4. 10. උච්ඡුවිමාන කථාව
809. “දෙවියන් සහිත පෘථිවිය ආලෝක කොට චන්ද්‍ර සූර්යයන් මෙන් ශ්‍රීයෙන්ද, වර්ණයෙන්ද, යශසින්ද, තෙජසින්ද තව්තිසා දෙව්ලොව ශක්‍රයා සමග බබළන්නෙහිය.
810. “මානෙල් මාලා දරන මල්දම් පැළඳගත්, රන්වන් සමක් ඇති අලංකාරවූ උතුම් වස්ත්‍ර දරන තොප විචාරමි. මා වඳින යහපත් දෙවතාව ඔබ කවුද?
811. “තමා විසින් පූර්ව ජාතියෙහි මනුෂ්‍යව සිට කිනම් (කුශල) කර්මයක් කෙළෙහිද, දානයක් පුරුදු කරන ලද්දේද නැවත ශීල සංවරයක් පුරුදු කරන ලද්දේද, යසස් ඇත්තීය, කිනම් මේ කුශලයකින් සුගතියෙහි උපන්නීද, විචාරණ ලද දෙවතාව, කියනු මැනවි’ මේ ඵලය කිනම් කර්මයකගේද?”
812. “ස්වාමීනි දැන් ඔබවහන්සේ මේ ගමට පිඬු පිණිස හැසිරෙන්නේ අපගේ ගෙදරට වැඩිසේක. පැහැදුන සිතින් අප්‍රමාණ ප්‍රීතියෙන් ඉක්බිති නුඹවහන්සේට උක්සකුරු කඩක් දුනිමි.
813. “ස්ත්‍රිය, උක් කාට දුන්නීදැයි” පසුව නැන්දම්මා මගෙන් විචාළාය. ‘මා විසින් විසි නොකෙළෙමි, නොකෑවෙමි, ශාන්ත භික්ෂුවකට දුනිමි.”
814. “නැන්දම්මා ‘මේ සම්පත් තොපගේද නොහොත් මගේදැයි’ මට පරිභව කළාය. කැටක් ගෙන මට පහරක් දුන්නීය. ඉන් චුතව කළුරිය කළා දෙවතාවියක් වීමි.
815. “මා විසින් මේ කුශල කර්මයම කරන ලදී. තමා විසින් සැප කර්මයක්ද අනුභව කරමි. මම දෙවියන් විසින් පිරිවරන ලද්දෙමි. පස්කම් සැපයෙන් සතුටුවෙමි.
816. “මා විසින් මේ කුශල කර්මයම කරන ලදී. තමා විසින් සැප කර්මයක්ද අනුභව කරමි. දේවේන්ද්‍රයා විසින් තබාගන්නා ලද්දී තව්තිසා දෙවියන් විසින් කරන ලද්දී, පස්කම් ගුණයෙන් පිළිගැනුණි වෙමි.
817. “මේ පින්පලය පමණ නැත. මාගේ උක් දානය මහත් විපාක ඇත්තේය. මම දෙවියන් සමග හැසිරෙමි. පස්කම් ගුණයෙන් සතුටු වෙමි.
818. “මේ පින් පලය පමණ නැත. මහත් බැබළීම් ඇත්තීය. දෙව්ලොවට අධිපති දෙවියන් විසින් රකිනලද ශක්‍රදෙවෙන්ද්‍රයා මෙන් නදුන් උයනෙහි සැප විඳිමි.
819. “ස්වාමීනි, ඔබද අනුකම්පකයෙක්යැයි දැන ගතිමි. පැමිණ වැන්දෙමි. සැප දුක්ද විචාළේය. ඉක්බිති පැහැදුණ සිතින් අසමාන ප්‍රීතියෙන් නුඹවහන්සේට උක් කඩක් දුනිමි.”
උච්ඡු විමානං.
4. 11. ඛච්ච විමාන කථාව
820. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්‍යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
821. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්‍යානුභාවයක් පහළවේද, සිතට ප්‍රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”