1. 6. 7.
7. තරුණ රුක්ඛ සූත්රය
57. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි රසවිඳගැනීම් අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරාමරණ, ශෝක, දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.
“මහණෙනි, (ඵලහට නොගත්) තරුණ ගසක් වේද, පුරුෂයෙක් කලින්කල ඒ ගසේ මුල් ශුද්ධකරන්නේද කලින් කල (පොහොර) පස් දෙන්නේද, කලින් කල ජලය දෙන්නේද, මහණෙනි, මෙසේ වනාහි ඒ තරුණවූ, (ඵලහට නොගත්) ගස එය ආහාර කොට ඇත්තේ, ඒ හේතුවෙන් වැඩීමට, දියුණුවීමට, මහත්වීමට පැමිණෙන්නේය.
මහණෙනි එසේම වනාහි සංයෝජනයන්ට අරමුණුවූ ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි. ජාතිය (ඉපදීම) නිසා ජරා මරණ, ශෝක, පරිදේව දුක් දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇති වෙයි.
“මහණෙනි, සංයෝජනයන්ට අරමුණුවූ ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හාතොමෝ නැතිවන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්) දුක් දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි.
“මහණෙනි, යම්සේ වනාහි තරුණ ගසක් වේද, ඉක්බිති පුරුෂයෙක් කූඩයක් සහ උදැල්ලක් ගෙන එන්නේය. (අවුත්) හෙතෙම ඒ ගසේ මුල් කපන්නේය. මුල් කපා, මුල් හාරන්නේය. මුල්හාරා, යටත් පිරිසෙයින් සැවැන්න මුල් පමණවූද, මුල් උදුරන්නේය. හෙතෙම ඒ ගස කඩ කඩ කොට කපන්නේය. කඩ කඩ කොට කපා, පළන්නේය. පළා කැබලි කැබලි කරන්නේය. කැබලි කැබලි කොට, පවනෙහි සහ අවුවෙහි වේලන්නේය. පවනෙහි සහ අවුවෙහි වේලා, ගින්නෙන් පුළුස්සන්නේය. ගින්නෙන් පුළුස්සා අළු කරන්නේය. අළුකොට, තද සුළඟෙහි හෝ පොලාහරින්නේය. සීඝ්රයෙන් (ඉක්මණින්) ගලා බස්නාවූ, දියදහරින් යුත් ගඟෙහි හෝ පාකර හරින්නේය. මහණෙනි, එසේ වනාහි ඒ තරුණ ගස මුල් කපන ලද්දේ, තල් කඳක් මෙන් කරන ලද්දේ, මත්තෙහි නොවැඩෙනසේ අභාවයට පත්කරන ලද්දේ වන්නේය.
“මහණෙනි, මෙසේම වනාහි දස සංයෝජන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ නැතිවන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්) දුක් දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.
1. 6. 8.
8. නාමරූප සූත්රය
58. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ මහණෙනියි කියා භික්ෂූන් ඇමතූසේක. ස්වාමීනියි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ නාමරූපයට බැස ගැනීම වෙයි. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවේ. උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.
“මහණෙනි, යම්සේ මහ ගසක් වේද, ඒ ගසේ යටට ගමන් කරන්නාවූ, යම් යටට බස්නා මුල් වෙත්ද, හරහට ගමන් කරන්නාවූ යම් මුල් වෙත්ද, ඒ සියල්ලම උඩට ඕජාව ගෙනයෙත්. මහණෙනි, එසේ වනාහි ඒ මහ ගස ඒ (ඕජාව) නිසා ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය.
“මහණෙනි, එසේම වනාහි දස සංයෝජනය ධර්මයන්හි රස විඳ ගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ නාම රූපයට බැසගැනීම වෙයි. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවේ. උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරාමරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.
“මහණෙනි, සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ නාමරූපයට බැස ගැනීම නොවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය (දැඩිව අල්ලා ගැන්ම) නැතිවෙයි. උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් නැතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය නැතිවෙයි.
“මහණෙනි, යම්සේ මහ ගසක් වේද, ඉක්බිති පුරුෂයෙක් උදැල්ලක් සහ කූඩයක් ගෙන එන්නේය. (අවුත්) හෙතෙම ඒ ගසේ මුල් කපන්නේය. මුල් කපා මුල් හාරන්නේය. මුල් හාරා, යටත් පිරිසෙයින් සැවැන්න මුල් පමණවූද, මුල් උදුරන්නේය. හෙතෙම ඒ ගස කඩ කඩ කොට කපන්නේය. කඩ කඩ කොට කපා, පළන්නේය. පළා, කැබලි කැබලි කරන්නේය. කැබලි කැබලි කොට පවනෙහි සහ අවුවෙහි වේලන්නේය. පවනෙහි සහ අවුවෙහි වේලා, ගින්නෙන් පුළුස්සන්නේය. ගින්නෙන් පුළුස්සා අළු කරන්නේය. අළුකොට, තද සුළඟෙහි හෝ පොලා හරින්නේය. ශීඝ්රයෙන් (ඉක්මණින්) ගලා බස්නාවූ දිය දහරින් යුත් ගඟෙහි හෝ පාකර හරින්නේය. මහණෙනි, මෙසේ වනාහි ඒ මහ ගස මුල් කපන ලද්දේ තල් කඳක් මෙන් කරන ලද්දේ මත්තෙහි නොවැඩෙනසේ අභාවයට පත්කරන ලද්දේ වන්නේය.
“මහණෙනි, මෙසේ වනාහි සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ නාම රූපයන්ට බැස ගැනීම නොවෙයි. නාමරූපයන් නැතිවීමෙන් සළායතනයන් නැතිවෙයි. සළායතනයන් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේ. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය (දැඩිව අල්ලා ගැන්ම) නැතිවෙයි. උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් නැතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය නැතිවෙයි.
1. 6. 9.
9. විඤ්ඤාණ සූත්රය
59. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ විඤ්ඤාණයට බැසගැනීමවෙයි. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි. නාමරූප නිසා සළායතන ඇතිවෙයි. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවේ. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.
“මහණෙනි, මහගසක් යම්සේ වේද, ඒ ගසේ යටට යන්නාවූ, යම් යටට බස්නාවූ මුල් වෙත්ද, හරහට ගමන් කරන්නාවූ යම් මුල් වෙත්ද, ඒ සියල්ලම උඩට ඕජාව ගෙනයෙත් මහණෙනි, එසේ වනාහි ඒ මහගස ඒ ඕජාව නිසා ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය.
“මහණෙනි, එසේම වනාහි දස සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ විඤ්ඤාණයට බැසගැනීම වෙයි. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි. නාමරූප නිසා සළායතන ඇති වෙයි. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිව අල්ලාගැනීම) ඇතිවේ. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.