8. 1. 3.
510. “යම්කලෙක්හි පළමුකොට නිර්භයවූ, ශාස්තෲන්වහන්සේ දැකී නම් පුරිසොත්තමවූ උන්වහන්සේ දැක සංවේගයක් උපණ.
511. “යමෙකු කරා ආවාවූ එෛශ්චර්ය සම්පත් අත්වලින් ගසා හැර දමද්ද, එෛශ්චර්යක් බඳුවූ ශාස්තෲන් වහන්සේ කරා පැමිණ අවවාද පැහැර හැරීම නොකරමි.
512. “ඉක්බිති මම අඹුදරුවන්ද, ධනධාන්යයද, හැර දැමීමි. කෙස් රැවුල් සිඳ අනගාරික ප්රව්රජ්යාවෙන් පැවිදිවීමි.
513. “ශික්ෂා සහිත ආජීවයෙන් යුක්තවූයේ ඉන්ද්රිය සංවර ඇතිව බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් අපරාජිතව (නොපැරදී) පසුවෙමි.
514. “එහෙයින් මගේ සිත පිළිබඳ කෙබඳු සිතක් ඇති පුද්ගලයෙක්ද යන බව කියතොත් තෘෂ්ණා නැමැති හුල ඇනීමෙන් මොහොතකුදු සැනසීමක් නොලබන්නෙකු වැනිය.
515. “එබඳු විහරණයක් ඇතුව සිටි මට වීර්ය පරාක්රමය නිසාවූ යහපත බලව, ත්රිවිද්යාවද ලදිමි. බුදුන්ගේ අනුශාසනාවද කෙළෙමි.
516. “පෙර කඳ පිළිවෙල දැනීමේ නුවණ (පූර්වෙනිවාසානුස්මෘති ඥානය) ලදිමි. දිව ඇස පිරිසිදු කෙළෙමි. රහත්වූ දක්ෂිණාර්හයෙක් වූයෙමි. කෙලෙසුන්ගෙන් මිදී උපධි රහිත නිර්වාණය ලදිමි.
517. “ඉක්බිති රාත්රිය ගතවීමෙන් හිර පායන කල්හි සියලුම තෘෂ්ණාව වියලවා පළඟ බැඳ හුන්නෙමි.”
මෙසේ ආයුෂ්මත් මහාපන්ථක තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
මහාපන්ථක ථේර ගාථා
එහි උද්දානය:
මහාකච්චායන තෙරණුවෝ ද, සිරිමිත්ත තෙරණුවෝ ද, මහාපන්ථක තෙරණුවෝ ද යන මේ අෂ්ටක නිපාතයෙහි ගාථාවෝ විසි හතරකි.
අටවෙනි නිපාතය නිමි.
9. නවක නිපාතය
9. 1. 1.
518. “දිරීම හා මරණය අඥානවූ පෘථග්ජනයා දුකක්කොට නොදැන, එහිම ඇලී වෙසෙයි. පණ්ඩිත පුරුෂයා දුක පිරිසිඳ දැන සිහියෙන් ධ්යාන වඩයි හෙතෙම ඊටවඩා උත්ත මරතියක් (මාර්ගඵල රතිය) නොදනියි.
519. “යම්තාක් දුකට හේතුවූ විසත්තිකා නම්වූ රාගමානාදී වශයෙන් පවතින ප්රපඤ්ච ධර්මයෝද ඊටම අනුව පවතී. ඒ තෘෂ්ණාව පහකොට සිහියෙන් ධ්යාන කෙරේද, හෙතෙම ඊට වඩා උතුම් රතියක් නොවිඳියි.
520. “ක්ෂෙමභාවය පිණිස පවතින සියලු කෙලෙසුන් ශොධනය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය යම්කලෙක්හි ප්රඥාවෙන් දැක සිහියෙන් ධ්යාන කෙරේද, හෙතෙම ඊට වඩා උත්තම රතියක් නොවිඳියි.
521. “ශෝක නැති, කෙලෙස් රජස් නැති හේතුවකින් නූපන් සියලු කෙලෙස් ශෝධනය කරන සංයෝජන බැඳුම් සිඳින යම් නිර්වාණ පදයක් වඩාද හෙතෙම ඊට වඩා උත්තම රතියක් නොවිඳියි.
522. “යම්සේ අහස්තලය සෑම තැන මේඝ ගර්ජනා වැසී ධාරාවෝ පවතිද්ද, එසේම භික්ෂුවක් පර්වත ගුහාවලට ගොස් ධ්යාන කරයි. එහෙයින් ඒ භික්ෂුතෙම උත්තම ඊට වඩා රතියක් නොවිඳියි.
523. “මලින් ගැවසීගත් (ගංගාවක් මෙන්ද, වනමලින් ගැවසීගත් වනයක් මෙන්ද, කොට සලකා යහපත්වූ සිත් ඇත්තේ ධ්යාන කෙරෙයි. හෙතෙම ඊට වඩා උත්තම රතියක් නොවිඳියි.
524. “ජනයාගෙන් වෙන්වූ වනයෙන් සිංහ ව්යාඝ්රාදී සත්වයෝ සතුටින් වෙසෙත්ද, එසේම භික්ෂුවද පර්වත ගුහාවෙහි ධ්යාන කෙරෙයි. හෙතෙම ඊට වඩා උත්තම රතියක් නොවිඳියි.