2. 2. 10.
අනොත්තප්පමූලක සූත්‍රය
244. සැවැත්නුවරදීය– මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතු (අදහස්) වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. අල්ප ශ්‍රැතයෝ අල්ප ශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත් පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වෙත් සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක් වෙත්. සමගි වෙත්. “මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වූහ. සමගි වූහ. අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් (බොහෝ ඇසූපිරූ තැන් නැත්තන්) හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥා නැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වූහ, සමගිවූහ. “මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් (බොහෝ ඇසූවිරූ තැන් නැත්තන්) හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥානැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. “මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත් (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූවිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් (බොහෝ ඇසූවිරූ තැන් නැත්තන්) හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්, සමගිවෙත්. (පඨමත්තිකං)
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත් පටන්ගන්නා ලද උත්සාහය ඇත්තෝ පටන්ගන්නා ලද උත්සාහය ඇත්තන් සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්. “මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගි වූහ. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. පටන්ගන්නාලද උත්සාහය ඇත්තෝ පටන් ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥා ඇත්තෝ ප්‍රඥා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. “මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. පටන් ගන්නාලද උත්සාහය ඇත්තෝ පටන් ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. “මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. පටන්ගන්නා ලද උත්සාහය ඇත්තෝ පටන් ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගි වෙත්.” (දුතියත්තිකං)
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. සිහිමුළාවූවෝ සිහිමුළාවූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහිඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥා වන්තයින් හා සමග එක්වෙත්, සමගි වෙත්. “මහණෙනි, අතීතකාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සිහිමුළාවූවෝ සිහිමුළාවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥානැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. “මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රඥානැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රඥා ඇත්තෝ ප්‍රඥා ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. “මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්, සමගිවෙත්. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක් වෙත්, සමගිවෙත්. සිහිමුළාවූවෝ සිහිමුළාවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්, සමගිවෙත්.” (තතියත්තිකං)
2. 2. 11.
අප්පස්සුත සූත්‍රය
245. සැවැත්නුවරදීය– මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූ පිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත් බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පටන්ගන්නා ලද වීර්ය ඇත්තෝ පටන්ගන්නාලද වීර්ය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්. “මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වූහ. සමගිවූහ. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥානැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වූහ. සමගිවූහ. පටන්ගන්නා ලද වීර්ය ඇත්තෝ පටන්ගන්නාලද වීර්ය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වූහ. සමගිවූහ. “මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රඥානැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. පටන්ගන්නාලද වීර්ය ඇත්තෝ පටන්ගන්නාලද වීර්ය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. “මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පටන්ගන්නාලද වීර්යය ඇත්තෝ පටන්ගන්නාලද වීර්යය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක් වෙත්. සමගිවෙත්. (පඨමත්තිකං)
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මුළාවූ සිහි ඇත්තෝ මුළාවූ සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹ සිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්. “මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූ පිරූතැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වූහ. සමගිවූහ. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වූහ. සමගිවූහ. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහිඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වූහ. සමගිවූහ. “මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූතැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. “මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වෙත් සමගිවෙත්. සිහිමුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්.” (දුතියත්තිකං)
2. 2. 12.
කුසීත සූත්‍රය
246. සැවැත්නුවරදීය– මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තන් හා සමග එක් වෙත්. සමගි වෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පටන්ගන්නාලද උත්සාහය ඇත්තෝ පටන්ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්. “මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) කුසීතයෝ කුසීතයන් හා සමග එක්වූහ. සමගිවූහ. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. පටන්ගන්නාලද උත්සාහය ඇත්තෝ පටන්ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වූහ. සමගිවූහ. “මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) කුසීතයෝ කුසීතයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. පටන්ගන්නාලද උත්සාහය ඇත්තෝ පටන්ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. “මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පටන්ගන්නා ලද උත්සාහය ඇත්තෝ පටන්ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්.
දෙවෙනි සත්තධාතු වර්ගය නිමි.
එහි උද්දානය:
සත්තිම සූත්‍රයද, සනිදාන සූත්‍රයද, ගිඤ්ජකාවසථ සූත්‍රයද, හීනාධිමුක්තික සූත්‍රයද, චංකම සූත්‍රයද, සගාථ සූත්‍රයද, සත්වන අස්සද්ධා සූත්‍රයද, අස්සද්ධමූලක සූත්‍රයද, නොහොත් එනම් සූත්‍ර පසද, අහිරිකමූලක සූත්‍රයද, නොහොත් එනම් සූත්‍ර සතරද, අනොත්තප්පමූලක සූත්‍රයද, නොහොත් එනම් සූත්‍ර තුනද, අප්පස්සුත සූත්‍රයද, නොහොත් එනම් සූත්‍ර දෙකද, කුසීත සූත්‍රයදැයි මේ වර්ගයෙහි සූත්‍ර දොළොසකි. නොහොත් සත්තිමාදී සතකි.