1. 4. 6.
6. අවිජ්ජා සූත්රය
36. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස් වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.
“මහණෙනි, ජරාමරණ කවරේද? මේ ජරාමරණය වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘ජරාමරණය අනිකකිය. මේ ජරාමරණය වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්යඤ්ජන පමණක් වෙනසි.
මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචරියා වාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, ජාතිය නිසා ජරාමරණය ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක.
“මහණෙනි, ජාතිය කවරේද? මේ ජාතිය වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද? මහණෙනි, ‘ජාතිය අනිකකි. මේ ජාතිය වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්යඤ්ජන පමණක් වෙනසි. “මහණෙනි, භවය කවරේද? මේ භවය වනාහි කාගේදැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘භවය අනිකකි. මේ භවය වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්යඤ්ජන පමණක් වෙනසි. “මහණෙනි, උපාදානය කවරේද? මේ උපාදානය වනාහි කාගේදැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘උපාදානය අනිකකි. මේ උපාදානය වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්යඤ්ජන පමණක් වෙනසි. “මහණෙනි, තණ්හාව කවරේද? මේ තණ්හාව වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘තණ්හාව අනිකකි. මේ තණ්හාව වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්යඤ්ජන පමණක් වෙනසි. “මහණෙනි, වේදනාව කවරේද? මේ වේදනාව වනාහි කාගේදැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘වේදනාව අනිකකි. මේ වේදනාව වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්යඤ්ජන පමණක් වෙනසි. “මහණෙනි, ස්පර්ශය කවරේද? මේ ස්පර්ශය වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ස්පර්ශය අනිකකි. මේ ස්පර්ශය වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්යඤ්ජන පමණක් වෙනසි. “මහණෙනි, සළායතන කවරේද? මේ සළායතන වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘සළායතන අනිකකි. මේ සළායතන වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්යඤ්ජන පමණක් වෙනසි. “මහණෙනි, නාමරූප කවරේද? මේ නාමරූප වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘නාමරූප අනිකකි. මේ නාමරූප වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්යඤ්ජන පමණක් වෙනසි. “මහණෙනි, විඤ්ඤාණය කවරේද? මේ විඤ්ඤාණය වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, විඤ්ඤාණය අනිකකි. මේ විඤ්ඤාණය වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්යඤ්ජන පමණක් වෙනසි. “මහණෙනි, සංස්කාර කවරේද? මේ සංස්කාර වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘සංස්කාර අනිකකි. මේ සංස්කාර වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්යඤ්ජන පමණක් වෙනසි.
මහණෙනි, ජීවයත් එයය ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, භවය නිසා ජාතිය ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක. මහණෙනි, ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචරියා වාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, භවය නිසා උපාදානය ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, උපාදානය නිසා තණ්හාව ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, තණ්හාව නිසා වේදනාව ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇතිකල්හි බ්රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, වේදනාව නිසා ස්පර්ශය ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇතිකල්හි බ්රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, ස්පර්ශය නිසා සළායතන ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇතිකල්හි බ්රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, සළායතන නිසා නාමරූප ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇතිකල්හි බ්රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ නාමරූප නිසා විඤ්ඤාණය ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇතිකල්හි බ්රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, විඤ්ඤාණය නිසා සළායතන ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇතිකල්හි බ්රහ්මචරියා වාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, සංස්කාර නිසා සළායතන ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.
“මහණෙනි, මිථ්යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. ජරාමරණය කවරේද? මේ ජරාමරණය කාගේදැයි කියා හෝ අවිද්යාව ඉතිරි නොකොට පහකිරීම හේතුකොටගෙන යමෙකුට ජරාමරණය අනිකකි. මේ ජරාමරණය අනිකෙකුගේයයි කියා හෝ ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ, ජීවය අනිකකි ශරීරය අනිකකියි කියා හෝ පවත්නාවූ මිථ්යාදෘෂ්ටි වැරදි දැකීම් විපරිත දැකීම් වෙත්ද, ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්.
