5. උච්ඡු (උක්) ප්‍රෙතයාගේ කථාව
746. “ස්වාමීනි, මදනොවූ කුශල විපාක වූ මහත් වූ ඒ මේ උක්වනය මට පහළ වෙයි. මෙය දැන් මාගේ පරිභොගයට නොපැමිණෙයි. කුමන අකුශලයක විපාකදැයි, කියනු මැනවි.
747. “ඒ මම කිසි උක් රසයක් පරිභොග කිරීමට වෑයම් කෙරෙම්ද, ප්‍රයෝග කරම්ද, වැනසෙමි. මම කපනු ලබමි. දුබල ඇතිව බැගෑපත්ව අතිශයින් විලාප කියමි. කෙබඳු අකුශල කර්මයක්හුගේ මේ විපාකයක්ද,
748. “ස්වාමීනි, මම නැසුණු ආසා ඇතිව, නොහොත් ශක්ති නැතිව බිම වැටෙමි. අව්වෙන් රත්වූ මත්ස්‍යයකු මෙන් පෙරළෙමි. අඬන්නාවූ මාගේ කඳුළු ගලා බසිත්. කෙබඳු අකුශල කර්මයක්හුගේ මේ විපාකයෙක්දැයි කියව.”
749. “ස්වාමීනි, ක්ෂුධා ඇත්තෙක්ද, ක්ලාන්තවූයේද, පිපාසා ඇත්තේද, ඉතාමත් වියලුනේ සාතයයි කියන ලද සැපත නොවිඳිමි. කෙසේ නම් උක්රස අනුභවය ලබන්නෙම්දැයි මේ කාරණය ඔබ විචාරමි.”
750. “තෝ පෙර පූර්ව ජන්මයෙහි මනුෂ්‍ය වූයේ තමා අකුශලකර්මයක් කෙළෙහිය. මම මේ කාරණය තට කියමි. තෙමේ කාරණය අසා දනුව.
751. “තෝ උක් දණ්ඩක් කමින් ගියේය. තාගේ පිටිපසින් පුරුෂයෙක්ද ලුහුබැඳ ගියේය. හෙතෙමේද එය පතමින් කථා කෙළේය. තෝ ඕහට කිසිවක් නොකීවෙහිය.
752. “හෙතෙමේද, කථා නොකරන්නාවූ තා ඇයැදියේය. මහතාණෙනි, උක් දණ්ඩක් දෙවයි තට කීයේය. තෝ ඕහට පිටිපසින් උක් දණ්ඩක් දුන්නෙහිය. ඒ කර්මයාගේ මේ විපාකය වෙයි.
753. “එබැවින් තෝ පිටුපසින් උක් දඬු ගනුව. ගෙන යැපෙනතාක් කව. එයින්ම තෝ සතුටු සිත් ඇති වන්නෙහිය සතුටුවූයේද, ඔදවැඩියේද, ප්රමුදිතවූයේද වන්නේය.
754. “ඒ ප්රෙතතෙම ගොස් පිටිපසින් ගත්තේය. එය ගෙන පමණ තෙක් කෑවේය. හෙතෙම එයින් සතුටු සිත් ඇති විය. තුටුවූයේද, ඔදවැඩියේද, ප්‍රමුදිත වූයේද, විය.”
උච්ඡුපෙතවත්ථු පඤ්චමං.
6. කුමාර ප්‍රේත කථාව
755. “හිමාලය වනයාගේ එක් පසෙකින් ශ්‍රාවස්ති නම් නුවරෙක් ඇත්තේය. එහි රජ පුත්වූ කුමරුවෝ දෙදෙනෙක් වූවාහුයයි මා අසන ලදී.
756. “සිත් ඇලවිය යුතු කාමයන්හි ඉතාමත් කාම ගුණාස්වාද වසයෙන් සතුටුවනසුලුවූ වර්තමාන සැප මාත්‍රයෙහි ගිජුවූ ඔව්හු තුමූ මතු සැපය නොබැලුවාහුය.