2. 4. 8.
195. “ප්රියවූ සිත් අලවන පස්කම් සැප හැර ශ්රද්ධාවෙන් නික්මී දුක් කෙළවර කරන්නෙක් වෙව.
196. “මරණයට බිය නොවෙමි. ජීවිතයට ප්රිය නොවෙමි. සම්යක් ප්රඥාවෙන් යුක්තව සිහි ඇතිව පිරිනිවන් පාන කාලයද සිහිකරමි.”
ආයුෂ්මත් නිසභ තෙර මෙසේ මේ ගාථා කීයේය.
නිසභ ථේර ගාථා
2. 4. 9.
197. (පෙර) “ඇතෙකු පිට සිට අඹ දළු සමාන පබළු පාට ඇති සිවුර අංශයකින් දරා ගමෙහි පිඬු පිණිස හැසුරුණෙමි.
198. “එකල්හි ඇතුපිටින් බැස කලකිරීමට පැමිණියෙමි. ඒ මම එකල්හි බැබලුණේ ශාන්තවූයේ මා විසින් කෙලෙස් ක්ෂයකිරීමට පමුණුවන ලදී.”
ආයුෂ්මත් උසභ තෙර මෙසේ මේ ගාථා කීයේය.
උසභ ථේර ගාථා
2. 4. 10.
199. “කප්පටකුර තෙමේ මේ මාගේ වස්ත්ර කැබැල්ලයයි ඇඳගන ඉතා බර බැවින් මාගේ ධර්මය ඒ ඒ තැන දේශනා කරන කල්හි යම්තම් භාවනාවක් කරණ ලද්දේ, ධ්යාන භාවනා කරන්නට කරණ ලද, උත්සාහය ඇතිව සිටි ඔහුට චොදනාකොට.
200. “කප්පටකුරය, නුඹ නොනිදව. තොපගේ කණ සමීපයෙහි නොතලන්නෙමි. කප්පටය, සංඝයා මැද නිදන නුඹ කාලයේ වටිනාකම නොදන්නෙහිය”
ආයුෂ්මත් කප්පටකුර තෙමේ මෙසේ මේ ගාථා කීයේය.
කප්පටකුර ථේර ගාථා
වග්ගො චතුත්ථො නිට්ඨිතො.
එහි උද්දානය:
මිගසිර ද, සීවක ද, පණ්ඩිත වූ උපවාන ද, ඉසිදින්න ද, කච්චාන ද, මහාවසී වූ ඛිතක ද, සෙලිස්සරිය ද, නිසභ ද, උසභ ද, කප්පටකුර දැයි (මේ තෙරවරු වෙති).