1. 7. 8.
කොසම්බී සූත්‍රය
68. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මූසිල තෙමේද ආයුෂ්මත් සවිට්ඨ තෙමේද, ආයුෂ්මත් නාරද තෙමේද, ආයුෂ්මත් ආනන්ද තෙමේද කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වාසය කෙරෙති.
එකල්හි ආයුෂ්මත් “සවිට්ඨ” තෙමේ ආයුෂ්මත් මූසිල තෙරුන්ට මෙය කීය. “ඇවැත් මූසිලය, අනුන් කියන දෙය ඇදහීමෙන් වෙන්වම, අනුන්ගේ කීමට කැමැත්තෙන් වෙන්ව, අනුශ්‍රැතියෙන් (පරම්පරාගත කථාවෙන්) වෙන්ව, ආකාර පරිවිතර්කයෙන් (ආකාර කල්පනා කිරීමෙන්) වෙන්ව, දිට්ඨිනිජ්ජාන ඛන්තියෙන් (තර්කයෙන්) වෙන්ව, ඇවැත් මූසිලහට ජාතිය (ඉපදීම) නිසා ජරාමරණය ඇතිවේයයි තමන්ම උපදවා ගත් ඤාණය ඇත්තේද”? “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ජාතිය නිසා ජරාමරණය ඇතිවේය යන මෙය මමම දනිමි. මමම දකිමි.”
“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට භවය නිසා ඉපදීම ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට උපාදානය නිසා භවය ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, උපාදානය නිසා භවය ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට තණ්හාව නිසා උපාදානය ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, තණ්හාව නිසා උපාදානය ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට වේදනාව නිසා තණ්හාව ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, වේදනාව නිසා තණ්හාව ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට ස්පර්ශය නිසා වේදනාව ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ස්පර්ශය නිසා වේදනාව ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට සළායතන නිසා ස්පර්ශය ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, සළායතන නිසා ස්පර්ශය ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට නාමරූප නිසා සළායතන ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, නාමරූප නිසා සළායතන ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීම��න් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”
“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට ජාති නිරෝධයෙන් (ඉපදීම නැති කිරීමෙන්) ජරාමරණය නැතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඉපදීම නැති කිරීමෙන් (ජාති නිරෝධයෙන්) ජරාමරණය නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට භවය නැතිකිරීමෙන් ඉපදීම නැතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, භවය නැතිවීමෙන් ජාතිය නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට උපාදානය නැතිකිරීමෙන් භවය නැතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, උපාදානය නැතිවීමෙන් භවය නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට තණ්හාව නැතිකිරීමෙන් උපාදානය නැතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, තණ්හාව නැතිකිරීමෙන් උපාදානය නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට ස්පර්ශය නැතිකිරීමෙන් වේදනාව නැතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට සළායතන නැතිකිරීමෙන් ස්පර්ශය නැතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, සළායතනයන් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට නාමරූප නැතිකිරීමෙන් සළායතන නැතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, නාමරූපයන් නැතිවීමෙන් සළායතනයන් නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට විඤ්ඤාණය නැතිකිරීමෙන් නාමරූප නැතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූපයන් නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට සංස්කාර නැතිකිරීමෙන් විඤ්ඤාණය නැතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.” “ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට අවිජ්ජාව නැතිකිරීමෙන් සංස්කාර නැතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, අවිජ්ජාව නැතිවීමෙන් සංස්කාර නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”
“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, ඇවැත් මූසිලහට භවය නැතිවීම නිර්වාණයයි කියා තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?” “ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්වම, දෘෂ්ටියක් විමසා එකඟවීමෙන් වෙන්වම, භවය නැතිවීම නිර්වාණයයි කියා මෙය මම දනිමි. මෙය මම දකිමි.” “එසේ නම් ආයුෂ්මත් මූසිල තෙරුන් වහන්සේ ආශ්‍රව ක්ෂය කළ රහතන් වහන්සේ නමකි.” මෙසේ කී කල්හි ආයුෂ්මත් මූසිල තෙරුන් වහන්සේ නිශ්ශබ්ද වූහ.