුවෙමි. ඔහුගේ ඒ ඉඳිකටු උඩට නැඟ නැඟ ඔහුගේම සිරුරෙහි වැටෙයි. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම අසුන් හික්මවන්නෙක් (නොහොත් ගවයන් හික්මවන්නෙක්) විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.