2. දුතියවග්ගො
2. 2. 1.
141. “ඇසීමෙන් උගත්දෙය වැඩෙන්නේය, උගත්දෙය නුවණෙ ්වැඩීමයි. නුවණින් යහපත දැනගනියි. දන්නාලද යහපත සැප පිණිසවේ.
142. “විවේක සෙනසුන් ආශ්රය කරව්. බැමිවලින් මිදුනු සිත් ඇතිව හැසිරෙව්, ඉදින් එහි ඇලීමකට නොපැමිණෙන්නේද, රක්නාලද සිත් ඇත්තන්වී සිහි ඇතිව සංඝයා වෙත වසව්.”
ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ මේ ගාථාව කීහ.
1. මහාචුන්ද ථේර ගාථා
2. 2. 2.
143. “දරුණු වැඩ කරණ මනුෂ්යයෝ සමපටින් හිස බැඳීමෙන්ද, නොයෙක් අනුන් නසන ක්රමවලින් මිනිසුන් පෙළත්ද, ඔව්හුද ඒ කර්මයෙහි වැටෙත්. කර්මය නම් විපාක නොදී පහනොවෙයි.
144. “මනුෂ්යතෙමේ යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරයිද, යමක් කරයිද, ඊට ඒ ඒ කර්මයේ ඵල යන්නේ වේ.”
ආයුෂ්මත් ජොතිදාස තෙරණුවෝ මේ ගාථාව කීහ.
2. ජොතිදාස ථේර ගාථා
2. 2. 3.
145. “රෑ දවල් දෙක වහවහා ඉක්මෙයි. ප්රාණයද ක්ෂණික මරණයෙන් මැරෙයි. පරමායුෂ අඩුවෙයි. කුඩා ගංගාවල ජලය මෙනි.
146. “එහෙයින් පව්කරණ මෝඩයා විපාකය නොදනී. පසුව ඔහුට දුකක්මවේ. විපාකය නම් පවිටුය.”
ආයුෂ්මත් හෙරඤ්ඤඤකානි තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
3. හෙරඤ්ඤකානි ථේර ගාථා
2. 2. 4.
147. “කුඩා දරකඩකට නැගී මහමුහුදෙහි යම්සේ ගිලේද එසේ කම්මැලියා වෙත පැමිණ යහපත්ව ජීවත්වන්නේද ගිලේ, එහෙයින් කම්මැලිවූ වීර්යය නැති ඔහු දුරුකරන්නේය.
148. “කාය විවේකයෙන් යුක්තවූ හා කෙලෙසුන්ගෙන් වෙන්වූ නිවන්වෙත යොමුකළ ජීවිත ඇති ධ්යානකරණ නිතර පටන්ගන්නා ලද වීර්යය ඇති පණ්ඩිතයන් හා වාසය කරන්නේය.
ආයුෂ්මත් සෝමදත්ත තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
4. සොමදත්ත ථේර ගාථා
2. 2. 5.
149. “මෝඩ මනුෂ්යතෙමේ අන්මනුෂ්යයෙකු සමග ආශාවෙන් බැඳෙනලදී. මනුෂ්යයාම මනුෂ්යයා ඇසුරුකොට සිටී. මනුෂ්යයා මනුෂ්යයෙකු විසින් පෙළනු ලබයි. මනුෂ්යයා මනුෂ්යයාට බාධා කරයි.
150. “මනුෂ්යයෙකුට මනුෂ්යයෙකු විසින් පීඩා කිරීමෙන් කිනම් ප්රයෝජනද? මවුපියන්වී ඉපදීමෙන් ඇති ඵල කවරේද? බොහෝ ජනයා පෙළාසිටි තෘෂ්ණාව හැරදමා ජනයා හැර යන්නෙමි.”
ආයුෂ්මත් සබ්බමිත්ත තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
5. සබ්බමිත්ත ථේර ගාථා
2. 2. 6.
151. “කපුටු පැහැ ඇති මහත් ශරීර ඇති කාලී නම් ස්ත්රිතොමෝ මළසිරුරක කලවය බිඳ, අනික් කලවයද බිඳ, අතද බිඳ, අනික් අතද බිඳ හිසද බිඳ මිදුනු කිරි සැළියක් මෙන් හිස් මිදුළු වගුරුවා,
152. “නැවත සම්බන්ධකොට සිටියාය. නොදන්නා යම්කෙනෙක් ඒකාන්තයෙන් කෙලෙස් උපදවයිද, නැවත නැවත දුකට පමුණුවයි. එසේහෙයින් දන්නා තැනැත්තේ කෙලෙස් රැස් නොකරන්නේය. නැවත මා හිස සුන් මළකඳක්ව වාසය නොකරන්නෙමි.”
ආයුෂ්මත් මහාකාල තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
6. මහාකාල ථේර ගාථා
2. 2. 7.
153. “ආහාරපාන වස්ත්ර සෙනසුන් බොහෝ ලබන සිවුරු දරණ හිස මුඩුකළ තැනැත්තේ සතුරන් ලබයි.
154. “මෙසේ මහා බයක්වූ සත්කාරයන්හි මහත් දෝෂය දැන ලාභ නැති තෘෂ්ණාව අත්හැරී මහණ සිහි ඇතිව පිරිනිවන් පාන්නේය.”
ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ මෙසේ මේ ගාථාව කීහ.
7. තිස්ස ථේර ගාථා
2. 2. 8.
155. “ප්රාචීනවංශ නම් වනයෙහි යහළු ශාක්යපුත්රයෝ නොයෙක් වස්තු අත්හැර සිඟීමෙන් පාත්රයෙහිවූ දෙයකින් යැපුනාහ.
156. “තට්ටු දාහක් වේද, සිය සිය ගණන් කෙත් ඇත්තේද, එහි කොඩි ඇත්තේද, රනින් කළේද, එහි නැටුම් කරුවන් සත් තැනක නැටුවාහුද, (එබඳු පනාද නම් රජෙක් විය.)”
ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ මෙසේ මේ ගාථාව කීහ.
8. කිම්බිල ථේර ගාථා