1. 4. 8.
සකලික සූත්රය.
38. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් මුව වෙනෙහි වැඩවසන සේක.
එසමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේගේ පාදයෙහි ගල් පතුරක් වැදුනේය. (එයින්) භාග්යවතුන් වහන්සේට දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, බලවත් කායික දුක් වේදනාවෝ උපන්හ. භාග්යවතුන් වහන්සේ වනාහි එළඹ සිටි සිහි ඇතිසේක්, නුවණ ඇති සේක්, එහෙයින් නොපෙළෙන්නාහු ඒ වේදනාවන් ඉවසන සේක.
එකළ භාග්යවතුන් වහන්සේ සඟළ සිවුර සතර පටක් කොට පණවාගෙන දකුණු පය පිට වම් පය මඳක් ඉක්මවා තබා සිහිනුවණැතිව දකුණු ඇලයෙන් (සිංහයෙකුගේ නිදීමට බඳු) ශයනය කළ සේක.
එකල්හි වනාහි සත්සියයක් සතුල්ලපකායික දෙවියෝ රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ශෝභා ඇත්තාහු සියලු මද්දකුච්ඡි වනය බබුඵවා භාග්යවතුන් වහන්සේ වෙක පැමිණියහ. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ. එවිට එක් පසෙක සිටියාවූ එක් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීති වාක්ය පහළ කෙළේය:
“ස්වාමීනි, පුදුමයෙකි’. ශ්රමණ ගෞතම තෙම හස්තියෙකි. එසේ ඇතෙකු බැවින්ම තමහට ඇතිවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශරීරගත වේදනාවන් සිහිනුවණ ඇතිව පීඩා නොවිඳිමින් ඉවසයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීති වාක්යය පහළ කෙළේය:
“ස්වාමීනි, පුදුමයෙකි’. ශ්රමණ ගෞතම තෙම සිංහයෙක. සිංහයෙකු නිසාම, ඇතිවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශරීරගත වේදනාවන් සිහි නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීති වාක්යය පහළ කෙළේය:
“ස්වාමීනි, පුදුමයෙකි’. ශ්රමණ ගෞතම තෙම ආජානීයයෙක’. ආජානීය බැවින්ම හටගත් දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශාරීරික වේදනාවන් සිහි නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීති වාක්යය පහළ කෙළේය:
“පින්වත්නි පුදුමයකි’. ශ්රමණ ගෞතම තෙම (ගවයන් ලක්සයකට අධිපතිවූ නීසහයෙක) අප්රතිසමයෙක.සමාන කිරීමට අනිකෙක් නැත්තෙක). අප්රතිසම බැවින්ම හටගත් දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශාරීරික වේදනාවන් සිහිනුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්රීතිවාක්යය පහළ කෙළේය:
“පින්වත්නි, පුදුමයකි’. ශ්රමණ ගෞතම තෙම බර උසුලන්නෙකි. බර උසුලන්නෙකු හෙයින්ම හටගත් ශාරීරිකවූ, දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, වේදනාව සිහිනුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීති වාක්යය පහළ කෙළේය:
“ස්වාමීනි, පුදුමයකි’. ශ්රමණ ගෞතම තෙම දැමුණු කෙනෙක, දැමුණු බැවින්ම ශාරීරිකවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, වේදනාවන් සිහි නුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීති වාක්යය පහළ කෙළේය: