2. 2. 6.
151. “කපුටු පැහැ ඇති මහත් ශරීර ඇති කාලී නම් ස්ත්රිතොමෝ මළසිරුරක කලවය බිඳ, අනික් කලවයද බිඳ, අතද බිඳ, අනික් අතද බිඳ හිසද බිඳ මිදුනු කිරි සැළියක් මෙන් හිස් මිදුළු වගුරුවා,
152. “නැවත සම්බන්ධකොට සිටියාය. නොදන්නා යම්කෙනෙක් ඒකාන්තයෙන් කෙලෙස් උපදවයිද, නැවත නැවත දුකට පමුණුවයි. එසේහෙයින් දන්නා තැනැත්තේ කෙලෙස් රැස් නොකරන්නේය. නැවත මා හිස සුන් මළකඳක්ව වාසය නොකරන්නෙමි.”
ආයුෂ්මත් මහාකාල තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
6. මහාකාල ථේර ගාථා
2. 2. 7.
153. “ආහාරපාන වස්ත්ර සෙනසුන් බොහෝ ලබන සිවුරු දරණ හිස මුඩුකළ තැනැත්තේ සතුරන් ලබයි.
154. “මෙසේ මහා බයක්වූ සත්කාරයන්හි මහත් දෝෂය දැන ලාභ නැති තෘෂ්ණාව අත්හැරී මහණ සිහි ඇතිව පිරිනිවන් පාන්නේය.”
ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ මෙසේ මේ ගාථාව කීහ.
7. තිස්ස ථේර ගාථා
2. 2. 8.
155. “ප්රාචීනවංශ නම් වනයෙහි යහළු ශාක්යපුත්රයෝ නොයෙක් වස්තු අත්හැර සිඟීමෙන් පාත්රයෙහිවූ දෙයකින් යැපුනාහ.
156. “තට්ටු දාහක් වේද, සිය සිය ගණන් කෙත් ඇත්තේද, එහි කොඩි ඇත්තේද, රනින් කළේද, එහි නැටුම් කරුවන් සත් තැනක නැටුවාහුද, (එබඳු පනාද නම් රජෙක් විය.)”
ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ මෙසේ මේ ගාථාව කීහ.
8. කිම්බිල ථේර ගාථා
2. 2. 9.
157. “නුවණින් මෙනෙහි නොකිරීම නිසා ශරීරය සැරසීමෙහි යෙදුනෙමි. උඩඟු වූයෙම්, චපල වූයෙම්, කාමරාගයෙන් පීඩිත වූයෙම් වීමි.”
158. “උපායෙහි දක්ෂවූ ආදිච්චබන්ධු වූ බුදුරජාණන් වහන්සේ (කළ දේශනාව අසා) මම යෝනිසෝ මනසිකාරයෙන් පිළිපැද භවයෙන් සිත ගොඩනැගුවෙමි.”
ආයුෂ්මත් නන්ද තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
9. නන්දත්ථෙරගාථා
2. 2. 10.
159. “ඉදින් තමාගේ සිත සමාධිගත නොවුයේ නම්, අනුන් ඔහුට පසසත්ද, (එසේ) අනුන් පසසන්නේ හිස් දෙයකි. මක්නිසාද යත් ඔහුගේ සිත සමාධිගත නැත.”
160. “ඉදින් තමාගේ සිත මැනවින් සමාධිගත වුයේ නම්, අනුන් ඔහුට ගරහත්ද, (එසේ) අනුන් ගරහන්නේ හිස් දෙයකි. මක්නිසාද යත් ඔහුගේ සිත මැනවින් සමාධිගතව ඇත.”
ආයුෂ්මත් සිරිමා තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
10. සිරිමත්ථෙරගාථා
වග්ගො දුතියො නිට්ඨිතො.
එහි උද්දානය:
චුන්ද, ජොතිදාස, හෙරඤ්ඤකානි, සොමමිත්ත, සබ්බමිත්ත, කාල, තිස්ස, කිම්බිල, නන්ද සහ සිරිමා යන මොහු මහිද්ධික තෙරවරු දස දෙනා වෙති.