3. සත්ති වර්ගය
1. 3. 1.
සත්ති සූත්රය
21. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේය:
“හුලකින් අනින ලද්දකු මෙන්ද, හිස ගිනි ඇවිල ගත්තකු මෙන්ද, මහණ තෙමේ කාමරාගය නසනු පිණිස සිහි ඇතිව වසන්නේය.”
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)
“හුලකින් අනින ලද්දකු සේත්, හිස ගිනි ඇවිලගත්තකු සේත් මහණ තෙමේ සක්කායදෘෂ්ටිය නසනු පිණිස සිහි ඇතිව (අප්රමාදව) වසන්නේය.”
1. 3. 2.
ඵුසති සූත්රය
22. මා විසින් මෙසේ අසන ලදී, එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි රක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියළු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ. භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේය:
“කර්මය ස්පර්ශ නොකරන්නා ස්පර්ශ නොකෙරේ. (කර්ම ත්නාකරන්නාහට විපාක නොලැබේ.) කර්මය ස්පර්ශ කරන්නහුම විපාකතෙමේ ස්පර්ශ කෙරේ (කර්ම ඛරන්නාහටම විපාකය වේ.) එහෙයින් නොකිපුණාවූ පුද්ගලයන්ට ද්වේෂ කරන, පාප කර්ම ෂ්පර්ශ කරන්නහු (පව් කම් කරන්නා) වහි නපුරු විපාකය තෙමේ ස්පර්ශ කරයි. (ඔහුට ඒ පව්කම්හි විපාක ලැබේ.)”
(භාග්යන්තුන් වහන්සේ මෙසේ වදාළසේක:)
“කිසිවෙකුට වරද (ද්වේෂ) නොකළ, නිරපරාධ (පිරිසිදු)වූ, කෙළෙස් නැති සත්ත්වයකුට (යමෙක්) වරද කෙරේද, ඒ පාපයම උඩුසුළඟට දැමූ සියුම් දූවිල්ල සේ දුක් විපාක වශයෙන් ඒ අඥානයා කරාම පෙරළා එයි.”
1. 3. 3.
ජටා සූත්රය
23. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියළු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේය:
“ඇතුළතද අවුල්ය. පිටතද අවුල්ය. සත්ත්ව සමූහයා අවුලෙන් බැඳුණේය. ගෞතමයන් වහන්ස, කවරෙක් මේ අවුල බේරිය හැකි වන්නේද? එය ඔබ අතින් විචාරමි”
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“නුවණැති යම් කෙනෙක් ශීලයෙහි පිහිටා, චිත්තයත් (සමාධියත්), ප්රඥාවත් (විදර්ශනාවත්) වඩන්නේද, කෙලෙස් තවන වීර්ය්ය උැති, ස්ථානොචිත ප්රඥාවෙන් යුක්තවූ (සසර බිය දක්නා ගති ඇති) ඒ භික්ෂු තෙම මේ අවුල බේරිය හැකි වන්නේය.
“රාගයත්, ද්වේෂයත්, අවිද්යාවත් යම් කෙනෙකුන් විසින් දුරලන ලද්දාහුද, ඔවුහු ආශ්රව (කෙලෙස්) දුරලූ රහත්හු වෙති. ඔවුන් විසින් මේ අවුල ලිහන ලදී.
“යම් තැනෙක නාමයත්, රූපයත් නොඉතිරිවම නිරුද්ධ වේද, කාම භවයත්, රූප භවයත් අරූප භවයත් නැසේද එතැනදී මේ අවුල සිඳීයෙයි.”
1. 3. 4.
මනො නිවාරණ සූත්රය
24. මා විසින් මෙසේ අසනලදී. එත් තලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලදජේතවනාරාමයෙහි වැඩවසන සේත.
එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යමෙකින් යමෙකින් සිත වළක්වා ගන්නේ නම්, ඒ ඒ දෙයින් ඔහුට දුකෙක් නොපැමිණේ. එබැවින් සියල්ල කෙරෙන්ම සිත වළක්වා ලන්නේ නම් ඔහු සියලු දුකින් මිදේ.”
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“සිත සියල්ලෙන්ම නොවළකන්නේය. (වැළකිය යුතු නොවේ.) සංයත බවට පැමිණි සිත නොම වළකන්නේය. යමෙකින යමෙකින් අකුසල් උපදනේ නම්, ඒ ඒ දෙයින් සිත වළක්වා රැකගන්ාන්ය.”
1. 3. 5.
අරහන්ත සූත්රය
25. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සිවිත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැ්මිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය: