1. 3. 4.
මනො නිවාරණ සූත්රය
24. මා විසින් මෙසේ අසනලදී. එත් තලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලදජේතවනාරාමයෙහි වැඩවසන සේත.
එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යමෙකින් යමෙකින් සිත වළක්වා ගන්නේ නම්, ඒ ඒ දෙයින් ඔහුට දුකෙක් නොපැමිණේ. එබැවින් සියල්ල කෙරෙන්ම සිත වළක්වා ලන්නේ නම් ඔහු සියලු දුකින් මිදේ.”
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“සිත සියල්ලෙන්ම නොවළකන්නේය. (වැළකිය යුතු නොවේ.) සංයත බවට පැමිණි සිත නොම වළකන්නේය. යමෙකින යමෙකින් අකුසල් උපදනේ නම්, ඒ ඒ දෙයින් සිත වළක්වා රැකගන්ාන්ය.”
1. 3. 5.
අරහන්ත සූත්රය
25. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සිවිත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැ්මිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“සිවු මගින් කළ යුතු දෙ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන යම් රහත් භික්ෂුවෙක් වේනම්, ඔහු ‘මම කිසමි’ කියාත් කියන්නේද? ‘(ඔවුහු) මට කියති’ කියාත් කියන්නේද?”
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“කළ යුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන්නාවූ, යම් රහත් භික්ෂුවෙක් වේ නම්, ඔහු ‘මම කියමි’ කියාත් කියන්නේය. ‘මට කියත්ය’ කියාත් කියන්නේය. නුවණැති ඔහු ලෝක ව්යවහාරයද දැන ව්යවහාර මාත්රයෙන් (’මම කියමි’, ‘මට කියති’ යනාදිය) ව්යවහාර කරන්නේය.”
[දේවතාවා:]
“කළයුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන, යම් රහත් භික්ෂුවෙක් වේ නම්, ඔහු මානය නිසා හෝ ‘මම කියමි’ කියාත් ‘මට කියති’ යි කියාත් කියන්නේද?”
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“ඔහුගේ මානය ප්රහීණය. මාන (ගැට) ඔහුට නැත. ඔහු විසිත් සියලු මාන ගැට හාත්පසින් නසනලදී. මනා නුවණැති ඔහු තණ්හා ඉක්මවූයෙක. (එසේවූ) ඔහු ‘මම කියමි’ කියාද, ‘මට කියති’ කියාද කියන්නේය. නුවණැති ඔහු ලෝක ව්යවහාරයද දැන හුදෙක් ව්යවහාර වශයෙන් (’මම’, ‘මට’ යන ආදිය) කියන්නේය.
1. 3. 6.
පජ්ජොත සූත්රය
26. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“යමෙකින් ලොව බබළා නම්, ඒ ලොව එලිය කරන දේ කොතෙක්ද? භාග්යවතුන් වශන්සේ වෙතින් විචාරන්නට අවුත් සිටිමු. අපි එය කෙසේ නම් දැන ගනිමුද?”
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“ලොව එළිය කරන දේ සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. දහවල් හිරු බබළයි. රෑ සඳු බබළයි. තවද දිවා රෑ දෙක්හි ගින්න ඒ ඒ තැන බබළයි. සම්බුද්ධයන් වහන්සේ බබළන්නවුන් අතරෙහි ශ්රේෂ්ඨය. මේ හැමටම වැඩි තරම්වූ ආලෝකයයි.”