7. 6.
1160. “ශ්‍රමණතෙමේ බොහෝ කල් පවත්නා උස්වූ විමානයක මුතු පැළඳී වළලු ඇති යසස් ඇත්තාවූ දිව්‍ය විමානයෙහි චන්ද්‍රයා වැනිවූ දිව්‍ය පුත්‍රයා දැක මෙසේ විචාළේය,
1161. “අලංකාරවූ මල්මාලා බර ඇත්තාවූ යහපත්ව හැඳ පැළඳි යහපත් කුණ්ඩලාභරණ ඇති, කපන ලද හිසකෙස් හා රැවුල් ඇති, මුතු පැළඳි වළලු ඇති, යසස් ඇති දිව්‍යවිමානයෙහි චන්ද්‍රයා වැනිය.
1162. “යහපත්වූ දිව්‍ය වීණා වාදනය කරත්ද, මෙහි හික්මුණවූ යහපත් ස්වභාවය ඇති අටදෙනෙක් බැගින්වූ කොටස් අටක්වූ තව්තිසාවැසි මහත්වූ දිව්‍ය කන්‍යාවෝ නටත්, ගී කියත්, සතුටුවෙත්
1163. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
1164. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දිව්‍ය පුත්‍රතෙමේ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළේය.
1165. “මම මනුෂ්‍යයන් අතරෙහි මනුෂ්‍යයෙක් වූයේ අනුන්ගේ දෙනුන් එක්කොට රැක්කෙමි. මා සමීපයට ශ්‍රමණනමක් පැමිණියේය. ගවයෝද මෑවැල් කෑමට ගියෝය.
1166. “ස්වාමීනි, මම ඒ වේලාවට වැඩ දෙකක් කටයුතුවිය. මෑ කෙත කෑම වැළැක්වීමත් දන්දීමත් යන දෙකයි. ඊටපසු නුවණින් සිහිය ලැබ ස්වාමීනි, ‘දන් දෙමියි’ රෙදි කැබැල්ල පසෙක තැබීමි.
1167. “පෙර මේතෙමේ යමෙකුගේ ධනය අනුභව කරයිද ඒ මම යව කෙතට වහා ගියෙමි. ඉක්බිති මහත් විෂ ඇත්තාවූ කළු නයෙක් ඉක්මනට යන මගේ පා දෂ්ට කෙළේය.
1168. “මම වේදනාවට පත්වූයේ දුකින් පීඩිතවූයේ වෙමි. භික්ෂූන් වහන්සේ ඒ රෙදිකඩ වහා ඉවත්කර මට අනුකම්පාවෙන් පිට්ටුව පිළිගත්තේය. එයින් චුතවූයේ කළුරිය කෙළෙමි.
1169. “මා විසින් ඒ කුශල කර්මයම කරණලදී. මා විසින් සැප විපාකවූ කර්මයක් අනුභව කරමි. ස්වාමීනි, නුඹවහන්සේ විසින් වහා අනුකම්පා කරනලදී. කළගුණ දැනීම නිසා ඔබවහන්සේට වඳිමි.