1. 3. 7.
චූලහත්ථිපදොපම සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ජානුස්සොනි නම් බ්රහ්මණ තෙම වෙළඹුන් යෙදූ සියල්ල සුදුවූ රථයකින් මධ්යාහ්නයෙහි (මැදි දවල්) සැවැත් නුවර වීථින්හි ගමන් කරයි.
2. ජානුස්සොනි බ්රාහ්මණ තෙම එන්නාවූ පිලොතික නම් පරිබ්රාජකයා දුරදීම දුටුවේය, දැක පිලොතික පරිබ්රාජකයාට මෙසේ කීයේය.
“පින්වත, වච්ඡායනතෙමේ මේ මැදි දවල් කොහි සිට එන්නෙහිද?”
“පින්වත, මම ශ්රමණ භවත් ගෞතමයන් සමීපයෙහි සිට මේ දිශාවෙන් එමි”යි.
“පින්වත්, වච්ඡායන තෙම ඒ ශ්රමණ භවත් ගෞතමයන්ගේ දක්ෂ නුවණ ඇති බව ගැන කුමක් සිතන්නෙහිද? පණ්ඩිතයෙකැයි සිතන්නෙහිදැ?”යි.
“පින්වත, මම කවරෙක්ද? ශ්රමණ ගෞතමයන්ගේ ප්රඥාවෙහි දක්ෂ බව දැන ගැනීමට තරම් මම කවරෙක්ද? යමෙක් ශ්රමණ ගෞතමයන්ගේ ප්රඥාවෙහි දක්ෂ බව දැන ගන්නේ නම් ඔහුත් උන්වහන්සේ හා සමාන කෙනෙකු විය යුතුය.”
“පින්වත් වච්ඡායන තෙම ඉතා උසස් ප්රශංසාවෙන්ම ශ්රමණ ගෞතමයන්ට ප්රශංසා කෙරෙ”යි.
“පින්වත, මම කවරෙක්ද? කවරෙක්වූ මම ශ්රමණ ගෞතමයන්ට ප්රශංසා කරන්නෙම්ද? පසස්නා ලද්දන් විසින් පසස්නා ලද්දේම ය ඒ භවත් ගෞතම තෙම දෙවිමිනිසුන්ට ශ්රේෂ්ඨය.”
“පින්වත් වච්ඡායන තෙම කුමන කාරණයක් දකිමින් ශ්රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ ඉතා පැහැදුනේද?”
3. “පින්වත, යම්සේ ඇතුන් වසන වනයක හැසිරෙන දක්ෂ පුද්ගලයෙක් ඇතුන් වසන වනයට ඇතුල් වේද ඔහු ඇතුන් වසන වනයෙහි දිගින්ද දික්වූ පුළුළින්ද පුළුල්වූ, මහත්වූ ඇත්පියවරක් (අඩි සටහනක්) දකින්නේද, ඔහු ‘පින්වත, ඒ මහා ඇතෙක්’ යයි තීරණයට පැමිණෙයි. පින්වත, එපරිද්දෙන් මමද යම්තැනක පටන් ශ්රමණ ගෞතමයන් කෙරෙහි ඤාණපද සතරක් (නුවණ පියවර) දුටුයෙම්ද, එතැන් පටන් ‘භාග්යවතුන් වහන්සේ සම්මාසම්බුද්ධය, භාග්යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතය, භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සඩ්ඝයා සුපටිපන්නය’ කියා තීරණයට පැමිණියෙමි.”
4. කවර ඤාණපද සතරක්ද යත්?
පින්වත මේ ලෝකයෙහි සියුම් බුද්ධි ඇති අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති වාලවෙධීන් (විදුලි එලියෙන් අස්ලොමට විදීමට සමතුන්) වැනිවූ ප්රඥා බලයෙන් අන්ය දෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත්යයි සලකන යම් ක්ෂත්රීය පණ්ඩිතයෙක් දක්නෙම් ද, ඔව්හු ශ්රමණ භවත් ගෞතමයන් අසුවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙතියි අසත්ද, අපි ශ්රමණ ගෞතමයින් කරා ගොස් මේ ප්රශ්න අසන්නෙමුයි ඔව්හු ප්රශ්න සූදානම් කරත්. “ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේ උන්වහන්සේට වාදාරොපනය කරමු. ඉදින් අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර දෙන්නේය. එවිට අපි මෙසේත් වාදය නගමු”යි (කියයි).
ඔව්හු අසුවල් නම් ගමට හෝ නියම්ගමට හෝ ශ්රමණ ගෞතමයින් පැමිණියහයි අසා, ශ්රමණ ගෞතමයන් යම් තැනකද එතැනට පැමිණෙත්. ශ්රමණ ගෞතමයෝ ධර්මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්, උත්සාහ කරවත්, සතුටු කරවත්. ඔව්හු ශ්රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු, උත්සාහ කරන ලද්දාහු, සතුටු කරවන ලද්දාහු ශ්රමණ ගෞතමයන්ගෙන් ප්රශ්නවත් නොඅසති, උන්වහන්සේට කොයින් වාදාරොපනයක් කරද්ද (වාදය පිණිස කථා නොකරති), ඔව්හු ඒකාන්තයෙන් ශ්රමණ ගෞතමන්ගේම ශ්රාවකයෝ වෙත්. පින්වත, යම් කලක ශ්රමණ ගෞතමයන් කෙරෙහි මේ පළමුවන ඤාණපදය දුටුයෙම්ද, එතැන් සිට ‘භාග්යවතුන් වහන්සේ සම්මාසම්බුද්ධය, භාග්යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතය, භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සඩ්ඝයා සුපටිපන්නය’ කියා තීරණයට පැමිණියෙමි. [පඨමං ඤාණපදං]
5. නැවතද පින්වත, මේ ලෝකයෙහි සියුම් බුද්ධි ඇති අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති වාලවෙධීන් වැනිවූ ප්රඥා බලයෙන් අන්ය දෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත් යයි සලකන යම් බ්රාහ්මණ පණ්ඩිතයෙක් මම දකිම්ද, ඔව්හු ශ්රමණ භවත් ගෞතමයන් අසවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙතියි අසත්ද, ‘අපි ශ්රමණ ගෞතමයින් කරා ගොස් මෙසේ අසන්නෙමු’යි ඔව්හු ප්රශ්න සූදානම් කරත්. ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේ උන්වහන්සේට වාදාරොපනය කරමු. ඉදින් අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේත් වාදය නගහු”යි (කියාය.)
ඔව්හු අසවල් නම් ගමට හෝ නියම්ගමට හෝ ශ්රමණ ගෞතමයන් පැමිණියහයි (අසා) ශ්රමණ ගෞතමයින් යම් තැනකද එතැනට පැමිණෙත්. ශ්රමණ ගෞතමයෝ ධර්මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්, උත්සාහ කරවත්, සතුටු කරවත්. –