5. 1. 10.
360. “දෝෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද අහසට පොළොව මෙන් සද්ධර්මයෙන් ඈත්වූයේවේ.
361. “දෝෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද කළුවර පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් සද්ධර්මයෙන් පිරිහෙයි.
362. “දෝෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද දිය නැති විල්හි මසෙකු මෙන් සද්ධර්මයෙන් පිරිහේ.”
363. “දෝෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද කුඹුරෙහි කුණුවූ බීජ මෙන් සද්ධර්මයෙහි නොවැඬේ.
364. “යමෙක් සතුටු සිතින් බුද්ධාවවාදය අසයිද, සියලු පව් නසා රහත් බව ප්රත්යක්ෂකොට පරම ශාන්තියට පැමිණ කෙලෙස් රහිතව පිරිනිවන්පායි.”
ආයුෂ්මත් යසදත්ත තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
10. යසදන්ත ථේර ගාථා
5. 1. 11.
365. “මා විසින් උපසම්පදාව ලද්දේය. කෙලෙස් මිදීමෙන් මිදුනෙමි. කාමාශාදියෙන් තොරවූවෙමි. ඒ මා විසින් නුදුටු බුදුහු දක්නා ලදී විහාරයෙහි එකට විසීමි.
366. “භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙන් වැඩිහරියක් එලිමහනෙහි විසූසේක. විසීම්වල දක්ෂ බුදුහු ඊට පසු ගඳකිළියට ඇතුල්වූහ.
367. “නැති කළ බිය හා භයානක අරමුණු ඇති බුදුහු සඟල සිවුර අතුරා ගල්ගුහාවක සිංහයකු මෙන් සයනය කළ සේක.
368. “යහපත් වචන ඇති බුද්ධ ශ්‍රාවකවූ සොණතෙමේ බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සද්ධර්මය කීයේය.
369. “පඤ්චස්කන්ධයන් පිරිසිඳ දැන, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා, පරම ශාන්තිය (නිර්වාණය) ට පැමිණ, ආශ්‍රව රහිත වූයේ පිරිනිවන් පාන්නේය.”
ආයුෂ්මත් සෝණ තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
11. සොණකුටිකණ්ණ ථේර ගාථා
5. 1. 12.
370. “යම් ඤාණවන්තයෙක් ඒකාන්තයෙන් ගුරුන්ගේ වචන දන්නේද උන්වහන්සේලාගේ වසඟයෙහි සිටීද ගෞරව උපදවාද ඒ පණ්ඩිත තෙමේ භක්ති ඇත්තේවේ. ධර්මයන් දැන විශේෂ ගුණ උපදවන්නේය.
371. “මහත්වූ යම් විපත්තීහු පහළවූවාහුද, කම්පා නොවී ඉවසන්නේද, ඒ පණ්ඩිත තෙමේ ශක්තිමත් නම් වේ. ධර්මය දැන විශේෂයට පැමිණෙන්නේය.
372. “ගැඹුරු මුහුද යම්සේ කම්පා නොවේද, ගැඹුරු ප්‍රඥා ඇති අර්ථයෙහි දක්ෂ පණ්ඩිතයා නොබෙදිය හැකිවේ. දැන ධර්මයන්හි විශේෂ ගුණ උපදවන්නේයි.