3. 5. 9.
පිණ්ඩපාත පාරිශුද්ධි සූත්රය
එවං මෙ සුතං: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන්වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගී සිටියේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළැඹියේය. එළඹ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:
ශාරීපුත්රය, තොපගේ ඉන්ද්රියයෝ විශේෂයෙන් ප්රසන්නයහ. ඡවිවර්ණය පිරිසිදුය. ශාරීපුත්රය, ඔබ දැන් කවර විහරණයකින් බහුලව වසන්නෙහි දැයි:
“ස්වාමීනි, මම මේ කාලයෙහි බහුලකොට ශූන්යතා ඵලසමාපත්ති විහරණයෙන් වෙසෙමි” යි.
“යහපති, යහපති. ශාරීපුත්රය, මහාපුරුෂයන්ගේ විහරණයෙන් ඔබ දැන් බහුලව වෙසෙයි. ‘ශාරීපුත්රය, යම් මේ ශූන්යතා ඵල සමාපත්තියක් වේද, එය මහාපුරුෂයන්ගේ වාසය වන්නේය. එහෙයින් ශාරීපුත්රය, මේ ශාසනයෙහි භික්ෂුව බහුලකොට ඵලසමාපත්ති විහරණයෙන් යුක්තව වසන්නෙමියි, කැමති වන්නේද, ශාරීපුත්රය, ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් සැලකිය යුතුයි. ‘මම යම් මගෙකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මාර්ගයකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහිදී චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ රූපාරම්මණයන්හි කැමැත්ත හෝ ඇලීම හෝ ද්වේෂය හෝ මුළාවීම හෝ කිපීම හෝ මාගේ සිතෙහි ඇත්තේද’ කියායි.
ඉදින් ශාරීපුත්රය, භික්ෂුව නුවණින් ප්රත්යවේක්ෂා කරන්නේ ‘මම යම් මඟකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසෙක්හි පිඬු පිණිස හැසුරුණෙම්ද, යම් මාර්ගයකින් ගමේ පිඬු සිඟීමෙන් වැළකී ආයෙම්ද, එතැන්හි චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ රූපාරම්මණයන්හි කැමැත්ත හෝ ඇලීම හෝ ද්වේෂය හෝ මෝහය හෝ කිපීම හෝ ඇතැයි’ දනී නම් ශාරීපුත්රය, ඒ භික්ෂුව විසින් ලාමකවූ ඒ අකුසල කර්මයන්ගේම ප්රහාණය පිණිස වෑයම් කටයුතුය.
ඉදින් වනාහි ශාරීපුත්රය, මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුව ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ රූපාරම්මණයන්හි ඡන්දය හෝ ඇලීම හෝ ද්වේෂය හෝ මෝහය හෝ කිපීම හෝ නැතැයි’ දනී නම් ශාරීපුත්රය, රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්රීතියෙන්ම වාසය කළ යුතුය.
ශාරීපුත්රය, නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කටයුතුය. ‘මම යම් මගකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, ශ්රොතා විඥානයෙන් දතයුතුවූ ශබ්දයන්හිද, ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි’ මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්රය, භික්ෂුව නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළැකී පෙරළා ආයෙම්ද, එතැන්හි කණින් දතයුතුවූ ශබ්දයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ ඇතැයි’ දනී නම් ශාරීපුත්රය, ඒ භික්ෂුව විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්රහාණිය පිණිස වෑයම් කළයුතුය. ශාරීපුත්රය, ඉදින් වනාහි නුවණින් කල්පනාකොට බලන්නාවූ භික්ෂුව ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි කණින් දතයුතුවූ ශබ්දයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ නැතැයි’ දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්රීතියෙන්ම වාසය කළ යුතුය. ශාරීපුත්රය නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින්කල්පනා කටයුතුය. ‘මම යම් මගකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, ඝ්රාණ විඥානයෙන් දතයුතුවූ ගන්ධයන්හිද ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි, මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්රය, භික්ෂුව නුවණින් කල්පනා කොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළැකී පෙරළා ආයෙම්ද, එතැන්හි නාසයෙන් දතයුතුවූ ගන්ධයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්රය, ඒ භික්ෂුව විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්රහාණිය පිණිස වෑයම් කළයුතුය. ශාරීපුත්රය, ඉදින් වනාහි නුවණින් කල්පනාකොට බලන්නාවූ භික්ෂුව ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි නාසයෙන් දතයුතුවූ, ගන්ධයන්හි ඡන්දය හෝ ද්වේෂය හෝ රාගය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ නැතැයි දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්රීතියෙන්ම වාසය කළයුතුය. ශාරීපුත්රය, නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කළයුතුය. ‘මම යම් මගෙකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, ජිහ්වා විඥානයෙන් දතයුතුවූ රසයන්හිද, ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි, මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්රය, භික්ෂුව නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එතැන්හි දිවෙන් දතයුතුවූ රසයන්හි මා සිත පිළිබඳ ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්රය, ඒ භික්ෂුව විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්රහාණය පිණිස වෑයම් කළයුතුය. ශාරීපුත්රය, ඉදින් වනාහි නුවණින් කල්පනා කොට බලන්නාවූ භික්ෂුව ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි දිවෙන් දතයුතුවූ රසයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ නැතැයි දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්රීතියෙන්ම වාසය කළයුතුය. ශාරීපුත්රය, නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කළයුතුය. ‘මම යම් මගෙකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, කාය විඥානයෙන් දතයුතුවූ ස්පර්ශයන්හිද ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්රය, භික්ෂුව නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එතැන්හි කයෙන් දතයුතුවූ ස්පර්ශයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්රය, ඒ භික්ෂුව විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්රහාණය පිණිස වෑයම් කළ යුතුය. ශාරීපුත්රය, ඉදින් වනාහි නුවණින් කල්පනා කොට බලන්නාවූ භික්ෂුව ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගෙකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි කයින් දතයුතුවූ ස්පර්ශයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ නැතැයි දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්රීතියෙන්ම වාසය කළයුතුය. ශාරීපුත්රය නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කළයුතුය. ‘මම යම් මගකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, මනොවිඥානයෙන් දතයුතුවූ ධර්මයන්හිද ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි, මෙනෙහි කළ යුතුය. ශාරීපුත්රය, ඉදින් භික්ෂුව නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළැකී පෙරළා ආයෙම්ද, එතැන්හී සිතින් දතයුතුවූ ධර්මයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්රය, ඒ භික්ෂුව විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්රහාණය පිණිස වෑයම් කළ යුතුයි.
ශාරීපුත්රය, ඉදින් වනාහි නුවණින් කල්පනාකොට බලන්නාවූ භික්ෂුව ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි සිතින් දතයුතුවූ, ධර්මයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්රතිඝය හෝ නැතැයි’ දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්රීතියෙන්ම වාසය කළ යුතුය.
‘නැවතද ශාරීපුත්රය, භික්ෂුව විසින් මාගේ පස්කම් ගුණයෝ ප්රහීණවූවාහුදැයි මෙසේ සැලකිය යුතුය. ඉදින් ශාරීපුත්රය, නුවණින් සලකන්නාවූ භික්ෂුව “මා විසින් පස්කම් ගුණ ප්රහාණය නොකරන ලද්දාහ”යි දනී නම්, ශාරීපුත්රය, ඒ භික්ෂුව විසින් පඤ්චකාම බන්ධනයන්ගේ පහකිරීම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් ශාරීපුත්රය, නුවණින් කල්පනා කරන්නාවූ භික්ෂුව ‘මා විසින් පඤ්චකාම ගුණයෝ පහකරන ලද්දාහුය’යි මෙසේ දනී නම්, ශාරීපුත්රය, රෑ දාවල්හි කුශල ධර්මයන්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්රීතියෙන් යුක්තවම විසිය යුතුයි.
“නැවතද ශාරීපුත්රය, ‘මා විසින් පඤ්චනීවරණයෝ පහකරන ලද්දාහුදැ”යි භික්ෂුව විසින් මෙසේ නුවණින් සැලකිය යුතුය. ඉදින් ශාරීපුත්රය, භික්ෂුව මෙනෙහි කරන්නේ ‘මා විසින් පඤ්චනීවරණයෝ පහනොකරන ලද්දාහ’යි මෙසේ දනී නම් ශාරීපුත්රය, ඒ භික්ෂුව විසින් පඤ්චනීවරණයන්ගේ ප්රහාණය පිණිස වෑයම් කළ යුතුය. ඉදින් වනාහි ශාරීපුත්රය, භික්ෂුව මෙනෙහි කරන්නේ ‘මාගේ පඤ්චනීවරණයෝ ප්රහීණ වූවාහ’යි මෙසේ දනී නම්, ශාරීපුත්රය, රෑ දාවල්හි කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් එම ප්රීතියෙන් වාසය කළ යුතුය.
“නැවතද ශාරීපුත්රය, භික්ෂුව විසින් ‘මා විසින් පඤ්ච උපාදානස්කන්ධයෝ මෙනෙහි කරන්නේ පිරිසිඳ දන්නා ලද්දාහුදැ’යි නුවණින් මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්රය, භික්ෂුව ‘මා විසින් පඤ්චඋපාදානස්කන්ධයෝ පිරිසිඳ නොදන්නා ලද්දාහුය’යි දනී නම් ශාරීපුත්රය, ඒ භික්ෂුව විසින් පඤ්චඋපාදානස්කන්ධයන් පිරිසිඳ දැනීම පිණිස උත්සාහ කටයුතුය. ඉදින් වනාහි ශාරීපුත්රය, නුවණින් සලකන්නාවූ භික්ෂුව ‘මා විසින් පඤ්චඋපාදානස්කන්ධයෝ පිරිසිඳ දන්නා ලද්දාහුය’යි මෙසේ දනී නම් ශාරීපුත්රය, රෑ දාවල්හි කුශල ධර්මයන්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්රීතියෙන් විසිය යුතුය.