1. 3. 8.
මහද්ධන සූත්‍රය
28. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එත් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ මෙීපයෙහි මේ ගාථාව කීය:
“මහත් ධන ඇති, මහත් වස්තු ඇති, රටවල් අයිති රජහු පවා කාමයන්හි තෘප්තියට නොපැමිණියාහු එකෙක් අනෙකකුගේ වස්තුව පතත්. ඔවුන් සසර මහ වතුර අනුව යන්නන්ව උත්සාහීවූ කල්හි මෙහි (ලොව) කවුරුනම් තණ්හාව දුරැලුවෝද? ලොව කවුරු නම් උත්සාහ නැත්තෝද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“ගිහි ගෙය හැර ප්‍රියවූ දරුවන්ද, ගව මහිෂාදී සිවුපා සමූහයාද හැර පැවිදිවූ, රාගයත් ද්වේෂයත් දුරලා අවිද්‍යාවත් පහකොට සිටි, කෙලෙස් නැසූ ඒ රහත්හු ලොව කාමයන් සෙවීම් ආදියෙහි උත්සාහ නැත්තෝය.”
1. 3. 9.
චතුචක්ක සූත්‍රය
29. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැක් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහත්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
[දේවතාවා:]
“මහා වීරයන් වහන්ස, රෝද ෂතරක් ඇති, දොර නවයක් ඇකිථ අසූචියෙන් පිරුණු, ලෝභයෙන් යුක්තවූ, මඩෙන් උපන් ශරීරයාගේ එතරවීම කෙසේ වන්නේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“බද්‍ධ වෛර නමැති ලනුවද, (කෙලෙස් නමැති) වරපටද, (නොලත් දේ පැතුම නම්) ලාමකවූ ඉච්ඡාවද, ලත් දැයෙහි ඇල්මද, සිඳ දමා, (අවිද්‍යා නමැති) මුල සහිත තණ්හාව උදුරා දැමීමෙන් මෙසේ ශරීරයාගේ එතරවීම වන්නේය.”
1. 3. 10.
එණිජඞ්ඝ සූත්‍රය
30. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
[දේවතාවා:]
“ඒණි මුවෙකුගේ බඳු වට කෙණ්ඩා ඇති, කෘශවූ, ස්වල්පාහාර ඇති, ලොල් බැව් නැති, හුදෙකලිව හැසිරෙන සිංහයෙකු බඳු, ඇතකු බඳු, කාම අපේක්‍ෂා නැති, වීරයන් වහන්සේ කරා එළඹ විචාරම්හ: දුකින් කෙසේ මිදෙමුද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“ලොව මනැස සවැනි කොට ඇති පඤචකාම බන්‍ධන ප්‍රසිද්ධයහ. මෙහි ඇල්ම දුරලීමෙන් මෙසේ දුකින් මිදේ”
තෙවැනි සත්ති වර්‍ගසසි.
තත්රුද්දානං:
සත්ති, ඵුසති, ජටා, මනොනිවාරණ, අරහන්ත, පජ්ජොත, සර, මහද්ධන, නවවන චතුචක්ක හා දසවන එණිජඞ්ඝ සූත්‍රයයි.
4. සතුල්ලපකායික වර්‍ගය
1. 4. 1.
1. සබ්භි සූත්‍රය
31. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල සතුල්ලපකායික නම්න් දන්නාලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්මුණු කල මනා පැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පසෙක සිටියහ.
පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනගැන්මෙන් වැඩි දියුණුව වෙයි. පිරිහීමෙක් නොවෙයි.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය: