5. 1. 11.
365. “මා විසින් උපසම්පදාව ලද්දේය. කෙලෙස් මිදීමෙන් මිදුනෙමි. කාමාශාදියෙන් තොරවූවෙමි. ඒ මා විසින් නුදුටු බුදුහු දක්නා ලදී විහාරයෙහි එකට විසීමි.
366. “භාග්යවතුන් වහන්සේ රාත්රියෙන් වැඩිහරියක් එලිමහනෙහි විසූසේක. විසීම්වල දක්ෂ බුදුහු ඊට පසු ගඳකිළියට ඇතුල්වූහ.
367. “නැති කළ බිය හා භයානක අරමුණු ඇති බුදුහු සඟල සිවුර අතුරා ගල්ගුහාවක සිංහයකු මෙන් සයනය කළ සේක.
368. “යහපත් වචන ඇති බුද්ධ ශ්රාවකවූ සොණතෙමේ බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සද්ධර්මය කීයේය.
369. “ස්කන්ධ පඤ්චකය දැන මාර්ග වඩා පරම ශාන්තියට පැමිණ කෙළෙස් රහිතව පිරිනිවන් පාත්.”
ආයුෂ්මත් සොණ කුටි කණ්ණ තෙරණුවෝ මේ ගාථා මෙසේ කීහ.
11. සොණකුටිකණ්ණ ථේර ගාථා
5. 1. 12.
370. “යම් ඤාණවන්තයෙක් ඒකාන්තයෙන් ගුරුන්ගේ වචන දන්නේද උන්වහන්සේලාගේ වසඟයෙහි සිටීද ගෞරව උපදවාද ඒ පණ්ඩිත තෙමේ භක්ති ඇත්තේවේ. ධර්මයන් දැන විශේෂ ගුණ උපදවන්නේය.
371. “මහත්වූ යම් විපත්තීහු පහළවූවාහුද, කම්පා නොවී ඉවසන්නේද, ඒ පණ්ඩිත තෙමේ ශක්තිමත් නම් වේ. ධර්මය දැන විශේෂයට පැමිණෙන්නේය.
372. “ගැඹුරු මුහුද යම්සේ කම්පා නොවේද, ගැඹුරු ප්රඥා ඇති අර්ථයෙහි දක්ෂ පණ්ඩිතයා නොබෙදිය හැකිවේ. දැන ධර්මයන්හි විශේෂ ගුණ උපදවන්නේයි.
373. “බහුශ්රැතවූ ධර්මධරවූ ධර්මය අනුව හැසිරෙන එබඳු පණ්ඩිතතෙමෙ ධර්මයන් දැන විශේෂ පුද්ගලයෙක් වන්නේය.
374. “යමෙක් බුද්ධ වචනයාගේ අර්ථය දනීද අර්ථය දැන එසේ කරයිද, හෙතෙම අර්ථ දත් පමණකින් පණ්ඩිත වේ. ධර්මයන් දැන විශේෂ පුද්ගලයෙක් වන්නේය.”
ආයුෂ්මත් කොසිය තෙරණුවෝ මේ ගාථා මෙසේ කීහ.
12. කොසිය ථේර ගාථා
එහි උද්දානය (මාතෘකා):
රාජදත්ත ද, සුභූත ද, ගිරිමානන්ද පුත්රයා ද, වඩ්ඪ ද, කස්සප ථේර ද, ගයාකස්සප හා වක්කලී ද, විජිත, යසදත්ත ද, සොණ හා කොසිය යන නාම ඇත්තෝ ද (වෙත්). මෙහි ථෙරවරු දොළොස් දෙනෙක් ද, ගාථා හැටපහක් ද වෙත්.
පස් වැනි නිපාතය නිමි.