8. 1. 2.
502. “නොකිපෙන්නාවූද, බද්ධවෛරයෙන් තොරවූද, රැවටිලි නැත්තාවූද, පිසුණුබස් කීමෙන් තොරවූවාවූද, භික්ෂුතෙමේ පරලොව ශෝක නොකරයි.
503. “නොකිපෙන්නාවූද, බද්ධ වෛරයෙන් තොරවූද, රැවටිලි නැත්තාවූද, පිසුණුබස් කීමෙන් තොරවූද, භික්ෂු තෙමේ හැමකල්හිම වසන ලද දොරටු ඇත්තේ එසේම පරලොව ශෝක නොකරයි.
504. “නොකිපෙන්නාවූද, බද්ධවෛරයෙන් තොරවූද, රැවටිලි නැත්තාවූද, පිසුණුබස් කීමෙන් තොරවූද, පිරිසිදු සිල් ඇති ඒ භික්ෂුතෙමේ එසේම ශෝක නොකරයි.
505. “නොකිපෙන්නාවූද, බද්ධ වෛරයෙන් තොරවූද, රැවටිලි නැත්තාවූද, පිසුණුබස් කීමෙන් තොරවූද, කල්‍යාණ මිත්‍රයන් ඇති ඒ භික්ෂුතෙමෙ එසේම ශෝක නොකරයි.
506. “නොකිපෙන්නාවූද, බද්ධ වෛරයෙන් තොරවූද, රැවටිලි නැත්තාවූද, පිසුණුබස් කීමෙන් තොරවූද, යහපත් ප්‍රඥාව ඇති ඒ භික්ෂුතෙම එසේම ශෝක නොකරයි.
507. “යමෙකුට බුදුන්කෙරෙහි අචලවූද, මනාකොට පිහිටියාවූද, ශ්රද්ධාවක්වේද, යමෙකුට ආර්යයන් විසින් කැමතිවන ලදද, ප්රශංසනීයවූද, සීලයකුත් වේද
508. “එසේම යමෙක්හට සංඝයා කෙරෙහි ප්රසාදයක්වේද, සෘජුවූ දැකීමකුත් වේද, ඒ පුද්ගලයා දිළින්දෙක් නොවේ. ඔහුගේ ජීවිතය හිස් නොවේ.
509. “ඒ නිසා බුදුන්ගේ අනුශාසනාව සිහිකරන්නාවූද, ඤාණවන්ත පුද්ගලයා ශ්රද්ධාවෙහිද, සීලයෙහිද, ප්‍රසාදයෙහිද, ධර්ම දර්ශනයෙහිද, යෙදිය යුතුයි.”
මෙසේ ආයුෂ්මත් සිරිමිත්ත තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
සිරි මිත්ත ථේර ගාථා
8. 1. 3.
510. “යම්කලෙක්හි පළමුකොට නිර්භයවූ, ශාස්තෲන්වහන්සේ දැකී නම් පුරිසොත්තමවූ උන්වහන්සේ දැක සංවේගයක් උපණ.
511. “යමෙකු කරා ආවාවූ එෛශ්චර්ය සම්පත් අත්වලින් ගසා හැර දමද්ද, එෛශ්චර්යක් බඳුවූ ශාස්තෲන් වහන්සේ කරා පැමිණ අවවාද පැහැර හැරීම නොකරමි.
512. “ඉක්බිති මම අඹුදරුවන්ද, ධනධාන්යයද, හැර දැමීමි. කෙස් රැවුල් සිඳ අනගාරික ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිවීමි.
513. “ශික්ෂා සහිත ආජීවයෙන් යුක්තවූයේ ඉන්ද්රිය සංවර ඇතිව බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් අපරාජිතව (නොපැරදී) පසුවෙමි.
514. “එහෙයින් මගේ සිත පිළිබඳ කෙබඳු සිතක් ඇති පුද්ගලයෙක්ද යන බව කියතොත් තෘෂ්ණා නැමැති හුල ඇනීමෙන් මොහොතකුදු සැනසීමක් නොලබන්නෙකු වැනිය.
515. “එබඳු විහරණයක් ඇතුව සිටි මට වීර්ය පරාක්‍රමය නිසාවූ යහපත බලව, ත්‍රිවිද්‍යාවද ලදිමි. බුදුන්ගේ අනුශාසනාවද කෙළෙමි.
516. “පෙර කඳ පිළිවෙල දැනීමේ නුවණ (පූර්වෙනිවාසානුස්මෘති ඥානය) ලදිමි. දිව ඇස පිරිසිදු කෙළෙමි. රහත්වූ දක්ෂිණාර්හයෙක් වූයෙමි. කෙලෙසුන්ගෙන් මිදී උපධි රහිත නිර්වාණය ලදිමි.
517. “ඉක්බිති රාත්‍රිය ගතවීමෙන් හිර පායන කල්හි සියලුම තෘෂ්ණාව වියලවා පළඟ බැඳ හුන්නෙමි.”
මෙසේ ආයුෂ්මත් මහාපන්ථක තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
මහාපන්ථක ථේර ගාථා
එහි උද්දානය:
මහාකච්චායන තෙරණුවෝ ද, සිරිමිත්ත තෙරණුවෝ ද, මහාපන්ථක තෙරණුවෝ ද යන මේ අෂ්ටක නිපාතයෙහි ගාථාවෝ විසි හතරකි.
අටවෙනි නිපාතය නිමි.