9. කූට විනිශ්චයික ප්‍රේතයාගේ කථාව
501. “දිවමල් දරන්නාවූ හිස් වෙළුම් ඇති බාහු වලලු ඇත්තෙහිය. තාගේ ශරීරය සඳුන් රස ගල්වන ලද්දාහ. මුහුණේ පාට පැහැදිලිය තරුණ සූර්යයා වැනි පැහැය ඇතිව බබළයි.
502. “යුෂ්මතාගේ අත් පා මෙහෙ කරන්නාවූ දෙවිවූ යම් මේ පිරිසෙහි වූවෝ වෙත්ද, නුඹගේ යම් යම් පරිචාරිකාවූ දස දහසක් දෙවඟනෝ වෙත්ද
503. “ඔව්හු සක් වළලු හා අඟු පළඳනා දරන්නාහ. රුවන් මුදුන් මල් කඩින් සැරසුනාහ. නුඹ ලොමු දැහැගැනුම් ස්වභාව ඇති මහත් ආනුභාව ඇත්තෙහිය. තමාගේ පිට මස් තෙමේම කන්නෙහිය.
504. “කයින් වචනින් මනසින් කිනම් දුශ්චරිතයක් කරණ ලදද, කිනම් අකුශල කර්මයක්හුගේ විපාක හේතුවකින් තමාගේ පිට මස් තෙමේම කඩාගෙන කන්නෙහිද?”
505. “මම මිනිස් ලොවදී කේලාම් හා බොරු කීමෙන්ද කෛරාටික කමින් හා වංචාවෙන්ද තමහට අවැඩ පිණිස හැසුරුනෙමි.
506. “එහිදී මම පිරිස් මැදට ගොස් හැබෑ කියන්ට යුතු කාලය පැමිණ සිටි කල්හි වැඩ ඇති කාරණය හැරදමා අධර්මය අනුව පැවතුනෙමි.
507. “යම්සේ මම අද තමාගේ පිට මස් කම්ද යමෙක් තෙම අනුන් පිට මස් කන්නේ (නැති තැන නින්දා කරන්නේවේද) එතෙම මෙසේම කයි.”
508. “නාරද, මෙය ඔබ විසින්ම දක්නා ලද්දකි. අනුකම්පා ඇති කුසලයන් දන්නෝ යමක් වදාරත් නම්, කේලාම් නොකියන්නේය, බොරු නොකියන්නේය. පිට මස් කන්නෙක් නොම වන්නේය.”
කූටවිනිච්ඡයිකපෙතවත්ථු නවමං.
10. ධාතු විවර්ණක ප්‍රේතයාගේ කථාව
509. “දුගඳවූ තෝ අහසෙහි සිටිනේ කුණු ගඳ හමන්නෙහිය. තාගේ කුණු ගඳ ඇති කටද පණුවෝ කත්. පූර්ව ජාතියෙහි කිනම් අකුශල කර්මයක් කෙළෙහිද?
510. “ඉක්බිති ආයුධයක් ගෙන නැවත නැවත කපත්. කාරම් ජලයෙන් තවරා නැවත නැවතත් කපත්.
511. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්‍රේතලෝකයට ගියේද?”
512. “නිදුකාණෙනි, මම රම්‍යවූ සිත් කළුවූ ගිරිබ්බජ නම්වූ රජගහ නුවර ඉතා බොහෝවූ ධන ධාන්‍යයට හිමියෙක් වීමි.
513. “මෝතොමෝ ඒ මාගේ පෙර ආත්මයෙහි බිරින්ද විය. මෝතොමෝ දියණි විය. මෑ යෙහෙළි විය. මල් ද උපුල් ද අලුත් වූ විලවුන් ද චෛත්‍ය පූජාවට හැරගෙන යන ඈලා මම වැලැක්වීමි. මා විසින් ඒ පාපය කරණ ලදී.
514. “සයානූ දහසක් පමණ වූ අපි චෛත්‍ය පූජාවට නුගුණ කියා වෙන් වෙන් වශයෙන් අතිශයින් ප්‍රේත ලෝකයෙහි පැසෙමු.
515. “අර්හත්වූ බුදුන්ගේ චෛත්‍ය පූජාව පිළිබඳ උත්සවය පවත්නා කල්හි යමෙක් දොස් කියත්ද, ඔවුන් ඒ පිනින් බැහැරයයි දනිව්.
516. “දිවමල් දරන්නාවූ සැරසුනාවූ පුෂ්ප පූජා ඵලය වළඳන්නාවූ සම්පතකින් පිරි පිරිවර ඇතිව එන්නාවූ ඒ මේ දිව්‍ය ස්ත්‍රීන්ද බලව.
517. “ආශ්චර්යවූ අද්භූතවූ ලොමු දැහැගන්නාවූ ඒ විපාක දැක නුවණැත්තෝ ඒ මහා මුනිවූ තථාගතයන් නමස්කාර කරත්.
518. “එසේමැයි ඒ මම මෙයින් ගොස් මිනිසත් බව ලබාගෙන ප්‍රමාද නොවී නැවත නැවත චෛත්‍ය පූජාව කරන්නෙමි.”
ධාතුවිවිණ්ණිකපෙතවත්ථු දසමං.
තුන්වෙනි චුල්ල වර්ගය නිමි.
එහි උද්දානය:-
අභිජ්ජමාන, කොණ්ඩඤ්ඤ, රථකාරී, භුස, කුමාර, ගණිකා (සෙරිණී), ලුද්දකයන් දෙදෙනා ද, පිට්ඨපූජක (කූටවිනිච්ඡයික) ද යන මේ කථාවලින් මේ වර්ගය කියනු ලැබේ.