8. ගූථඛාදක ප්රෙත කථාව
775. “කවරෙක් අසූචි වළෙන් නැගී බැගෑපත්වම සිටින්නෙහිද පව් කම් ඇත්තා නිසැකව කවරෙක්දැයි තේරුම් ගන්නේද? කිම,
776. “ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්රේතයක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්රේතලෝකයට ගියේ වෙමි.
777. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ඉදං දුක්ඛං නිගච්ඡසි.”
778. “ඊර්ෂ්යා සිත් ඇති කුලයා කෙරෙහි මසුරුවූ තද මසුරු සිත් ඇති පරිභව කරන්නාවූ මාගේ ගෙදර තෘෂ්ණාවෙහි බැඳුනාවූ මාගේ ආවාසයෙහි නිත්ය වාසී භික්ෂුවක් විය.
779. “මම ඒ මහණගේ කීම අසා භික්ෂූන්ට නින්දා කෙළෙමි. ඒ කර්මයාගේ විපාකයෙන් මෙයින් ප්රෙත ලෝකයට ගියෙමි.
780. “තට මිත්ර ස්වරූපයෙන් කුළුපගවූ අමිත්ර වූ යම් මහණෙක්වීද ඒ දුෂ්ප්රාඥයා මරණින් මතු පරලොව කෙබඳු දුගතියකට පැමිණෙයිද?”
781. “පවිටු සමාචාර ඇති ඒ ශ්රමණ ප්රෙතයාගේ හිස මුදුනේම මම දැන් සිටිමි. හෙතෙමේද ප්රෙත ලෝකයට පැමිණියේ මාගේම මෙහෙකරුවෙකු විය.
782. “ස්වාමීනි, සෙස්සෝ යම් අසූචියක් හෙළත්ද, ඒ අසූචි මාගේ භොජනය වෙයි. මමද වනාහි යම් අසූචියක් පහරම්ද එය කෑමෙන් ඒ ශ්රමණ ප්රෙතයා දිවි පවත්වයි.”
ගූථඛාදකපෙතවත්ථු අට්ඨමං.
9. ගූථඛාදිකා ප්රෙතියගේ කථාව
783. “කවරෙක් අසූචි වළෙන් නැගී බැගෑපත්වම සිටින්නෙහිද පව් කම් ඇත්තා නිසැකව කවරෙක්දැයි තේරුම් ගන්නේද?
784. “ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්රේතියක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්රේතලෝකයට ගියේ වෙමි.
785. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ඉදං දුක්ඛං නිගච්ඡසි.”
786. “ඊර්ෂ්යා සිත් ඇති කුලයා කෙරෙහි මසුරුවූ තද මසුරු සිත් ඇති පරිභව කරන්නාවූ මාගේ ගෙදර තෘෂ්ණාවෙහි බැඳුනාවූ මාගේ ආවාසයෙහි නිත්ය වාසී භික්ෂුවක් විය.
787. “මම ඒ මහණගේ කීම අසා භික්ෂූන්ට නින්දා කෙළෙමි. ඒ කර්මයාගේ විපාකයෙන් මෙයින් ප්රෙත ලෝකයට ගියෙමි.
788. “තට මිත්ර ස්වරූපයෙන් කුළුපගවූ අමිත්ර වූ යම් මහණෙක්වීද ඒ දුෂ්ප්රාඥයා මරණින් මතු පරලොව කෙබඳු දුගතියකට පැමිණෙයිද?”
789. “පවිටු සමාචාර ඇති ඒ ශ්රමණ ප්රෙතයාගේ හිස මුදුනේම මම දැන් සිටිමි. හෙතෙමේද ප්රෙත ලෝකයට පැමිණියේ මාගේම මෙහෙකරුවෙකු විය.
790. “ස්වාමීනි, සෙස්සෝ යම් අසූචියක් හෙළත්ද, ඒ අසූචි මාගේ භොජනය වෙයි. මමද වනාහි යම් අසූචියක් පහරම්ද එය කෑමෙන් ඒ ශ්රමණ ප්රෙතයා දිවි පවත්වයි.”
ගූථඛාදකපෙතිවත්ථු නවමං.
10. ගණ ප්රෙත කථාව
791. “නිදුකාණෙනි, තෙපි කෘශවූ ඉල්පී ගිය නහරවැල් ඇති, උස්ව නැගුණ ඉල ඇට ඇති, ඉතා කෘශවූ නග්නවූ දුර්වර්ණ ශරීර ඇත්තෝවූහ. තෙපි කවරහු වව්ද?”
792. “ස්වාමීනි, අපි නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්රේතයෝ වෙමු. පාප කර්මයක් කොට මෙයින් ප්රේතලෝකයට ගියෝ වෙමු.
793. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්රේතලෝකයට ගියේද?”