1. 4.
නිග්රොධ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර අජපාල නුගරුක මුල වාසය කරණ සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් සුව විඳිමින් සත් දිනක් එකම පළඟින් වැඩ සිටියේ වෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දින ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිටි සේක. ඉක්බිති එක්තරා අනුන්ට නින්දා කරන ගති ඇති බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටියාවූ ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය:
“භගවත් ගෞතමයන් වහන්ස කරුණු කීයකින් බ්‍රාහ්මණයෙක් වේද? කෙනෙකු බමුණකු කරණ ධර්මයෝ කවරහුද?” යනුවෙනි.
ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළසේක.
පවු දුරුකළ මානාහංකාරයෙන් අනුන් හෙලා නොදක්නා කෙලෙස් කසට නැති, කෙලෙසුන් කෙරෙන් සිත රැකගත්, සතර මග නුවණින් නිවන් කරා පැමිණි මාර්ග බ්රහ්මචර්යය වැසනිමවූ යමෙක් වේද, හේ සැබෑ බ්‍රාහ්මණයා නම් වේ. ලොව කිසි අරමුණකුත් රාගාදී වශයෙන් නොගන්නා හෙතෙම තමා බමුණෙකැයි කියානම් ඒ කරුණු සහිතය.
1. 5.
බ්‍රාහ්මණ සූත්‍රය
මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ඇවැත්වූ සැරියුත් තෙරුන් වහන්සේද ඇවැත්වූ මහ මුගලන් තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කාස්සප තෙරුන් වහන්සේද, ඇවැත්වූ මහා කච්චායන තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කොට්ඨිත තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කප්පින තෙරුන් වහන්සේද, ඇවැත්වූ මහා චුන්ද තෙරුන් වහන්සේද, ඇවැත්වූ අනුරුද්ධ තෙරුන් වහන්සේද, ඇවැත්වූ රේවත තෙරුන් වහන්සේද, ඇවැත්වූ නන්ද තෙරුන් වහන්සේද, ඇවැත්වූ ආනන්ද තෙරුන් වහන්සේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ඒ තෙරුන් වහන්සේලා දුරදීම දැකී සේක්මය. දැක භික්ෂූන් ඇමතු සේක. “මහණෙනි, බ්‍රාහ්මණවූ ඔවුහු එන්නාහ. මහණෙනි, බ්‍රාහ්මණවූ ඔවුහු එන්නාහ” යනුවෙනි.
මෙසේ වදාළ කල්හි එක්තරා බ්‍රාහ්මණ ජාතික භික්ෂු නමක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය. “ස්වාමීනි, කරුණු කීයකින් බ්‍රාහ්මණයෙක් වේද, කෙනෙකු බමුණකු කරණ ධර්මයෝ කවරහුද?” යනුවෙනි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක.
බාහිත්වා පාපකෙ ධම්මෙ යෙ චරන්ති සදා සතා,
ඛීණසංයොජනා බුද්ධා තෙ වෙ ලොකස්මි බ්රාහ්මණා’ති.
(යමෙක් තුමූ හැම කල්හි සිහි ඇත්තාහු ලාමක අකුශල ධර්මයන් බැහැර කොට හැසිරෙද්ද, නැති කළ භව බැඳුම් ඇති ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළ ඔවුහුම ලෝකයෙහි බ්‍රාහ්මණයෝ වෙති.)
ඛීණසංයොජනා බුද්ධා තෙ වෙ ලොකස්මි බ්රාහ්මණා’ති.
(යමෙක් තුමූ හැම කල්හි සිහි ඇත්තාහු ලාමක අකුශල ධර්මයන් බැහැර කොට හැසිරෙද්ද, නැති කළ භව බැඳුම් ඇති ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළ ඔවුහුම ලෝකයෙහි බ්‍රාහ්මණයෝ වෙති.)
1. 6.
මහාකස්සප සූත්‍රය
මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ලෙහෙනුන්ට අහාර දුන් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ දුක්වූයේ දැඩි ගිලන් බැව් ඇත්තේ පිප්ඵලී ගුහාවෙහි වාසය කරයි. ඉක්බිති ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ පසු කාලයක ඒ ආබාධයෙන් නැගිට්ටේය.
ඒ ආබාධයෙන් නැගිටි ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේට මේ අදහස විය. ‘මම රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන්නෙම් නම් යෙහෙක,’ යනුවෙනි.
එකල්හි වනාහි පන්සියයක් දේවතාවෝ ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේට පිණ්ඩපාතය දීම ලැබීමට උද්යෝගවත් වූහ.
ඉක්බිති ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ ඒ පන්සියයක් දෙවියන් බැහැර කොට පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවර දිළින්දන්ගේ විථිය, ඉතා දුප්පතුන්ගේ වීථිය, රෙදි වියන්නන්ගේ වීථිය යම් තැනකද එහි පිඬු පිණිස හැසුරුන සේක.
රජගහ නුවර දිළින්දන්ගේ වීථිය, ඉතා දුප්පතුන්ගේ වීථිය, රෙදිවියන්නන්ගේ වීථිය යම් තැනකද එහි පිඬු පිණිස හැසිරෙන ඇවැත්වූ මහකසුප් තෙරුන් භාග්‍යවතුන් වහන්සේ දැකි සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක.