4. 3.
706. “අලංකාරවූ මැණික් වලින් හා රුවනින් විසිතුරුවූ රන් දැළින් විචිත්‍රවූ මහත්වූ මනාකොට සරහනලද හස්තිරාජයකු පිට නැඟී අහසින් මෙන් ආවාය.”
707. “ඇතාගේ දළදෙකෙහි මවනලද මනාව පිපුණු පිරිසිදු ජලය ඇති නෙළුම් විල් වෙත්. පද්මයන්හිද තූර්යවාද කරන්නියෝ පලාගෙන මතුවෙත්. මනහරවූ මොව්හුද නටත්.”
708. “මහත් ආනුභාව ඇත්තිය, දිව්‍ය ඍද්ධියට පැමිණියා වෙහිය. මනුෂ්‍යවූ කාලයේ කිනම් පිනක් කෙළෙහිද, කිනම් කරුණකින් මෙසේ දිළිසෙන ආනුභාව ඇත්තීද, තොපගේ වර්ණයද සියලු දිශාවන් බබුළුවයි.”
709. “බරණැසට පැමිණ මම බුදුන්ට වස්ත්‍ර දෙකක් පිදීමි. පාවැඳ බිම ඉඳගත්තෙමි. සිතට ප්‍රීතිය ගෙනදෙන දොහොත් මුදුන්දී වැන්දෙමි.”
710. “රන්කඳකට බඳු සිවියක් ඇති බුදුරජාණන් වහන්සේද මට තෘෂ්ණාවගේ දුක හා අනිත්‍යභාවය දෙසූ සේක. වෙනස්වීමක් නැති, දුක නැතිකිරීමෙන් ස්ථිරවූ මාර්ගය වැටහෙන පරිදි දෙසූසේක.”
711. “අල්පායුෂ්කවූ මම ඉන් කළුරිය කළා, චුතවූවා, යසස් ඇත්තීව තවුතිසා දෙව්ලොව උපන්නීවෙමි. ශක්‍රයාගේ දිශාවන්හි ප්රසිද්ධවූ සූත්තරා නම් එක්තරා භාර්යාවක්වීමි.”
නාග විමානං.
4. 4.
712. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්‍යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.”
713. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්‍යානුභාවයක් පහළවේද, සිතට ප්‍රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
714. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,”
715. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළාය.”
716. “මමද බරණැස්නුවර සූර්යවංශයට බන්ධුවූ බුදුරජාණන් වහන්සේට පැහැදුණිමි. ස්වකීය අතින් වියලි පිට්ටුවක් පිදීමි.”
717. “වියලී ලුණු නැති පිට්ටුවක විපාකය බලනුමැනව. අලෝමව සැපට පැමුණුනා දැක කවරෙක් පින් නොකරන්නේද.”