1. 3. 6.
පජ්ජොත සූත්රය
26. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“යමෙකින් ලොව බබළා නම්, ඒ ලොව එලිය කරන දේ කොතෙක්ද? භාග්යවතුන් වශන්සේ වෙතින් විචාරන්නට අවුත් සිටිමු. අපි එය කෙසේ නම් දැන ගනිමුද?”
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“ලොව එළිය කරන දේ සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. දහවල් හිරු බබළයි. රෑ සඳු බබළයි. තවද දිවා රෑ දෙක්හි ගින්න ඒ ඒ තැන බබළයි. සම්බුද්ධයන් වහන්සේ බබළන්නවුන් අතරෙහි ශ්රේෂ්ඨය. මේ හැමටම වැඩි තරම්වූ ආලෝකයයි.”
1. 3. 7.
සර සූත්රය
27. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“(සංසාර) කඳුරැළි කොතන්හි නවතීද? (සංසාර) දියසුලිය කොතැනදී නවත්නේද? නාමයත් රූපයත් කොතැනදී නොයිතිරිව නැතිවේද?”
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“යම් තැනෙක ආපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේාජා් ධාතුවත්, වායෝ ධාතුවත් නොපිහිටාද, (ඒ මේ නිවනෙහි) සසර කඳුරැළි නවතී. (ඒ මේ නිවනෙහි) සසර දිය සුලිය නොපෙරළෙයි. (ඒ මේ නිවනෙහි) නාමයත් රූපයත් මුඵමනින් නැතිවේ.”
1. 3. 8.
මහද්ධන සූත්රය
28. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එත් පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන් වහන්සේ මෙීපයෙහි මේ ගාථාව කීය:
“මහත් ධන ඇති, මහත් වස්තු ඇති, රටවල් අයිති රජහු පවා කාමයන්හි තෘප්තියට නොපැමිණියාහු එකෙක් අනෙකකුගේ වස්තුව පතත්. ඔවුන් සසර මහ වතුර අනුව යන්නන්ව උත්සාහීවූ කල්හි මෙහි (ලොව) කවුරුනම් තණ්හාව දුරැලුවෝද? ලොව කවුරු නම් උත්සාහ නැත්තෝද?”
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“ගිහි ගෙය හැර ප්රියවූ දරුවන්ද, ගව මහිෂාදී සිවුපා සමූහයාද හැර පැවිදිවූ, රාගයත් ද්වේෂයත් දුරලා අවිද්යාවත් පහකොට සිටි, කෙලෙස් නැසූ ඒ රහත්හු ලොව කාමයන් සෙවීම් ආදියෙහි උත්සාහ නැත්තෝය.”
1. 3. 9.
චතුචක්ක සූත්රය
29. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැක් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහත්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
[දේවතාවා:]
“මහා වීරයන් වහන්ස, රෝද ෂතරක් ඇති, දොර නවයක් ඇකිථ අසූචියෙන් පිරුණු, ලෝභයෙන් යුක්තවූ, මඩෙන් උපන් ශරීරයාගේ එතරවීම කෙසේ වන්නේද?”
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“බද්ධ වෛර නමැති ලනුවද, (කෙලෙස් නමැති) වරපටද, (නොලත් දේ පැතුම නම්) ලාමකවූ ඉච්ඡාවද, ලත් දැයෙහි ඇල්මද, සිඳ දමා, (අවිද්යා නමැති) මුල සහිත තණ්හාව උදුරා දැමීමෙන් මෙසේ ශරීරයාගේ එතරවීම වන්නේය.”