2. 2. 11.
අප්පස්සුත සූත්රය
245. සැවැත්නුවරදීය– මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. අල්පශ්රැතයෝ (බොහෝ ඇසූ පිරූ තැන් නැත්තෝ) අල්පශ්රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රඥා නැත්තෝ ප්රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත් බහුශ්රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පටන්ගන්නා ලද වීර්ය ඇත්තෝ පටන්ගන්නාලද වීර්ය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රඥාවන්තයෝ ප්රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්. “මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) අල්පශ්රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්රැතයන් හා සමග එක්වූහ. සමගිවූහ. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්රඥානැත්තෝ ප්රඥා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. බහුශ්රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්රැතයන් හා සමග එක්වූහ. සමගිවූහ. පටන්ගන්නා ලද වීර්ය ඇත්තෝ පටන්ගන්නාලද වීර්ය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්රඥාවන්තයෝ ප්රඥාවන්තයින් හා සමග එක්වූහ. සමගිවූහ. “මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) අල්පශ්රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්රැතයන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්රඥානැත්තෝ ප්රඥානැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. බහුශ්රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්රැතයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. පටන්ගන්නාලද වීර්ය ඇත්තෝ පටන්ගන්නාලද වීර්ය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්රඥාවන්තයෝ ප්රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. “මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) අල්පශ්රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රඥානැත්තෝ ප්රඥානැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බහුශ්රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පටන්ගන්නාලද වීර්යය ඇත්තෝ පටන්ගන්නාලද වීර්යය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රඥාවන්තයෝ ප්රඥාවන්තයින් හා සමග එක් වෙත්. සමගිවෙත්. (පඨමත්තිකං)
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. අල්පශ්රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මුළාවූ සිහි ඇත්තෝ මුළාවූ සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රඥානැත්තෝ ප්රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බහුශ්රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹ සිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රඥාවන්තයෝ ප්රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්. “මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) අල්පශ්රැතයෝ (බොහෝ ඇසූ පිරූතැන් නැත්තෝ) අල්පශ්රැතයන් හා සමග එක්වූහ. සමගිවූහ. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්රඥා නැත්තෝ ප්රඥා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. බහුශ්රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්රැතයන් හා සමග එක්වූහ. සමගිවූහ. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහිඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්රඥාවන්තයෝ ප්රඥාවන්තයින් හා සමග එක්වූහ. සමගිවූහ. “මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) අල්පශ්රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) අල්පශ්රැතයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්රඥා නැත්තෝ ප්රඥා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. බහුශ්රැතයෝ (බොහෝ ඇසූපිරූතැන් ඇත්තෝ) බහුශ්රැතයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්රඥාවන්තයෝ ප්රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. “මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) අල්පශ්රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) අල්පශ්රැතයන් හා සමග එක්වෙත් සමගිවෙත්. සිහිමුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රඥා නැත්තෝ ප්රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බහුශ්රැතයෝ (බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෝ) බහුශ්රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රඥාවන්තයෝ ප්රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්.” (දුතියත්තිකං)
2. 2. 12.
කුසීත සූත්රය
246. සැවැත්නුවරදීය– මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තන් හා සමග එක් වෙත්. සමගි වෙත්. ප්රඥා නැත්තෝ ප්රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පටන්ගන්නාලද උත්සාහය ඇත්තෝ පටන්ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්රඥාවන්තයෝ ප්රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්. “මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) කුසීතයෝ කුසීතයන් හා සමග එක්වූහ. සමගිවූහ. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්රඥා නැත්තෝ ප්රඥා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. පටන්ගන්නාලද උත්සාහය ඇත්තෝ පටන්ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්රඥාවන්තයෝ ප්රඥාවන්තයින් හා සමග එක්වූහ. සමගිවූහ. “මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) කුසීතයෝ කුසීතයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්රඥා නැත්තෝ ප්රඥා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. පටන්ගන්නාලද උත්සාහය ඇත්තෝ පටන්ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්රඥාවන්තයෝ ප්රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. “මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රඥානැත්තෝ ප්රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පටන්ගන්නා ලද උත්සාහය ඇත්තෝ පටන්ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රඥාවන්තයෝ ප්රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්.