“මහණෙනි, මිථ්යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද, ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, ජාතිය කවරේද? මේ ජාතිය කාගේදැයි කියා හෝ, ජාතිය අනිකකැයි කියා හෝ ජාතිය අනිකකුගේයයි කියා හෝ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ, ජීවය අනිකකි. ශරීරයත් අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්. “මහණෙනි, මිථ්යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, භවය කවරේද? මේ භවය කාගේදැයි කියා හෝ භවය අනිකකැයි අනිකෙකුගේයයි කියා හෝ මේ භවය අනිකකුගේ යයි කියා හෝ ජීවයත් එයය ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්. “මහණෙනි, මිථ්යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, උපාදානය කවරේද? මේ උපාදානය කාගේදැයි කියා හෝ උපාදානය අනිකකැයි, කියා හෝ මේ උපාදානය අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්. “මහණෙනි, මිථ්යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, තණ්හාව කවරේද? මේ තණ්හාව කාගේදැයි කියා හෝ තණ්හාව අනිකකැයි කියා හෝ මේ තණ්හාව අනිකකුගේ යයි කියා හෝ ජීවයත් එයය ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්. “මහණෙනි, මිථ්යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, වේදනාව කවරේද? මේ වේදනාව කාගේදැයි කියා හෝ වේදනාව අනිකකැයි කියා හෝ මේ වේදනාව අනිකෙකුගේයයි කියා හෝ ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්. “මහණෙනි, මිථ්යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, ස්පර්ශය කවරේද? මේ ස්පර්ශය කාගේදැයි කියා හෝ ස්පර්ශය අනිකකැයි කියා හෝ මේ ස්පර්ශය අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නො උපදින ස්වභාව ඇත්තාහු වෙත්. “මහණෙනි, මිථ්යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, සළායතන කවරේද? මේ සළායතන කාගේදැයි කියා හෝ සළායතන අනිකකැයි කියා හෝ මේ සළායතන අනිකකුගේයයි කියා හෝ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්. “මහණෙනි, මිථ්යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, භවය කවරේද? මේ නාමරූප කාගේදැයි කියා හෝ නාමරූප අනිකකැයි කියා හෝ මේ නාමරූප අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන්, කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්. “මහණෙනි, මිථ්යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, විඤ්ඤාණය කවරේද? මේ විඤ්ඤාණය කාගේදැයි කියා හෝ විඤ්ඤාණය අනිකකැයි කියා හෝ මේ විඤ්ඤාණය අනිකකුගේ යයි කියා හෝ ජීවයත් එයය ශරීරයත් එයම යයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්. “මහණෙනි, මිථ්යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, සංස්කාර කවරේද? මේ සංස්කාර කාගේදැයි කියා හෝ සංස්කාර අනිකකයි කියා හෝ මේ සංස්කාර අනිකකුගේ යයි කියා හෝ ජීවයත් එයය ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්.
1. 4. 7.
7. නතුම්හාක සූත්රය
37. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී, භාග්යවතුන්වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මේ කය නුඹලාගේ නොවේ. අනුන්ගේද නොවේ. මහණෙනි, මේ කය පුරාණවූ කර්මයෙන් උපන්නේය. ප්රත්යයන්ගෙන් කරන ලද්දේය. චේතනාව මුල් කොට ඇත්තේයයිද, වේදනාව වස්තුයයිද දතයුතුය.
මහණෙනි, එහිදී, ශ්රැතවත් (බොහෝ ඇසූපිරූ තැන් ඇති) ආර්යශ්රාවකතෙම වනාහි “පටිච්චසමුප්පාදයම” මනාකොට නුවණින් මෙනෙහි කරයි. ‘මෙසේ මේ හේතුව ඇති කල්හි මේ ඵලය ඇති වෙයි. මේ හේතුව ඇතිවීමෙන් මේ ඵලය ඇතිවේ. මේ හේතුව නැති කල්හි මේ ඵලය නැතිවේ. මේ හේතුව නැතිවීමෙන් මේ ඵලය නැතිවේ, යනුවෙනි. හේ මෙසේයි:- “අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඥාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. (ඉපදීම) ජාතිය නිසා ජරාමරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම්, ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් සමූහය ඇතිවේ. අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාර නැතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැති වෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැති වෙයි, භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය) නැතිවෙයි ජාතිය (උත්පත්තිය) නැතිවීමෙන් ජරා මරණ, ශෝක පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් සමූහය නැතිවෙයි.