2. 3. 2.
2. දුස්සීල සූත්‍රය
248. සාවත්ථියං– මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන්, සත්වයෝ එක්වෙත්, සමගි වෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. දුස්සීලයෝ දුස්සීලයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්.
ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.

ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සීලවන්තයෝ සීලවන්තයින් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක්වෙත් සමගි වෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගි වූහ. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. දුස්සීලයෝ දුස්සීලයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වූහ. සමගි වූහ. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක් වූහ, සමගි වූහ. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක් වූහ. සමගිවූහ. සීලවන්තයෝ සීලවන්තයින් හා සමග එක් වූහ. සමගිවූහ. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. දුස්සීලයෝ දුස්සීලයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වන්නාහුය සමගි වන්නාහුය. ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්‍රඥා වන්තයෝ ප්‍රඥා වන්තයින් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.

“මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක් වෙත්. සමගිවෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. දුස්සීලයෝ දුස්සීලයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක් වෙත්. සමගි වෙත්. සීලවන්තයෝ සීලවන්තයින් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක් වෙත්. සමගි වෙත්.”
2. 3. 3.
3. පඤ්චසික්ඛාපද සූත්‍රය
249. සාවත්ථියං– මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නෝ, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්.
ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවෝ මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ, සමගි වූහ. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. සොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක් වූහ, සමගි වූහ. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නෝ, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවෝ, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය, සමගි වන්නාහුය. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක් වන්නාහුය, සමගි වන්නාහුය. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නෝ, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවෝ, මදයට හා ප්‍රමාදයට හා කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවන් හා සමග එක් වන්නාහුය, සමගි වන්නාහුය.

“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්, සමගි වෙත්. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නෝ, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක් වෙත්, සමගි වෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවෝ, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්.”
2. 3. 4.
4. සත්තකම්මපථ සූත්‍රය
250. සාවත්ථියං– මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක් වූහ. සමගි වූහ. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වූහ, සමගිවූහ. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග සමගිවූහ. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගිවූහ. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගිවූහ. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක් වන්නාහුය, සමගිවන්නාහුය. හොරකම් කරන්නෝ හොර කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගිවන්නාහුය. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය.

“මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත් කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක් වෙත්. සමගිවෙත්. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන් වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්.”
2. 3. 5.
5. දසකම්මපථ සූත්‍රය
251. සාවත්ථියං– මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත් සමගි වෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. දැඩි ලෝභය බහුලකොට ඇත්තෝ දැඩි ලෝභය බහුලකොට ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්, සමගිවෙත්.
ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. දැඩි ලෝභය බහුලකොට නැත්තෝ දැඩි ලෝභය බහුලව නැත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. අනුන් නැසෙත්වායි නොසිතන්නෝ අනුන් නැසෙත්වායි නොසිතන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයින් හා සමග එක්වෙත්, සමගිවෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වූහ, සමගිවූහ. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වූහ, සමගිවූහ. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ.

ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වූහ. සමගි වූහ. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. දැඩි ලෝභය බහුලකොට ඇත්තෝ දැඩි ලෝභය බහුල කොට ඇත්තන් හා සමග එක්වූහ සමගිවූහ. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. හොරකමින් වෙන්වූවෝ සොරකමින් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන් වූවන් හා සමග එක්වූහ, සමගිවූහ. කේලාම් කීමෙන් වෙන් වූවෝ කේලාම්කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. දැඩිලෝභය බහුලකොට නැත්තෝ දැඩිලෝභය බහුලකොට නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. අනුන් නැසෙත්වායි නොසිතන්නෝ අනුන් නැසෙත්වායි නොසිතන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක්දෘෂ්ටිකයෝ සම්‍යක්දෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගිවන්නාහුය. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගිවන්නාහුය. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. බොරුකියන්නෝ බොරුකියන්නන් හා සමග එක්වන්නාහුය, සමගිවන්නාහුය. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂවචන කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. දැඩි ලෝභය බහුලකොට ඇත්තෝ දැඩි ලෝභය බහුලකොට ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. දැඩි ලෝභය බහුලකොට නැත්තෝ දැඩි ලෝභය බහුලකොට නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. සම්‍යක්දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය.

“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත් සමගිවෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. දැඩි ලෝභය බහුලකොට ඇත්තෝ දැඩි ලෝභය බහුලකොට ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත් හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත් සමගිවෙත්. ඵරුෂවචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත් සමගිවෙත්. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. දැඩිලෝභය බහුල කොට නැත්තෝ දැඩිලෝභය බහුලකොට නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්‍යක්දෘෂ්ටිකයෝ සම්‍යක්දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්.”