20. 1. 7.
මම මීට පෙර ඇත්කඳ පිටින් ගමන් කළෙමි. සියුම් වස්ත්‍ර දැරුවෙමි. පවිත්‍ර මස් මාංශ වෑංජන ඇතිව හැල් සහල් බත් අනුභව කළෙමි.
අද ඒ මම භද්‍ර වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි (ලැබුණු දෙයෙහි) ඇලුණේ, ගෝධාගේ පුත්‍ර වූ භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
පාංශුකූලික වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
පිණ්ඩපාතික වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
තේචීවරික වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
සපදානචාරී වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
එකාසනික වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
පත්තපිණ්ඩික වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
ඛලුපච්ඡාභත්තික වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
ආරණ්‍යක වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
රුක්ඛමූලික වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
අබ්භෝකාසික වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
සෝසානික වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
යථාසන්ථතික වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
නේසජ්ජික වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
අල්පේච්ඡ වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
සන්තුෂ්ට වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
පවිවික්ත වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
අසංසර්ග වූයේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
ආරබ්ධවීර්ය ඇත්තේ, සාතතිකව වීර්‍ය්‍ය කරමින්, පිණ්ඩපාතයෙහි ඇලුණේ, ගෝධාගේ පුත්‍ර භද්දිය තෙමේ උපාදාන රහිතව ධ්‍යාන කරයි.
සියයක් පල බර ඇති රනින් කළ රේඛා සහිත රන්තලිය හැර මැටි පාත්‍රය ගත්තෙමි. මෙය මාගේ දෙවන අභිෂේකයයි.
උස් පවුරු ඇති, බලවත් අට්ටාල හා කොටු ඇති (මාලිගාවෙහි), කඩු ගත් අත් ඇති ආරක්ෂකයන් විසින් රකින ලද්දේ, පෙර මම ත්‍රාස සහිත ව විසුවෙමි.
අද ඒ මම භද්‍ර වූයේ, ත්‍රාස රහිත ව, බිය හා භයානක අරමුණු දුරු කොට, වන අරණට වැද ධ්‍යාන කරමි. (මම) ගෝධාගේ පුත්‍ර භද්දියයි.
ශීල ස්කන්ධයෙහි පිහිටා සිහිය හා ප්‍රඥාව වඩමින්, අනුපිළිවෙලින් සියලු සංයෝජනයන්ගේ ක්ෂය වීමට පැමිණියෙමි.
මෙසේ ආයුෂ්මත් කාලිගෝධා පුත්‍ර භද්දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
භද්දිය ස්ථවිර ගාථා.
20. 1. 8.
“ශ්‍රමණය, ඔබ යන්නේම සිටියෙමියි කියයි මමද සිටියේ නොසිටියෙමියි කියන්නෙමි. ශ්‍රමණය මේ අර්ථය මම විචාරමි. ඔබ කෙසේ සිටියෙහිද මම කෙසේ නොසිටියෙම්ද?
“අංගුලිමාලය, මම සියලු සත්වයන් කෙරෙහි දඬු මුගුරු බහා තබා සැමකල්හි සිටියේ වෙමි. තෝ සත්වයන් කෙරෙහි අකරුණාවන්තව වසන්නෙහිය. එහෙයින් මම සිටියෙමි. තෝ නොසිටියේ වෙහි.
“මට අනුකම්පා පිණිස ලෝකයා විසින් පුදනු ලබන්නාවූ මහර්ෂීවූ ශ්‍රමණයන්වහන්සේ මෙහි වැඩිසේක. ඒ මම උන් වහන්සේගේ ධර්මයෙන් යුක්තවූ ගාථා ඇසුවෙමි. ඒ අසා බොහෝ කලක් පුරුදු කරන ලද පාප සහශ්‍රයන් දුරුකර හැරීමි.
“ඊට අනතුරුව අඟුමල් සොරතෙමේ කඩුව හා සෙසු ආයුධත් ප්‍රපාතවූ විවරස්ථානයක හෙලුවේය. ඉක්බිති අඟුල් මල් සොරතෙමේ සුගත්වූ බුදුන් වහන්සේගේ පාද වැන්දේය. එහිදීම ප්‍රව්‍රජ්‍යාවද ඉල්ලීය.
“දෙවියන් සහිත සත්ව ලෝකයට මහා කාරුණිකවූද මහර්ෂීවූද බුදුන් වහන්සේ ‘එව භික්ෂුවයි’ කියා වදාළහ. ඔහුට එයම එහි භික්ෂුභාව ප්‍රව්‍රජ්‍යාවට හේතු විය.
“යමෙක් පළමුව ප්‍රමාදවිහරණයෙන් යෙදී, පසුව අප්‍රමාදයෙන් යුක්ත වේද, උපක්ලේශ රහිත චන්ද්‍රයා නේ හෙතෙම මේ ලෝකය බබුළුවයි.