5. 4. 6.
6. රථ සූත්‍රය
332. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි (හුන වනයෙහි) වාසය කරන සේක. එකල්හි වනාහි අජාසත් කුමාරයා දේවදත්ත මහණහට උපස්ථාන කිරීම පිණිස රථ පන්සියයකින් උදේ සවස යයි. ගෙන යායුතු බත් හැලි පන්සියයක්ද ගෙනයයි. ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. “ස්වාමීනි, අජාසත් කුමාරයා වනාහි දේවදත්ත මහණහට උපස්ථාන කිරීම පිණිස උදේ සවස රථ පන්සියයකින් යයි. ගෙන යායුතු බත් සැළි පන්සියයක්ද ගෙනයයි කියායි.”
“මහණෙනි, දේවදත්ත මහණහුගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට සතුටු නොවව්. මහණෙනි, යම්තාක් අජාසත් කුමාරයා දේවදත්ත මහණහට උපස්ථාන කිරීම පිණිස උදේ සවස රථ පන්සියයකින් යන්නේද, ගෙන යායුතු බත්සැළි පන්සියයකුත් ගෙන යන්නේද, මහණෙනි, ඒතාක් දේවදත්ත මහණහට කුශල ධර්මයන්හි හානියක්ම කැමැතිවිය යුත්තේය. වෘද්ධියක් (වැඩීමක්) කැමැති නොවිය යුත්තේය.
“මහණෙනි, යම්සේ වනාහි නපුරු බල්ලෙකුගේ නාසයෙහි අශ්ව පිත හෝ මත්ස්‍ය පිත හෝ දමන්නේද, මහණෙනි එසේ වනාහි ඒ බල්ලා බොහෝ සෙයින් නපුරු වේද, මහණෙනි, එසේම වනාහි යම්තාක් අජාසත් කුමරු දේවදත්ත මහණහට උපස්ථාන කිරීම පිණිස උදේ සවස රථ පන්සියයකින් යන්නේ වේද, ගෙන යායුතු බත්සැළි පන්සියයකුත් ගෙන යන්නේ වේද, මහණෙනි, ඒතාක් දේවදත්ත මහණහට කුශල ධර්මයන්හි හානියක්ම කැමැතිවිය යුත්තේය. වෘද්ධියක් (වැඩීමක්) කැමැති නොවිය යුත්තේය.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
5. 4. 7.
7. මාතු සූත්‍රය
333. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. “මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මම මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගනිමි. (කෙසේද?) ‘මේ ආයුෂ්මත්තෙම වනාහි මව නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය’ කියායි. පසු කලෙක්හිදී, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලදුව විනාශවුණු කුසල් සිත් ඇතිව, දැන දැන බොරු කියන, ඒ මේ පුද්ගලයා දකිමි.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් වනාහි මෙසේ හික්මිය යුතුයි.”
5. 4. 8–13.
8-13. පිතු සූත්‍රය ආදී වූ හය
334-339. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. ‘මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මම මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගනිමි. (කෙසේද?) ‘මේ ආයුෂ්මත්තෙම වනාහි
පියා නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය’ කියායි. පසු කලෙක්හිදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලදුව නැසුණු කුසල් සිත් ඇතිව, දැන දැන බොරු කියන මේ පුද්ගලයා දකිමි. “මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි,’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක. මහණෙනි, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය. අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. ‘මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මම මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගනිමි. (කෙසේද?) ‘මේ ආයුෂ්මත්තෙම වනාහි සොහොයුරා නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය’ කියායි. පසු කලෙක්හිදී ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසායෙන් මඩනා ලදුව නැසුණු කුසල් සිත් ඇතිව දැන දැන බොරු කියන මේ පුද්ගලයා දකිමි. “මහණෙනි, මෙසේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා, දරුණුය, කටුකය, ඵරුෂය. අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. ‘මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මම මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගනිමි. (කෙසේද?) ‘මේ ආයුෂ්මත් තෙම වනාහි සොහොයුරිය නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය’ කියායි. පසු කලෙක්හිදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලදුව නැසුණු කුසල් සිත් ඇතිව දැන දැන බොරු කියන මේ පුද්ගලයා දකිමි. “මහණෙනි, මෙසේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා, දරුණුය, කටුකය, ඵරුෂය. අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවා’යි මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය. අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය ‘මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මම මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගනිමි. (කෙසේද?) ‘මේ ආයුෂ්මත්තෙම වනාහි පුත්‍රයා නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය’ කියායි. පසු කලෙක්හිදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනාලදුව නැසුණු කුසල් සිත් ඇතිව දැන දැන බොරු කියන මේ පුද්ගලයා දකිමි. “මහණෙනි, මෙසේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය. අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි,’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක. මහණෙනි, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය. අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. “මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මම මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගනිමි. (කෙසේද?) ‘මේ ආයුෂ්මත්තෙම වනාහි දුව නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය’ කියායි. පසුකලෙක්හිදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනාලදුව නැසුණු කුසල් සිත් ඇතිව දැන දැන බොරු කියන මේ පුද්ගලයා දකිමි. “මහණෙනි, මෙසේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි,’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”