7. 5.
1147. “මේ විමානය උස්ය, පද්මරාග මැණික් කණු ඇත්තේය. පමණ දොළොස් යොදුන්ය. සියයක් පමණ මහත් කුළු ගෙවල්ය, වෛදූර්යමාණික්‍යමය කුලුණු ඇත. රුචි ඇතිරිලි අතුරණ ලද්දේය.
1148. “එහි සිටින්නෙහිය. පානය කරන්නෙහිය. කන්නෙහිය යහපත්වූ දිව්‍ය වීණාවාදනය කරත්. මෙහි දිව්‍ය පඤ්චකාම ගුණයෝ ඇත්තාහ. රන්වන් ස්ත්‍රීහුද නටත්.
කවර කරුණකින් ඔබට මෙබඳු වර්ණයක් වේද? කවර කරුණකින් ඔබට මෙහි සම්පත් සමෘද්ධ වේද? සිතට ප්‍රියවූ යම්කිසි භෝග කම් සැප සම්පත් කෙනෙක් වෙත්ද, (ඒවා) ඔබට උපදිත්.
1150. “මහත්වූ ආනුභාව සම්පන්නවූයේ දිව්‍ය ඍද්ධියට පැමිණියේ වෙහිය. මනුෂ්‍යව කිනම් කුශලයක් කොට මෙබඳු දිව්‍ය ඍද්ධියක් දිව්‍යානුභාවයක් ලබන ලද්දේද කිනම් කරුණකින් ඔබගේ වර්ණය සියලු දිශාවන්හි බබළයිද,
1151. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළේය.
1152. “ග්‍රීෂ්මකාලයෙහි අවසාන මාසයෙහි සූර්යයා බබළන කල්හි අනුන්ගේ බැලයෙක්වූ පුරුෂතෙම අඹවනයට පැන් ඉසිමින් සිටියි.
1153. “ඉක්බිති සැරියුත්යයි ප්‍රසිද්ධ භික්ෂුතෙම එතැනට ආයේය. උන්වහන්සේ කයින් ක්ලාන්තව සිටියේය. සිතින් ක්ලාන්තව නොසිටියේය.
1154. “අඹගස්වලට පැන් වත්කරන්නාවූ මම එන්නාවූ උන්වහන්සේ දැක ස්වාමීනි, යමක් මට බොහෝ කල් හිත සුව පිණිස වන්නේද නුඹවහන්සේ නාවන්නෙම් නම් යෙහෙකැයි” කීයේය.”
1155. “මට අනුකම්පා පිණිස උන්වහන්සේගේ පාත්‍ර සිවුරු බහා තැබූසේක. එක් සිවුරකින් යුතුව වෘක්ෂයක් මුල සෙවනෙහි වැඩසිටි සේක.
1156. “පැහැදුණ සිත් ඇති මනුෂ්‍යතෙම පිරිසිදු ජලයෙන් ගසක් යට සෙවනෙහි එක් සිවුරකින් සිටි උන්වහන්සේ නෑවීය.
1157. “අඹගස්වලටද පැන් ඉසිනලදී. භික්ෂුවද නහවනලදී. මා විසින්ද බොහෝවූ පින් රැස්කරණලදී. මෙසේ හෙතෙම තමාගේ මුළු සිරුර ප්‍රීතියෙන් පතුරුවයි.
1158. “ඒ ජාතියෙහි මෙපමණම පිණක් කෙළෙමි. මනුෂ්‍ය ශරීරය අතහැර නදුන් වනයෙහි උපන්නෙමි.
“නොයෙක් පක්ෂි සමූහයාගෙන් යුක්තවූ යහපත්වූ නදුන් වනයෙහි දිව්‍යාංගනාවන්ගෙන් යුක්තව නෘත්‍ය ගීතවලින් ඇලෙමි.”
අම්බ විමානයයි.
7. 6.
1160. “ශ්‍රමණතෙමේ බොහෝ කල් පවත්නා උස්වූ විමානයක මුතු පැළඳී වළලු ඇති යසස් ඇත්තාවූ දිව්‍ය විමානයෙහි චන්ද්‍රයා වැනිවූ දිව්‍ය පුත්‍රයා දැක මෙසේ විචාළේය,
1161. “අලංකාරවූ මල්මාලා බර ඇත්තාවූ යහපත්ව හැඳ පැළඳි යහපත් කුණ්ඩලාභරණ ඇති, කපන ලද හිසකෙස් හා රැවුල් ඇති, මුතු පැළඳි වළලු ඇති, යසස් ඇති දිව්‍යවිමානයෙහි චන්ද්‍රයා වැනිය.