10. ගණ ප්‍රෙත කථාව
791. “නිදුකාණෙනි, තෙපි කෘශවූ ඉල්පී ගිය නහරවැල් ඇති, උස්ව නැගුණ ඉල ඇට ඇති, ඉතා කෘශවූ නග්නවූ දුර්වර්ණ ශරීර ඇත්තෝවූහ. තෙපි කවරහු වව්ද?”
792. “ස්වාමීනි, අපි නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්‍රේතයෝ වෙමු. පාප කර්මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියෝ වෙමු.
793. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්‍රේතලෝකයට ගියේද?”
794. (කිසිවකු විසින්) නොවළක්වන ලද ගං, වැව් ආදියේ දිය ගන්නා තොටුපළවල (මිනිසුන්ට අමතක වී ගිය දේ ලබාගැනීමේ ලෝභයෙන් පෙළුණු සිතින්) අඩමසක් පමණ කල් අහර සොයමින් ඇවිද්දෙමු. (නොහොත් කිසිවකු විසින් නොවළක්වන ලද මහණ බමුණන් පැමිණ සිටි කල්හි මසුරුකමින් යුක්තව, අඩමසක් පමණවත් කිසිවකුට කිසිවක් නොදී ධනය රැස් කළෙමු.) දිය යුතු දානවස්තු ඇති කල්හිත් තමාට (පරලොවදී) පිහිට වන පිනක් නොකළෙමු.
795. “පිපාසා ඇතිව නදිය කරා පැමිණියෙම් නම් දිය හිස්ව පවතියි. උෂ්ණකාලයෙහි සෙවනකට පැමිණියෙම් නම් අව්ව පැමිණෙයි.
796. “වාතයද ගිනිසමානව මාගේ ශරීරය දවමින් හමයි. වහන්ස, මේ දුක්ද ඊටවඩා දරුණුවූ අනික් දුකටත් සුදුසුවෙයි.
797. “චිර කාලයක් සා දුකින් පීඩිතවූ ආහාරයෙහි ගිජුවූ අපි නොයෙක් යොදුන් ගණන් යමු. කිසිවක් නොලබාම නවතිමු. අපගේ පින් මද බව අඳෝමය.
798. “බඩගිනිවූ සා පිපාසා දුකින් ක්ලාන්තවූ අපි කැරකෙන්නාහු බිම ඇද වැටෙන්නෝ වෙමු. උඩුකුරුව වැටුනාහු විසුරුණු අවයව ඇත්තෝ වෙමු. යටිකුරුව වැටුනෙමු.
799. “ඒ ගිය තැනම වැටුණාවූද බිම වැටුණාවූද ඒ අපි ළයටද හිසටද ගසා ගනිමු. අපගේ අහෝ පින් නැති බවයි.
800. “ස්වාමීනි, මේ දුකටද ඊට වඩා ලාමකවූ අනිකුදු දුකටත් අපි සුදුස්සෝ වෙමු. දිය යුතුදේ විද්‍යමාන කල්හි තම හට පිහිටක් නොකෙළෙමු.
801. “ඒ එසේ මැයි. ඒ අපි මෙයින් සැව ගොස් මිනිසත් බව ලැබ පරිත්‍යාගශීලීව යාචකයන්ගේ වදන් දන්නාසුලුව සිල්වත්ව බොහෝ කුසල් ඒකාන්තයෙන් කරන්නෙමු.”
ගණපෙතවත්ථු දසමං.
11. පාටලී පුත්‍ර ප්‍රෙත කථාව
802. “තී විසින් නරකයෙහි වූවෝද තිරිසන්හුද ප්‍රෙතයෝද අසුරයෝද යලි මනුෂ්‍යයෝද දෙවියෝද දක්නා ලද්දාහුය. තමාගේ කර්ම විපාකය තෙමේම දුටුවේය. තී කිසිවකු විසින් නොදක්නාලදුව පැළලුප් නුවරට පමුණුවන්නෙමි. එහි ගොස් කුශලක්‍රියා කරව.”
803. “යක්ෂය, නුඹ මට වැඩ කැමැත්තෙක් වෙහිය. දෙවිය නුඹ මට හිත කැමැත්තෙක් වෙහිය. මම ඔබගේ අවවාද වචන කරමි. නුඹ මාගේ ආචාර්යද වෙහි.
804. “මා විසින් නරකයෙහි වූවෝද තිරිසන්හුද ප්‍රෙතයෝද අසුරයෝද යලි මනුෂ්‍යයෝද දෙවියෝද දක්නා ලද්දාහුය. තමාගේ කර්ම විපාකය තෙමේම දුටුවේය.”
පාටලිපුත්තපෙතවත්ථු එකාදසමං.