9. ගූථඛාදිකා ප්රෙතියගේ කථාව
783. “කවරෙක් අසූචි වළෙන් නැගී බැගෑපත්වම සිටින්නෙහිද පව් කම් ඇත්තා නිසැකව කවරෙක්දැයි තේරුම් ගන්නේද?
784. “ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්රේතියක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්රේතලෝකයට ගියේ වෙමි.
785. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ඉදං දුක්ඛං නිගච්ඡසි.”
786. “ඊර්ෂ්යා සිත් ඇති කුලයා කෙරෙහි මසුරුවූ තද මසුරු සිත් ඇති පරිභව කරන්නාවූ මාගේ ගෙදර තෘෂ්ණාවෙහි බැඳුනාවූ මාගේ ආවාසයෙහි නිත්ය වාසී භික්ෂුවක් විය.
787. “මම ඒ මහණගේ කීම අසා භික්ෂූන්ට නින්දා කෙළෙමි. ඒ කර්මයාගේ විපාකයෙන් මෙයින් ප්රෙත ලෝකයට ගියෙමි.
788. “තට මිත්ර ස්වරූපයෙන් කුළුපගවූ අමිත්ර වූ යම් මහණෙක්වීද ඒ දුෂ්ප්රාඥයා මරණින් මතු පරලොව කෙබඳු දුගතියකට පැමිණෙයිද?”
789. “පවිටු සමාචාර ඇති ඒ ශ්රමණ ප්රෙතයාගේ හිස මුදුනේම මම දැන් සිටිමි. හෙතෙමේද ප්රෙත ලෝකයට පැමිණියේ මාගේම මෙහෙකරුවෙකු විය.
790. “ස්වාමීනි, සෙස්සෝ යම් අසූචියක් හෙළත්ද, ඒ අසූචි මාගේ භොජනය වෙයි. මමද වනාහි යම් අසූචියක් පහරම්ද එය කෑමෙන් ඒ ශ්රමණ ප්රෙතයා දිවි පවත්වයි.”
ගූථඛාදකපෙතිවත්ථු නවමං.
10. ගණ ප්රෙත කථාව
791. “නිදුකාණෙනි, තෙපි කෘශවූ ඉල්පී ගිය නහරවැල් ඇති, උස්ව නැගුණ ඉල ඇට ඇති, ඉතා කෘශවූ නග්නවූ දුර්වර්ණ ශරීර ඇත්තෝවූහ. තෙපි කවරහු වව්ද?”
792. “ස්වාමීනි, අපි නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්රේතයෝ වෙමු. පාප කර්මයක් කොට මෙයින් ප්රේතලෝකයට ගියෝ වෙමු.
793. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්රේතලෝකයට ගියේද?”
794. “නොවලක්වන ලද්දාවූ තීර්ථ නම්වූ මහණ බමුණන් කෙරෙහි අඩමසක් හැසුරුනෙමු. දානවස්තු විද්යමාන කල්හිද තමහට පිහිටක් නොකෙළෙමු.
795. “පිපාසා ඇතිව නදිය කරා පැමිණියෙම් නම් දිය හිස්ව පවතියි. උෂ්ණකාලයෙහි සෙවනකට පැමිණියෙම් නම් අව්ව පැමිණෙයි.
796. “වාතයද ගිනිසමානව මාගේ ශරීරය දවමින් හමයි. වහන්ස, මේ දුක්ද ඊටවඩා දරුණුවූ අනික් දුකටත් සුදුසුවෙයි.
797. “චිර කාලයක් සා දුකින් පීඩිතවූ ආහාරයෙහි ගිජුවූ අපි නොයෙක් යොදුන් ගණන් යමු. කිසිවක් නොලබාම නවතිමු. අපගේ පින් මද බව අඳෝමය.
798. “බඩගිනිවූ සා පිපාසා දුකින් ක්ලාන්තවූ අපි කැරකෙන්නාහු බිම ඇද වැටෙන්නෝ වෙමු. උඩුකුරුව වැටුනාහු විසුරුණු අවයව ඇත්තෝ වෙමු. යටිකුරුව වැටුනෙමු.
799. “ඒ ගිය තැනම වැටුණාවූද බිම වැටුණාවූද ඒ අපි ළයටද හිසටද ගසා ගනිමු. අපගේ අහෝ පින් නැති බවයි.
800. “ස්වාමීනි, මේ දුකටද ඊට වඩා ලාමකවූ අනිකුදු දුකටත් අපි සුදුස්සෝ වෙමු. දිය යුතුදේ විද්යමාන කල්හි තම හට පිහිටක් නොකෙළෙමු.
801. “ඒ එසේ මැයි. ඒ අපි මෙයින් සැව ගොස් මිනිසත් බව ලැබ පරිත්යාගශීලීව යාචකයන්ගේ වදන් දන්නාසුලුව සිල්වත්ව බොහෝ කුසල් ඒකාන්තයෙන් කරන්නෙමු.”
ගණපෙතවත්ථු දසමං.
11. පාටලී පුත්ර ප්රෙත කථාව
802. “තී විසින් නරකයෙහි වූවෝද තිරිසන්හුද ප්රෙතයෝද අසුරයෝද යලි මනුෂ්යයෝද දෙවියෝද දක්නා ලද්දාහුය. තමාගේ කර්ම විපාකය තෙමේම දුටුවේය. තී කිසිවකු විසින් නොදක්නාලදුව පැළලුප් නුවරට පමුණුවන්නෙමි. එහි ගොස් කුශලක්රියා කරව.”
803. “යක්ෂය, නුඹ මට වැඩ කැමැත්තෙක් වෙහිය. දෙවිය නුඹ මට හිත කැමැත්තෙක් වෙහිය. මම ඔබගේ අවවාද වචන කරමි. නුඹ මාගේ ආචාර්යද වෙහි.
804. “මා විසින් නරකයෙහි වූවෝද තිරිසන්හුද ප්රෙතයෝද අසුරයෝද යලි මනුෂ්යයෝද දෙවියෝද දක්නා ලද්දාහුය. තමාගේ කර්ම විපාකය තෙමේම දුටුවේය.”
පාටලිපුත්තපෙතවත්ථු එකාදසමං.