දෙවෙනි සත්තධාතු වර්ගය නිමි.
එහි උද්දානය:
සත්තිම සූත්රයද, සනිදාන සූත්රයද, ගිඤ්ජකාවසථ සූත්රයද, හීනාධිමුක්තික සූත්රයද, චංකම සූත්රයද, සගාථ සූත්රයද, සත්වන අස්සද්ධා සූත්රයද, අස්සද්ධමූලක සූත්රයද, නොහොත් එනම් සූත්ර පසද, අහිරිකමූලක සූත්රයද, නොහොත් එනම් සූත්ර සතරද, අනොත්තප්පමූලක සූත්රයද, නොහොත් එනම් සූත්ර තුනද, අප්පස්සුත සූත්රයද, නොහොත් එනම් සූත්ර දෙකද, කුසීත සූත්රයදැයි මේ වර්ගයෙහි සූත්ර දොළොසකි. නොහොත් සත්තිමාදී සතකි.
3. කම්මපථ වර්ගය
2. 3. 1.
1. අසමාභිත සූත්රය
247. සාවත්ථියං– මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි, කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන්, සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. ශ්රද්ධාව නැත්තෝ ශ්රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පව් කිරීමට බිය නැත්තෝ පව් කිරීමට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එකඟ නොවූ සිත් ඇත්තෝ එකඟ නොවූ සිත් ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්රඥාව නැත්තෝ ප්රඥාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්.
ශ්රද්ධාව ඇත්තෝ ශ්රද්ධාව ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. පව් කිරීමට බිය ඇත්තෝ පව් කිරීමට බිය ඇත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. එකඟවූ සිත් ඇත්තෝ එකඟවූ සිත් ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්රඥාව ඇත්තෝ ප්රඥාව ඇත්තන් හා සමග එක් වෙත්, සමගි වෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ, සමගි වූහ. (කෙසේද?) ශ්රද්ධාව නැත්තෝ ශ්රද්ධාව නැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. පව් කිරීමට බිය නැත්තෝ පව් කිරීමට බිය නැත්තන් හා සමග එක්වූහ, සමගි වූහ. එකඟ නොවූ සිත් ඇත්තෝ එකඟ නොවූ සිත් ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. ප්රඥාව නැත්තෝ ප්රඥාව නැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. ශ්රද්ධාව ඇත්තෝ ශ්රද්ධාව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. පව් කිරීමට බිය ඇත්තෝ පව් කිරීමට බිය ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. එකඟවූ සිත් ඇත්තෝ එකඟවූ සිත් ඇත්තන් හා සමග එක්වූහ, සමගි වූහ. ප්රඥාව ඇත්තෝ ප්රඥාව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය, සමගි වන්නාහුය. (කෙසේද?) ශ්රද්ධාව නැත්තෝ ශ්රද්ධාව නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පව් කිරීමට බිය නැත්තෝ පව්කිරීමට බිය නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. එකඟ නොවූ සිත් නැත්තෝ එකඟ නොවූ සිත් නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්රඥාව නැත්තෝ ප්රඥාව නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ශ්රද්ධාව ඇත්තෝ ශ්රද්ධාව ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පව්කිරීමට බිය ඇත්තෝ පව් කිරීමට බිය ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. එකඟවූ සිත් ඇත්තෝ එකඟවූ සිත් ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්රඥාව ඇත්තෝ ප්රඥාව ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය.
“මහණෙනි, වර්තමාන කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. (කෙසේද?) ශ්රද්ධාව නැත්තෝ ශ්රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පව් කිරීමට බිය නැත්තෝ පව් කිරීමට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එකඟ නොවූ සිත් ඇත්තෝ එකඟ නොවූ සිත් ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්රඥාව නැත්තෝ ප්රඥාව නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ශ්රද්ධාව ඇත්තෝ ශ්රද්ධාව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පව් කිරීමට බිය ඇත්තෝ පව් කිරීමට බිය ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. එකඟවූ සිත් ඇත්තෝ එකඟවූ සිත් ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්රඥාව ඇත්තෝ ප්රඥාව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.”

