7. සුනික්ඛිත්ත වර්ගය
7. 1.
1114. “තවුතිසා වැස්සන්ගේ ශ්රේෂ්ඨ උයනවූ චිත්රලතා වනය යම්සේ බබළයිද, එබඳුවූ නුඹගේ මේ විමානය අහසෙහි බබළමින් තිබේ.
1115. “මහත්වූ ආනුභාව සම්පන්නවූයේ දිව්ය ඍද්ධියට පැමිණියේ වෙහිය. මනුෂ්යව කිනම් කුශලයක් කොට මෙබඳු දිව්ය ඍද්ධියක් දිව්යානුභාවයක් ලබන ලද්දේද කිනම් කරුණකින් ඔබගේ වර්ණය සියලු දිශාවන්හි බබළයිද,
1116. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය.
1117. “මම මනුෂ්ය ලෝකයෙහි මනුෂ්යයෙක් වූයේ දිළිඳුවූ පිළිසරණක් නැත්තාවූ දුප්පත් කම්කරුවෙක්වීමි. වයොවෘද්ධවූ මවුපියන් පොෂ්ය කෙළෙමි. සිල්වත්තු මට ප්රිය වූවාහුය, ආහාරද, පානද පැහැදුනු සිතින් සකස්කොට මහත් දානයක් දුනිමි.
1118. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
චිත්තලතාවිමානං පඨමං.
7. 2.
1120. “තවුතිසා වැස්සන්ගේ ශ්රේෂ්ඨ උයනවූ නන්දන වනය යම්සේ බබළයිද, එබඳුවූ නුඹගේ මේ විමානය අහසෙහි බබළමින් තිබේ.
1121. “මහත්වූ ආනුභාව සම්පන්නවූයේ දිව්ය ඍද්ධියට පැමිණියේ වෙහිය. මනුෂ්යව කිනම් කුශලයක් කොට මෙබඳු දිව්ය ඍද්ධියක් දිව්යානුභාවයක් ලබන ලද්දේද කිනම් කරුණකින් ඔබගේ වර්ණය සියලු දිශාවන්හි බබළයිද,
1122. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය.
1123. “මම මනුෂ්ය ලෝකයෙහි මනුෂ්යයෙක් වූයේ දිළිඳුවූ පිළිසරණක් නැත්තාවූ දුප්පත් කම්කරුවෙක්වීමි. වයොවෘද්ධවූ මවුපියන් පොෂ්ය කෙළෙමි. සිල්වත්තු මට ප්රිය වූවාහුය, ආහාරද, පානද පැහැදුනු සිතින් සකස්කොට මහත් දානයක් දුනිමි.
1124. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
නන්දනවිමානං දුතියං.
7. 3.
1126. “මේ විමානය උස්ය, පද්මරාග මැණික් කණු ඇත්තේය. පමණ දොළොස් යොදුන්ය. සියයක් පමණ මහත් කුළු ගෙවල්ය, වෛදූර්යමාණික්යමය කුලුණු ඇත. රුචි ඇතිරිලි අතුරණ ලද්දේය.
1127. “එහි සිටින්නෙහිය. පානය කරන්නෙහිය. කන්නෙහිය යහපත්වූ දිව්ය වීණාවාදනය කරත්. මෙහි දිව්ය පඤ්චකාම ගුණයෝ ඇත්තාහ. රන්වන් ස්ත්රීහුද නටත්.
කවර කරුණකින් ඔබට මෙබඳු වර්ණයක් වේද? කවර කරුණකින් ඔබට මෙහි සම්පත් සමෘද්ධ වේද? සිතට ප්රියවූ යම්කිසි භෝග කම් සැප සම්පත් කෙනෙක් වෙත්ද, (ඒවා) ඔබට උපදිත්.
1128. “මහත්වූ ආනුභාව සම්පන්නවූයේ දිව්ය ඍද්ධියට පැමිණියේ වෙහිය. මනුෂ්යව කිනම් කුශලයක් කොට මෙබඳු දිව්ය ඍද්ධියක් දිව්යානුභාවයක් ලබන ලද්දේද කිනම් කරුණකින් ඔබගේ වර්ණය සියලු දිශාවන්හි බබළයිද,
1130. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය.