2. 5. 5.
209. “තමා උසස්කොට නොසිතයි. අනුන් පහත් නොකරයි. පරතෙරට ගියහුට ක්රෝධයෙන් හිංසා නොකරන්නේය. පිරිස්හි තමාගේ ගුණය ප්රකාශ නොකරන්නේය. නොසන්සුන්කමින් දුරුවූයේ ප්රමාණවත් වචන ඇත්තේ යහපත් සිරිත් ඇත්තෙක් වන්නේය.
210. “අතිශයින් සියුම් අර්ථ දැනීමෙහි දක්ෂවූ යටත් පැවතුම් ඇති ඉතා දක්ෂ වැඩිමහල්ලන් ආශ්රයකොට පුරුද්දක් ඇති ඔහුට නිවනට පැමිණීම පහසුය.”
ආයුෂ්මත් විශාඛ තෙර මෙසේ මේ ගාථා කීයේය.
විසාඛ පඤ්චාල පුත්ත ථේර ගාථා
2. 5. 6.
211. “යහපත් කුඩුම්බියක් ඇති, යහපත් පිල් කළඹක් ඇති, නිල් බෙල්ලක් ඇති, යහපත් මූණක් ඇති, යහපත් නාදයක් ඇති, මොණරු නාද කරත්. මේ මහපොළව නිල්තණින් වැසුණේය. වස්නා ලද ජලය ඇත්තේය. අහස වලාකුලින් ගැවසීගත්තේය.
212. “ධ්යාන කරන්නාවූ යහපත් සිත් ඇත්තාහට යහපත් ස්වභාවයක් ඇත්තේය. යහපත් බුද්ධශාසනයෙහි යහපත් හික්මීමක් වන්නේ යහපති. අතිශයින් සුදුවූ සියුම්වූ දැකීමට නොහැකිවූ ඒ උතුම් නිවන් පදවිය ස්පර්ශකරව.”
ආයුෂ්මත් චූලකතෙර මෙසේ මේ ගාථා කීයේය.
චූලක ථේර ගාථා
2. 5. 7.
213. “දුක් නැමැති උලෙහි සිටි සතුටුවෙමින් ආවාවූ මේ සිත තණ්හා නැමැති හුල යම් තැනකද ඒ පව් සිතින්ම ආවේය.
214. “මම ඒ සිතේ කාලකණ්ණිකමයයි කියමි. එය සිතේ ද්රෝහිකමයයි කියමි. තොප විසින් ශාස්තෲන් වහන්සේ දුකසේ ලබනලදී. මේ ශරීරය අනර්ථයෙහි නොයොදව.”
ආයුෂ්මත් අනූපමතෙර මේ ගාථා මෙසේ කීවේය.
අනූපම ථේර ගාථා
2. 5. 8.
215. “දීර්ඝකාලයක් සැරි සරනා අන්ධයන් වැනි පෘථග්ජනයා ආර්ය සත්යයන් නොදක්නේ සුගති දුර්ගතීන්හි හැසිරෙන්නේය.
216. “අප්රමාදවූ ඒ මගේ සංසාරය මුල්සුන් කරණලදී. සියලු ඉපදීම් සිඳිනලදී. නැවත ඉපදීමක් නැත.”
ආයුෂ්මත් වජ්ජිත තෙර මේ ගාථා මෙසේ කීයේය.
වජ්ජිත ථේර ගාථා
2. 5. 9.
217. “හොඳට වැඩුණු නිල් පැහැයෙන් බබලන ඇසතු රුක්මුල සිහි ඇත්තේ බුදුන් අරමුණුකොට එකම සිහිය ලැබූවෙමි.
218. “මින් තිස්එක්වන කල්පයෙහි යම් හැඟීමක් ලබන ලද්දේද, ඒ සංඥාවගේ වාසනාවෙන් ආශ්රවක්ෂයට පැමිණියෙමි.”
ආයුෂ්මත් සන්ධිත තෙර මෙසේ මේ ගාථා කීයේය.
සන්ධිත ථේර ගාථා
වග්ගො පඤ්චමො නිට්ඨිතො.
එහි උද්දානය:
කුමාරකස්සප තෙර ද, ධම්මපාල ද, බ්රහ්මාලි ද, මොඝරාජ ද, විශාඛ ද, චූලක ද, අනුපම ද, වජ්ජිත ද, කෙලෙස් රජස් වහනය කළ සන්ධිත තෙර දැයි (මේ තෙරවරු වෙති).
දුක නිපාතයෙහි ගාථා අනූ අටකි. න්යාය දන්නා වූ තෙරවරු හතළිස් නව දෙනෙක් විසින් වදාරණ ලදහ.
දුක නිපාතය නිමි