2. පාතිවග්ගො
5. 2. 1.
සුවණ්ණපාති සූත්රය
307. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ-
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ චිත්තානුපස්සනාවෙන් පිරිසිඳ දැනගතිමි: “මේ ආයුෂ්මත්තෙම රිදීසුණු පිරවූ රත්රන් පාත්රයක් නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය” කියායි. එහෙත් පසු කලකදී ලාභ සත්කාර කීර්ති ප්රශංසාවන්ගෙන් මඩනා ලදුව විනාශවූ කුසල් සිත් ඇතිව දැන දැන බොරු කියන්නාවූ, ඔහු දක්නෙමි.
මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ- [උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු -පෙ-] මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 2. 2.
රූපියපාති සූත්රය
308. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ-
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ චිත්තානුපස්සනාවෙන් පිරිසිඳ දැනගතිමි: “මේ ආයුෂ්මත්තෙම රත්රන් සුණු පිරවූ, රිදී පාත්රයක් නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය” කියායි. පසුකලකදී ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් මඩනා ලදුව විනාශවූ කුසල් සිත් ඇතිව, දැන දැන බොරු කියන්නාවූ ඔහු දක්නෙමි.
මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ- [උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරුකරන්නෙමු -පෙ-] මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 2. 3-10.
සුවණ්ණනික්ඛ සූත්රය ආදී වූ අට
309-316. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
[මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ-]
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දැනගතිමි: “න චායමායස්මා - (මේ ආයුෂ්මත්තෙම -)”
රත්රන් කාසියක් නිසා හෝ (දැන දැන බොරු නොකියන්නේය කියායි. පසුකලකදී ඔහු බොරු කියනු දකිමි.) -පෙ- (තෙවැන්න)
රන්කාසි සියයක් නිසා හෝ -පෙ- (සිව්වැන්න)
සිගී රන් කාසියක් නිසා හෝ -පෙ- (පස්වැන්න)
සිගී රන් කාසි සියයක් නිසා හෝ -පෙ- (සයවැන්න)
රත්රන්වලින් පිරුණාවූ පෘථුවිය නිසා හෝ -පෙ- (සත්වැන්න)
කිසියම් ආමිසයක් නිසා හෝ -පෙ- (අටවැන්න)
ජීවිතය නිසා හෝ -පෙ- (නවවැන්න)
ජනපද කල්යාණිය නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය කියායි. එහෙත් ඒ පුද්ගලයා මම පසුකලකදී ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් මැඩී, සිත අරගෙන, දැන දැන බොරු කියනු දකිමි.
මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ- [උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු -පෙ-] මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි. (දසවැන්න)
පාතිවග්ගො දුතියො
තස්සුද්දානං:
පාති සූත්ර දෙකද, සුවණ්ණ සූත්ර දෙකද, සිගී සූත්ර දෙකද, පඨවි, කිඤ්චික්ඛ, ජීවිත සහ ජනපදකල්යාණී සූත්රය දැයි දසයකි.