2. 3. 3.
3. පඤ්චසික්ඛාපද සූත්‍රය
249. සාවත්ථියං– මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නෝ, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්.
ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. සොරකමින් වෙන්වූවෝ සොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ප්‍රමාදයට කරුණු වූ රහමෙර මත්පැන් පානය කිරීමෙන් වෙන්වූවෝ ප්‍රමාදයට කරුණු වූ රහමෙර මත්පැන් පානය කිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්.”
2. 3. 4.
4. සත්තකම්මපථ සූත්‍රය
250. සාවත්ථියං– මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. සොරකමින් වෙන්වූවෝ සොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. හිස් වචන (සම්ඵප්පලාප) කීමෙන් වෙන්වූවෝ හිස් වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්.”
2. 3. 5.
5. දසකම්මපථ සූත්‍රය
251. සාවත්ථියං– මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත් සමගි වෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. දැඩි ලෝභය බහුලකොට ඇත්තෝ දැඩි ලෝභය බහුලකොට ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්, සමගිවෙත්.
ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. සොරකමින් වෙන්වූවෝ සොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. හිස් වචන (සම්ඵප්පලාප) කීමෙන් වෙන්වූවෝ හිස් වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. දැඩි ලෝභය (අභිධ්‍යාව) බහුල කොට නැත්තෝ දැඩි ලෝභය බහුල කොට නැත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ද්වේෂයෙන් නොනැසුණු (ව්‍යාපාදයට නොපැමිණි) සිත් ඇත්තෝ ද්වේෂයෙන් නොනැසුණු සිත් ඇත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්, සමගි වෙත්.”