4. 4.
712. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.”
713. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
714. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,”
715. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.”
716. “මමද බරණැස්නුවර සූර්යවංශයට බන්ධුවූ බුදුරජාණන් වහන්සේට පැහැදුණිමි. ස්වකීය අතින් වියලි පිට්ටුවක් පිදීමි.”
717. “වියලී ලුණු නැති පිට්ටුවක විපාකය බලනුමැනව. අලෝමව සැපට පැමුණුනා දැක කවරෙක් පින් නොකරන්නේද.”
718. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.”
719. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.”
අලොමා විමානං.
4. 5.
720. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.”
721. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
722. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,”
723. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.”
724. “මම අන්ධකවින්ද රටෙහිදී සූර්යවංශයෙහි උපන් බුදුරජාණන් වහන්සේට ඩෙබර යුෂ කකාරා හැදූ කැඳක් තෙලින් මිශ්රකොට දුම්කවා දුනිමි.”
725. “තිප්පිලි කරාබුනැටි සුදුලුනු මිශ්රකොට පැහැදුණ සිතින් ඍජුවූ බුදුන්ට දුනිමි.”
726. “සක්විති රජුගේ අගමෙහෙසුන්කම කරන්නාවූ සියලු අඟ පසඟින් කල්යාණවූ ස්වාමියාට මනාවූ දැකුම් ඇති යම් ස්ත්රියක් වේද, මේ කැඳ දානයෙන් සොළොස් කලාවෙන් කලාවක්වත් නොඅගනේය.”
727. “නිෂ්ක (කලං 25 බර) රන් කාසි සියයක්ද, අශ්වයෝ සියයක්ද, අශ්වතරයන් යෙදූ රථ සියයක්ද, මුතු මැණික් කොඬොල් පැළඳ කන්යාස්ත්රීන් සියයක්ද මේ කැඳ දානයාගේ සොලොස් කලාවෙන් කලාවක් පමණවත් නොඅගනේය.”