2. 3. 2.
2. දුස්සීල සූත්රය
248. සාවත්ථියං– මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන්, සත්වයෝ එක්වෙත්, සමගි වෙත්. (කෙසේද?) ශ්රද්ධාව නැත්තෝ ශ්රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. දුස්සීලයෝ දුස්සීලයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රඥාව නැත්තෝ ප්රඥාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්.
ශ්රද්ධාව ඇත්තෝ ශ්රද්ධාව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සීලවන්තයෝ සීලවන්තයින් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්රඥාව ඇත්තෝ ප්රඥාව ඇත්තන් හා සමග එක්වෙත් සමගි වෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගි වූහ. (කෙසේද?) ශ්රද්ධාව නැත්තෝ ශ්රද්ධාව නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. දුස්සීලයෝ දුස්සීලයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්රඥාව නැත්තෝ ප්රඥාව නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ශ්රද්ධාව ඇත්තෝ ශ්රද්ධාව ඇත්තන් හා සමග එක්වූහ. සමගි වූහ. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක් වූහ, සමගි වූහ. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක් වූහ. සමගිවූහ. සීලවන්තයෝ සීලවන්තයින් හා සමග එක් වූහ. සමගිවූහ. ප්රඥාව ඇත්තෝ ප්රඥාව ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) ශ්රද්ධාව නැත්තෝ ශ්රද්ධාව නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. දුස්සීලයෝ දුස්සීලයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්රඥාව නැත්තෝ ප්රඥාව නැත්තන් හා සමග එක්වන්නාහුය සමගි වන්නාහුය. ශ්රද්ධාව ඇත්තෝ ශ්රද්ධාව ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්රඥා වන්තයෝ ප්රඥා වන්තයින් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.
“මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ශ්රද්ධාව නැත්තෝ ශ්රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක් වෙත්. සමගිවෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. දුස්සීලයෝ දුස්සීලයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්රඥාව නැත්තෝ ප්රඥාව නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ශ්රද්ධාව ඇත්තෝ ශ්රද්ධාව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක් වෙත්. සමගි වෙත්. සීලවන්තයෝ සීලවන්තයින් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්රඥාව ඇත්තෝ ප්රඥාව ඇත්තන් හා සමග එක් වෙත්. සමගි වෙත්.”

2. 3. 3.
3. පඤ්චසික්ඛාපද සූත්රය
249. සාවත්ථියං– මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. ප්රාණඝාත කරන්නෝ ප්රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නෝ, මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්.
ප්රාණඝාතයෙන් වෙන්වූවෝ ප්රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවෝ මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ, සමගි වූහ. (කෙසේද?) ප්රාණඝාත කරන්නෝ ප්රාණඝාත කරන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. සොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක් වූහ, සමගි වූහ. මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නෝ, මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. ප්රාණඝාතයෙන් වෙන්වූවෝ ප්රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවෝ, මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය, සමගි වන්නාහුය. (කෙසේද?) ප්රාණඝාත කරන්නෝ ප්රාණඝාත කරන්නන් හා සමග එක් වන්නාහුය, සමගි වන්නාහුය. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නෝ, මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්රාණඝාතයෙන් වෙන්වූවෝ ප්රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවෝ, මදයට හා ප්රමාදයට හා කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවන් හා සමග එක් වන්නාහුය, සමගි වන්නාහුය.
“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්, සමගි වෙත්. (කෙසේද?) ප්රාණඝාත කරන්නෝ ප්රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නෝ, මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ප්රාණඝාතයෙන් වෙන්වූවෝ ප්රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක් වෙත්, සමගි වෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවෝ, මදයට හා ප්රමාදයට කරුණුවූ, රහමෙර පානය කිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්.”