භාණවාරං දුතියං.
4. 7.
756. “දෙව්දුව, ඔසධී තාරකාව මෙන් සියලු දිශා බබුළුවමින් ඉතා සොඳුරු වර්ණයෙන් යුතුව ඔබ සිටින්නෙහිය.”
757. “කුමන පිනකින් ඔබට මෙබඳු වර්ණයක් වීද? කුමන පිනකින් ඔබට මෙහි සම්පත් සමෘද්ධ වේද? සිතට ප්රිය වූ යම්කිසි සම්පත් වෙත්ද, ඒවා ඔබට (කුමන පිනකින්) උපදිත්ද?”
758. “මහත් ආනුභාව ඇති දේවිය, ඔබෙන් විචාරමි. මිනිසෙකුව සිටියදී කිනම් පිනක් කළෙහිද? කිනම් පිනකින් මෙසේ දිලිසෙන ආනුභාව ඇත්තියක් වූයෙහිද? ඔබගේ වර්ණය ද සියලු දිශා බබුළුවයි.”
759. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.”
760. “එසිකා නම් රට පණිකත නම් නුවර ස්වාමි කුලයට ගොස් සමගිව වාසය කෙළෙමු. පිඬු පිණිස හැසිරෙන්නාවූ භික්ෂුවක් හට ඇසළ මල් මිටියක් පිදීමි.”
761. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.”
762. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි. (ඉන්දීවරදායිකා)”
763. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.”
764. “කුමන පිනකින් ඔබට මෙබඳු වර්ණයක් වීද? කුමන පිනකින් ඔබට මෙහි සම්පත් සමෘද්ධ වේද? සිතට ප්රිය වූ යම්කිසි සම්පත් වෙත්ද, ඒවා ඔබට (කුමන පිනකින්) උපදිත්ද?”
765. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,”
766. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.”
767. “එසිකා නම් රට පණිකත නම් නුවර ස්වාමි කුලයට ගොස් සමගිව වාසය කෙළෙමු. පිඬු පිණිස හැසිරෙන්නාවූ භික්ෂුවක් හට නිලුපුල් මල් මිටියක් පිදීමි.”
768. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.”
769. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි. (නීල්ලුප්පලදායිකා)”
770. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.”