4. මඤ්ජෙට්ඨකවග්ගො
4. 1.
690. “රන්වැලි අතුරන ලද, මදටිය පාට ඇති මනා සංගීත ඇති විමානයෙහි අංග පසින් යුත් තූර්යයන්ගෙන් සිත් අලවා වසන්නෙහිය.
691. “ඒ රන්මයවූ නිර්මිතවූ විමානයෙන් බැස හැම කාලයකම පිපී තිබෙන සල්වනයට වදින්නෙහිය.
692. “දේවතාව, යම් යම් ගසක් මුල සිටින්නෙහිද, උතුම් වෘක්ෂය නැමී මල් මුදන්නේය.
693. “පක්ෂීන් විසින් සෙව්නාලද සල්වනය වාතයෙන් සෙලවෙයි. මඤ්ජුස්සක නම් දිව්‍ය වෘක්ෂයසේ සියලු දිශාවෙහි සුවඳ හමයි.
694. “ඔබ පිරිසිදු සුවඳ සිඹින්නෙහිය. අමානුසිකවූ රූපය බලන්නෙහිය. විචාරණලද දේවතාව කියන්න. මේ කිනම් කුශලකර්මයක ප්‍රතිඵලයක්ද?”
695. “මම මනුෂ්‍යයන් අතරෙහි මනුෂ්‍ය ස්ත්‍රියක් වූවා ස්වාමිකුලයෙහි දාසියක්වීමි. වැඩහුන් බුදුන් දැක සල්මලින් පිදීමි.
696. “මම මනාකොට කරනලද සල් මලින් කළ මුදුන්මල් කඩක්ද මගේම අත් දෙකින් පැහැදී පූජාකෙළෙමි.
697. “මම බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනාකරන ලද ඒ කුශලකර්මයකොට පහවූ ශොක ඇත්තී සුවපත්වූවා නිරෝගිවූවා සතුටුවෙමි.”
මඤ්ජෙට්ඨක විමානං.
4. 2.
698. “පැහැ විහිදෙන වර්ණයෙන් යුත් ඉතා රතුපාට දිවසළුවක් හැඳි එසේම දිව්‍ය සළුවක් එකාංශකොට පෙරවි, සඳුන් තවරණලද යහපත් ශරීරයක් ඇති මට වඳින ශොභමාන තැනැත්තිය ඔබ කවරෙක්ද?”
699. “නන්දන වනයෙහි ශක්රදේවෙන්ද්රයාසේ යම් ආසනයක හුන්නේද ඒ ආසනය මහාර්ඝවූ නානාවිධ රත්නයෙන් ලක්ෂණය විසිතුරුය.”
700. “සොඳුර, කිමෙක්ද නුඹ පෙර කිනම් සුචරිතයක් පුරුදුකරන ලද්දේද, දිව්‍යලෝකයෙහි කිනම් කර්මයක්හුගේ විපාකය විඳින්නෙහිද? විචාරනලද දෙවතාව ප්‍රකාශ කරනු මැනව.”
701. “පිඬු පිණිස හැසිරෙන්නාවූ නුඹවහන්සේට, ස්වාමීනි, මල්දමක්ද සකුරු කැටයක්ද පිදීමි. මේ ඒ කර්මයාගේ විපාකය දිව්‍යලෝකයෙහි විඳිමි.
702. “ධර්මරාජයන් වහන්සේ විසින් මනාකොට දේශනා කරනලද ධර්මය ඒ මම නොඇසුවෙමි. ස්වාමීනි, මා විසින් වරදවනලදී. නපුරක් කරනලදැයි මට පසුතැවිල්ලක්ද විය.”
703. “ස්වාමීනි, ඒ කාරණය නුඹවහන්සේට කියමි. යම්බඳුවූ මට අනුකම්පාවක් ඇත්නම් ඒ ධර්මරාජයන් වහන්සේ විසින් දේශනාකරනලද කිසි ධර්මයෙක්හි ඒ මා සමාදන් කරවන්නෙහිය.”
704. “බුදුන් කෙරෙහිද ධර්මය කෙරෙහිද සංඝයා කෙරෙහිද ශ්‍රද්ධාවක් යම්කෙනෙකුන්ට ඇත්ද ඔහු ආයුෂින් කීර්තියෙන් එෛශ්චර්යයෙන් මා ඉක්මවා බබළත්.”
705. “මට වඩා අන්‍ය දෙවියෝ මහත් ඍද්ධි ඇත්තෝය. ප්රතාපයෙන්ද වර්ණයෙන්ද ඉතා උසස්ය.”
පභස්සර විමානං.
4. 3.
706. “අලංකාරවූ මැණික් වලින් හා රුවනින් විසිතුරුවූ රන් දැළින් විචිත්‍රවූ මහත්වූ මනාකොට සරහනලද හස්තිරාජයකු පිට නැඟී අහසින් මෙන් ආවාය.”
707. “ඇතාගේ දළදෙකෙහි මවනලද මනාව පිපුණු පිරිසිදු ජලය ඇති නෙළුම් විල් වෙත්. පද්මයන්හිද තූර්යවාද කරන්නියෝ පලාගෙන මතුවෙත්. මනහරවූ මොව්හුද නටත්.”
708. “මහත් ආනුභාව ඇත්තිය, දිව්‍ය ඍද්ධියට පැමිණියා වෙහිය. මනුෂ්‍යවූ කාලයේ කිනම් පිනක් කෙළෙහිද, කිනම් කරුණකින් මෙසේ දිළිසෙන ආනුභාව ඇත්තීද, තොපගේ වර්ණයද සියලු දිශාවන් බබුළුවයි.”